|
ඒ කාලෙද ඔයාගේ නිව්ඩ් පින්තූර ගත්තේ
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්රශිල්පී හර්ෂ ගේ සිතුවමින්
'මට උඹත් එක්ක මේ වහල යට තවදුරටත් ඉන්න බෑ. මට දැන් උඹ ගැන හිතන්ඩත් ලැජ්ජයි' නිර්මලා කෑගාවය. අම්මා එතරම් කෝප වී සිටින දවසක් මානවී නුදුටුවාය. බොහෝ විට ඇස් පුරා කඳුළු උපයන්නට සමත් අම්මා එලෙස බැන වදිනු ඇසුණු මානවී කිසිත් නොකියා කට පියා ගන්නට තීරණය කළාය. නන්නාඳුනන පිරිසක් විසින් සුජිත්ට පහර දෙන ලදුව ඔහු රෝහල් ගත කොට ඇතැයි මානවීට දැනගන්නට ලැබුණේ රතු වැස්ස ටෙලි නාට්‍යය රූ ගත කරද්දීය. එළිය දර්ශන තලයේ ඇවැසි සියල්ල කලින් සැලසුම් කර තිබිණ. සහාය අධ්යක්ෂවරයා ලෙස සාමාන්‍යයෙන් සුජිත් නිසි වෙලාවලට වැඩ කරන්නෙකි. ඔහුගේ සහායකයන් මෙන්ම නිෂ්පාදන කළමනාකරණ ශිල්පීන් සහ නිෂ්පාදන ද, විිවිධ කටයුතුවලට එකාවන්ව දායක වූවන්ට සුජිත්ගේ අඩුව දැනිණ. සුජිත්ගේ ජංගම දුරකතනයට ඇමතුම් කීපයක් දුන්න ද කිසිවකු එයට පිළිතුරු නොදුන්හ. එබැවින් සෙස්සෝ තම තමන්ගේ රාජකාරි පමණක් නොව සුජිත්ගේ වැඩ කටයුතු ද තමන්ගේ කර ගත්හ. 'සුජිතයට මොකද බං උණේ, ජීවිතේට එහෙම පොල්ලක් තියන්නේ නෑනේ' නිෂ්පාදක ගිවිස ගෙන තිබුණේ චැනලයට නාට්‍යයේ අලුත් කොටස් බාරදීමටය. මානවී ඇතුළු පිරිස දර්ශන තලයට ගෙනාවේ චාමරය. 'සුජිත් නෑ බං. උගේ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ' දර්ශන තලයේ කතාවනු මානවිට ඇසිණ. එහෙත් ඒ ගැන නොවිමසන්නට මානවී වග බලා ගත්තාය. 'සුජිතයා ආගිය අතක් නෑ කියන්නේ' එකියක මානවීට පැවසුවේ පැරණි හාදකම මතක් කරන්නට මෙනි. ඈ එය ගණං ගත් වගක් නොපෙන්වූවාය. රූපගත කිරීමට සැලසුම් සිදු කරන්නැයි යැයි නිෂ්පාදකගේ අණ පැතිරිණ. 'සුජියා එනකම් බලන් ඉන් නැතිව පුළුවන් විධියට වැඩේ ෂේප් කරමු' චාමර ජංගම දුරකතනය කන ඇතිව දුවගෙන ආවේ ඒ අතරය. 'මළකෙළියයි. සුජියා හොස්පිට්ල් එකේ. කවුද ගහලා' දර්ශනය තලය එකවරම වෙනස් වූයේය. තිර පිටපතට රූ ගත කිරීම් කළ ද මේ සියල්ලෝ මනුෂ්‍යයෝය. කැමරාවට එපිට සිටින්නේ ද රඟන්නේ ද මනුෂ්‍යයෝය. ඔවුහු එක්වන්ව වහා යුහුසුලු විය. මේ සියල්ල මැද දර්ශන තලයක කාලය යනු මුදල්ය. රූපගත කිරීම් නිම වූ වහා සංස්කරණයට යැවිය යුතුය. 