|
ඇසට කඳුළු ගෙනා සෙලීනා සහ ඕඩ්රි
සෙලිනාගේ රිවයිවල් සංචාරය මේ දිනවල සිදු කෙරෙනවා. ඒ අතරේ දී සෙලීනාගේ සුවිශේෂි රංගයක් දකින්න අවස්ථාව ලැබුණා. ඒ වයස අවුරුදු හයක රසිකාවක් සමඟින්. ඇය ඕඩ්රි නැතිරි. අස්ථි දියවීමේ රෝගයකින් පෙළෙන ඇය ෆ්ලොරිඩාහි සෙලිනාගේ ප්‍රසංගයට පැමිණ සිටියා. වේදිකාව අසල සිටි පුංචි ඕඩ්රි ලද ආරාධනාවක් අනුව වේදිකාවට පැමිණ සුම්බා නර්තනයක් ඉදිරිපත් කළා. සෙලිනාත් ඇය සමඟින් නර්තනයේ යෙදුනා. මේ නර්තනය දැකලා ඕඩ්රිගේ අම්මා හොඳටම ඇඬුවාලු. දැන් හැමෝම කියන්නේ සෙලීනාගේ ප්‍රසංගය නටන අයට හොඳ තැනක් කියලයි.
ජේ. ලෝ සමඟ අයිස් ඒජ් දරුවන්ට
ජෙනිෆර් ලෝපේස් කියන්නේ හොලිවුඩයේ විවිධ අංශ රැසකින් දක්ෂතා රැසක් දැක්වූ කලාකාරියක්. නිළියක් විතරක් නෙවෙයි ලේඛිකාවක්, නිෂ්පාදකවරියක්, ගායිකාවක්, මෝස්තර නිරූපිකාවක් මෙන්ම ගීත රචනයෙනුත් ඇය තම හැකියාවන් දක්වනවා. සමහර දවස්වලට ඇය කෑගහලා අඬනවාලු. විවිධ දේ ගැන සිතන විට ඇයට මේ විදියට ඇඬුම් එනවාලු. ඒ කියන්නේ දුකට වගේම සතුටටත් ඇය අඬනවාලු. ගායක මාර්ක් ඇන්තනි සමඟ විවාහයෙන් ඇයට මැක්ස් සහ එමා නමින් දියණියක සහ පුතෙකු සිටිනවා. මොන වැඩේ තිබුණත් ජෙනිෆර් මේ දරුවෝ දෙන්නා වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරනවාලු. ඇය නිවසේ සිටින කාලයෙන් වැඩි ප්‍රමාණයක් මේ දෙන්නා සමඟින් සෙල්ලම් කරන්න වෙන් කරලා. දරුවෝ නිසා වැඩි ඈතක රූගත කිරීම්වලටවත් යන්නේ නැතිලු. මේ මාසයේදී තිරගත වෙන්න නියමිත අලුත් ‘අයිස් ඒජ්’ චිත්‍රපටයේ ෂීරා නම් චරිතයට කඬ කවන්නේත් ඇය යි. මීට පෙර 2015 වසරේදී තිරගත වූ ‘අයිස් ඒජ්’ චිත්‍රපටය තුළත් ඇයගේ හඬ හඳුනා ගන්න මේ පුංචි දරුවන් දෙදෙනාට හැකි බව ජෙනිෆර් කියනවා. “මගේ දරුවන් දෙදෙනා එක්ක බලන්න පුළුවන් දැනට මම දායක වූ එකම චිත්‍රපටය වෙන්නෙත් අයිස් ඒජ්” ඇය පවසනවා.
කම්මැළි රැජන
‘ටේල් ඔෆ් ටේල්’ චිත්‍රපටයේ රැජනගේ චරිතයට පණ පෙව්වේ සල්මා හයේක්. දැන් ඇයගේ වයස අවුරුදු පනහකටත් කිට්ටුයි. ආත්ම විශ්වාසය තියෙනවා නම් වයස වුණත් මේ වගේ චරිත හොඳින් කළ හැකි බව සල්මා පවසනවා. නමුත් ඇතැම් අවස්ථාවල තමන්ගේ සිරුරේ හැඩය නැති වී ඇති බව සිතමින් කම්පා වූ බවත් ඇය පවසනවා. සමහර දවස්වලට මම හොඳින් ඉන්නවා. එහෙම නැති වුන ගමන් සුන්දරව සිරුර හදාගන්න කැප වෙනවා. චිත්‍රපටයට විතරක් නෙවෙයි කාන්තාවක් වුණාම පුද්ගලික ජීවිතයටත් රැජනක් වෙන එකයි වඩා වැදගත් බව ඇය පවසනවා. ඒ වෙනුවෙන් උදෑසන අවදි වී තමන්ගේ වැඩ තනිවම කරගන්න පුරුදුවීම අත්‍යාවශය බව ඇයගේ අදහසයි. ඒ වුණත් පුද්ගලික ජීවිතයේ රැජනක් විදියට තමා ටිකක් කම්මැළි වැඩි බවත් සල්මා පවසනවා.