'පොඩ්ඩකට ෂෙඩුල් එක හදා ගමු. චාමර උඹ මේ සීන් ටික බලාගනිං. මම ටක් ගාල එන්නං' නිෂ්පාදක දර්ශන තලයෙන් එළියට ගියේය. ඒ ඔහු ජිතේන්ද්‍රට එක් වන්නටය. 'උඹට ඊළඟ සීන් එක තියෙනවා නේද?' නිෂ්පාදක ඇසුවේය. 'බම්බුවේ සීන් එක. මට මෙහෙම කරන්ඩ බෑ. ඌ අපේ බොක්ක වගේ. ටක් ගාලා බලලා එමු' ජිතේන්ද්‍ර දර්ශන තලයෙන් පැන රථයට ගොඩ වුණේ බලෙන් මෙනි. මෙබඳු අවස්ථාවක කාටත් හුරු ජිතේන්ද්‍රගේ මුහුණ ප්රයෝජනවත්ය. ඔහුගේ මුහුණ දකින බොහෝ දෙනා අවේලාවෙන් බැහැරව රෝහලට ඇතුළත් කරන්නට බාධාවක් නොකර ගනිති. චාමර දර්ශන තලය ඊළඟ රූගැන්වීමට සැලසුම් කළේය. 'අපි ජිතේන්ද්‍ර අයියා එනකම් ඊළඟ සීන් ගමු. මානවී එනවාද?' මානවී උන්නේ දර්ශන තලය ළඟ පුටුවක වාඩි වී ගෙනය. ඇයට සුජිත් සිහිවිණි. එහෙත් හැඟීම් නොසඟවා සිටින්නට ඇය කැමැතිය. නිතර දෙසවනේ පැළඳි ඉයර් ෆෝන් යුවළ මේ මොහොතේ ඇයට තවත් උපකාරී විය. චාමර කතා කළ අයුරු ඇයට ඇසුණේ නැත. දෙවන වර ඈ ඔහුගේ ඉඟිය දුුටුවාය. ඇය ඉයර්ෆෝනය පසෙකලා ඔහුගෙන් විමසා සිටියේය. 'ඔයා සීන් එකට එනවාද?' 'හා' ඈ දෙවරක් නොසිතුවාය. අලුත් නිළියක රූ ගැන්වීමට පැමිණ සිටින්නීය. ඇය ඉෂාරාය. ඉෂාරා විලියෙන් මෙන් මනාවී දෙස බැලුවාය. තමා ඇය ඉදිරියේ ලොකු නිළියක වැනිය. එයට පැයකට පමණ පෙර ඈ සමඟ මිත්රවන්නට උත්සාහ කළාය. 'නංගි බය වෙන්න එපා' ඈ ඉෂාරා අස්වැසුවාය. දර්ශන තලයට වේලාව ගියේ ඉෂාරා ගේ ආධුනික බව නිසාය. අන්තිමට ඇය හඬන්නට පටන් ගත්තාය. මානවී ඈ පසෙකට කර සැඟවූවාය. ඊළඟ වතාවේ ඈ දර්ශන තලයට එන්නීය. රූ ගැන්වීම් අතරතුර ජිතේන්ද්‍ර ආපසු එන අයුරු මානවී දුටුවාය. ඒ සමඟම රූ ගැන්වීම නතර වූයේ විවේකයක් ගන්නටය. ජිතේන්ද්‍ර මානවී සමීපයට ආයේය. චාමර ද එතැනට පැමිණියේය. ඔහු තිර නාටකය කිහිලි ගන්වා ගෙන සිටියේය. 'ඕක බිම තියලා වරෙන්කෝ. ෂූටිං නැවතිලානේ' බරපතළ තත්ත්වය අස්වසන්නට මෙන් ජිතේන්ද්‍ර පුංචි විහිළුවක් කළේ චාමර අරමුණු කොටගෙනය. 