ඇලන් වූඩි කේට් වින්ස්ලට් තෝරා ගනී
සම්මානනීය අධ්යක්ෂ ඇලන් වූඩි ගේ ඊළඟ චිත්‍රපටයට ප්‍රධාන නිළිය ලෙසින් තෝරා ගෙන තියෙන්නේ කේට් වින්ස්ලට්. කොහොම වුණත් ඇය සමඟින් වූ සාකච්ඡා තවමත් පැවැත්වෙනවා. වයස අවුරුදු අසූවක් වන ඇලන් වූඩි විසින්ම මෙම චිත්‍රපටයේ තිර පිටපත ලියන බව තමයි ආරංචි වෙන්නේ. හැබැයි තවම චිත්‍රපටයට නමක් නම් යෝජනා කරලා නැහැ. ඒ වගේම මොන වගේ කතා පුවතක්ද යන්නත් ප්‍රසිද්ධ නැහැ. කේට්ගේ වෘත්තිය නිළි ජීවිතයට දැන් වයස අවුරුදු විස්සක්. ඇයගේ වයස අවුරුදු හතළිහක්. ඒ වගේම ඇය මීට පෙර වූඩිගේ චිත්‍රපටයකට දායක වෙලා නැහැ. කේට් මේ දවස්වල කෝලැටරල් බියුටි නම් චිත්‍රපටයට දායක වෙමින් සිටින්නේ. එහි ඇය රඟපාන්නේ විල් ස්මිත් සමඟින්.
ඉන්ඩියානා ජෝන්ස් නැවත එයි
ත්‍රාසජනක වික්‍රමාන්විත චිත්‍රපට මාලාවක් වන ‘ඉන්ඩියානා ජෝන්ස්’ අසූව දශකයේ සිට වර්තමානය දක්වාම ඉහළ ජනප්‍රියත්වයක් උසුලන්නට සමත් වී තිබෙනවා. 1981 වසරේදී Raiders of the Lost Ark චිත්‍රපටයෙන් ඇරඹි ඉන්ඩියානා ජෝන්ස් 1984 වසරේදී Temple of Doom නමින්ද, 1989 වසරේදී The Last Crusade සහ 2008 වසරේදී Skull නමින් ද තිරගත කෙරුණා. 1992 සහ 93 වසර වලදී The Young Indiana Jones Chronicles නමින් රූපවාහිනි කතා මාලාවකුත් නිර්මාණය කෙරුණා. මේ අතරින් Temple of Doom රූ ගැන්වූයේ ලංකාවේදී යි. එහි අපේ නළු ඩී. ආර් නානායක්කාර, රූබි ද මැල්, දෙනවක හාමිනේ ආදීන් චරිත නිරූපණය කළා. මෙහි වික්රමාන්වික ගවේශක ඉන්ඩියානා ජෝන්ස්ගේ චරිතයට පණ පෙව්වේ ජනප්‍රිය නළු හැරිසන් ෆෝඩ්. දැන් අලුත්ම ආරංචිය වෙන්නේ ඉන්ඩියානා ජෝන්ස් 5 වැන්න නිර්මාණය කිරීමට සූදානම් වන බවයි. ඩිස්නි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි බොප් ඊගර් කියන විදියට පස්වැන්නෙන් පසුව ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවට තවත් නිර්මාණ එකතු කරන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒ වෙනුවෙන් ස්ටාර්වෝස් වගේ වෙනම විශ්වයකුත් නිර්මාණය කරන්නත් සූදානමක් තියෙනවා. ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ පළමුවැන්නේ සිට සිව්වැන්න දක්වාම අධ්‍යක්ෂණය කළ ස්ටීවන් ස්පිල්බර්ග් තමයි පස්වැන්නත් අධ්‍යක්ෂණය කරන්නේ. 2019 වසරේ ජූලි මාසයේදී එය ලොවපුරා තිරගත කරන්නත් නියමිතයි.
|