'ඌ බේරිල තියෙන්නේ නුලෙන්' 'හේතුව?' එකෙකු ඇසීය. මානවී එතැනින් ඉවත් වන්නට හැදුවේ මේ කතාව තමාට ඇවැසි නැති යැයි හැඟුණ බැවිනි. මේ මිනිසාව එක දවසක තමා පණ මෙන් විශ්වාස කළාය. පණ මෙන් ආදරය කළාය. ජීවිතයේ වටිනාම වස්තුව කැප කළාය. ඒ සියල්ල ලෝකයට අනාවරණය වූයේ ඔහු අතිනි. ජිතේන්ද්‍ර මානවීට මඟ හරින්නට ඉඩ නොදුන්නාය. 'කියන්ඩ දන්නේ නෑ. ඩ්‍රින්ක් එකක් දැම්මලු. එතන කතාවක් ද දන්නෙත් නෑ' ජිතේන්ද්‍ර මානවීගේ මුහුණ බලමින් පැවසුවාය. 'සුජිත් අයියා මොනවද කියන්නේ' චාමර ඇසුවේ කුතුහලය තවත් අවුස්සන්නට මෙනි. 'ඌ මානවී ගැන ඇහුවා' ජිතේන්ද්‍ර මානවීට ඇසෙන්නට පැවසුවේය. මානවී අසල කාමරයට වැදී දොර වසා ගත්තේය. හැන්දෑවේ මානවී ජිතේන්ද්‍ර සමඟ රෝහලට ගියාය. ඒ අවේලාවේය. රෝහල් දොරටු වසා තිබිණ. ජිතේන්ද්‍රට මෙන්ම මානවිට ද ඔවුන්ගේ මුහුණු වටිනා ආභරණයක් විය. දොර ඇර දෙන්නට හිලව්වට ඔවුන් සමඟ සෙල්ෆියක් ගන්නට සිදු විය. 'දැන් තත්ත්වේ. ඒ තරම් අවුලක් නෑ' හෙදියක් මානවිට පැවසුවාය. සුජිත් රෝහලේ ඇඳ මත දපා තිබිණ. ඔහුගේ හිසේ වෙළුම් පටිය. වැලමිට අසල ද ප්ලාස්ටරයකි. සුජිත් දුටු මානවීට කඳුළු පිරිණ. ඇය සිය අත් බෑගයෙන් ගත් ලේන්සුව මුහුණේ තබා ගත්තාය. අනතුරුව ඈ එතැනින් පිටව යන්නට සැරසිණ. රෝහල් කොරිඩෝවෙන් එළියට බට මානවී ජිතේන්ද්‍රගේ උරහිිසට හේත්තු වී කඳුළු සලන්නට පටන් ගත්තාය. ජිතේන්ද්‍ර කිසිත් පැවසුවේ නැත. ඒ වෙනුවට ඇයට අඬන්නට ඉඩ දුන්නාය. ඔවුන් දෙදෙනා දුටු රෝහලේ කිහිප දෙනෙක්ම ඒ අසලට සමීප වුයේ සිනාමුසු මුහුණිනි. ජිතේන්ද්‍ර හස්ත සංඥාවක් කළේය. ඒ තමන් පත්ව ඇති ව්‍යසනය පෙන්වන්නටය. පසුවදා උදේ නිර්මලා රැකියාවට යන්නට සූදානම් වූවාය. උදෑසන ගෙයි සීනුව නාද වනු ඇසුණි. ඈ දොර විවර කළාය. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නිවස ඉදිරිපිට සිටියේය. 'මිස් මානවී' නිර්මලා බියෙන් මෙන් හිස සැලුවාය. 'අපිට හම්බ වෙන්න පුළුවන්ද' 'ඇයි සර්' 'පොඩ්ඩක් හම්බ වෙන්න ඕන' නිර්මලා ගෙට ගියාය. මානවී සිටියේ සූදානම් වෙමිනි. ඈ එළියට ආවාය. ඇය නිලධාරීන්ට ගෙතුළට ආරාධනා කළාය. ඔවුන් ගෙයි වාඩි වූයේ නිවස සිසාරා පරික්ෂාකාරී බැල්මක් හෙළමිනි. 'අපි ආවේ පුංචි ස්ටේට්මන්ට් එකක් අරගන්න. අර හොස්පිට්ල් එකේ ඉන්න සුජිත්ගේ ඉන්සිඩන්ට් එක ගැන තොරතුරු ටිකක් දැනගන්න' 'සුජිත් හොස්පිට්ල් එකේ?' නිර්මලා එකවරම විමතියෙන් ඇසුවාය. පොලිස් නිලධාරිනිය ඈ දෙස බැලුවාය. 'ඇයි සුජිත්ව දන්නවාද?' 'ඔව්' එතැන් පටන් ප්‍රශ්න කිහිපයක්ම ඇසිණ. ඒ එකක්වත් පහරදීමට සම්බන්ධ හෝඩුවාවක් නොවූවා සේ පොලිස් නිලධාරින්ට හැඟුණි. 'සුජිත්ට තරහකාරයෝ?' පොලිස් නිලධාරියා ඇසුවේය. 'දන්නා තරමින් නෑ' පොලිස් නිලධාරිනිය මානවී සමඟ තනිව කතා කළ යුතු බැවි පැවසුවාය. මානවී හිස වැනුවාය. ගෙයි කාමරයක වැදුණු ඈ මානවී සමඟ කතාබහ පටන් ගත්තාය. 'මෙහෙම අහන එක වැරදියි. ඒත් ඔය ළමයා රටේ දන්න කියන ප්‍රසිද්ධ කෙනෙක්. මේවා මීඩියාවලට නිව්ස්. ඒ හින්දයි අපි ඔය ළමයව හම්බ වෙන්න ආවේ' මානවී නිසොල්මන්ව අසා සිටියා. 'ඔයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණාද?' 'ඔව්' 'ඒ කාලේද ඔයාගේ නිව්ඩ් පින්තූර ගත්තේ' මානවී තිගැස්සුණාය. කවර උත්තරයක් දිය යුතු ද යන්න ඈ මොහොතක් සිතා බැලුවාය. පොලීසිය පැමිණ ඇත්තේ හෝඩුවාවක් පසුපසය. 'ඔව්' ඈ ඇත්තම පැවසුවාය. 'ඒ සම්බන්ධය කැඩුණේ ඇයි?' 'ඒ පින්තූර ඉන්ටනෙට් එකට දාලා මට ආරංචි වුණ හින්දා' මානවී ඉකි බිඳිමින් පැවසුවාය. පොලිස් නිලධාරිනිය මොහොතක් බලා සිටියාය. අනතුරුව ඇය මොහොතක් මානවීගේ සුරතින් අල්ලාගෙන සිටියාය. 'තරුණ කාලේ ආලෙන් අන්ධ වුණාම ඔය වගේ මෝඩ වැඩ කරනවා. සමහර විට ජීවිත කලේම ඒකට විඳවන්න වෙනවා. මොනවා හරි වුණොත් අපි විස්තරයක් දැනගන්න එන්නම්. ඔයා කලබල වෙන්න එපා' නිලධාරිනිය පිටත්ව ගියාය. පොලීසියේ සපත්තු හඬ ඈත්ව යනු මානවිට ඇසිණි. අවසානයේ දොර වැසෙන අයුරු ද ඇයට ඇසිණ. ඊළඟ මොහොතේ ඈ දුටුවේ තමා ළඟට පැමිණි අම්මා අත් බෑගය පැත්තකට විසි කරන අයුරුය. |