|
රොබෝවරුන් සිනමාවට එයි
‘සිංහාවලෝකනය’, ‘සුරංගනා ලොවින් ඇවිල්ලා’, ‘ස්පන්දන’ සහ ‘ආකර්ෂා’ යන සිනමා කෘති නිම කරමින් එකිනෙකට වෙනස් චිත්‍රපට අධ්‍යක්ෂණයේ තම හැකියාව පිළිබිඹු කළ සුනෙත් මාලිංග ලොකුහේවා පළමුවරට ‘හාස්‍ය’ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම ‘3 වරක් 3’ චිත්‍රපටයෙන් උත්සාහ ගනියි. තම ‘තෙවන’ සිනමා නිෂ්පාදනය ලෙස මෙම සිනමාපටය වෙනුවෙන් ප්‍රධාන නිෂ්පාදනයෙන් දායක වන්නේ ජගත් එම්. යාපාය. පස්වන සිනමා නිර්මාණයෙන් නවක නිෂ්පාදකයින් දෙදෙනෙක් වන රජන්ත ජයසිංහ සහ ඉරෝෂන ගයාන් වීරකෝන් සම නිෂ්පාදකයින් ලෙස හඳුන්වා දෙයි.
ඊටත් පසුව එවැනි උගුල්වලට අසුවන්නේ රෙහාන්ගේ මවය. ඇය සමහර අවස්ථාවල රෙහාන්ගේ කෑම පිඟාන සමඟ වලක වැටී පැය ගණනක් සිටියි. නිතර නිතර මෙසේ සිදු වීම නිසා රෙහාන්ගේ පරික්ෂණාගාරය ඔහුගේ මව වන චාන්දනීට මහා හිසරදයකි. රෙහාන්ගේ පියාගේ සහෝදරයා වන පාලිත සහ ඔහුගේ බිරිඳ සමුද්‍රා නගරයේ පදිංචිව සිටින්නේ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන දිනුලි සහ ෂනුක සමඟයි. එක් දිනක රෙහාන්ගේ සීයාව රාත්‍රියේ පිරිසක් විසින් පැහැරගෙන යයි. සීයාගේ නිවස අසලම පිහිටා ඇති රෙහාන්ගේ නිවසේ සිටින්නන් මේ පිළිබඳ දැන ගන්නේ පසුදා උදෑසනයි. තම පියාගේ අතුරුදන් වීම ගැන දැනගන්නා පාලිත තම බිරිඳ සහ දරුවන් සමඟ සීයාගේ නිවසට එති. වැඩිහිටියන් පොලීසියේ සරණපතද්දී ළමුන් තිදෙනා ඔවුන්ගේම පරික්ෂණයක් ආරම්භ කරන්නේ රෙහාන්ගේ මූලිකත්වයෙනි. ළමුන් තිදෙනා සීයාගේ නිවසේ නැවතී සිටින රාත්‍රියක කවුරුන් හෝ ඇතුල්වීමට උත්සාහ ගන්නා අතර ළමුන්ගේ නිර්භීත නමුත් හාස්‍ය උපදවන ක්‍රියාන්විතයක් නිසා එය වැළකෙයි. මේ අතර සීයාව පැහැර ගත් විකී ඇතුළු පිරිස ප්‍රධාන බැංකු මංකොල්ලකරුවෝය. ටිටු සහ බොනී යන තම සගයන් දෙදෙනා සමඟ බොහෝ බැංකු ප්‍රමාණයක් කොල්ල කා ඇති වීකී, සීයාව පැහැර ගන්නේ ඔවුන්ගේ බැංකු මංකොල්ලයක් සඳහා යොදා ගත හැකි රොබෝවන් තිදෙනා සීයා ළඟ සිටින බැවිනි. විකීගේ මාමා සමඟ එංගලන්තයේදී සීයා විසින් මෙම රොබෝවන් තිදෙනා නිර්මාණය කරනු ලැබ ඇති අතර, මෙවැනිම නීති විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් යොදා ගැනීමට විකීගේ මාමා උත්සාහ කළ බැවින් සීයා ඔහුව එංගලන්ත පොලීසියට අල්ලා දී රොබෝවන් තිදෙනා රැගෙන ලංකාවට පැන තිබේ. විකී, ටිටූ සහ බොනී යන තිදෙනාව පොලීසියෙන් දිගටම සොයන බැවින් ඔවුන් තිදෙනාට දැන් දැන් බැංකු මංකොල්ලයන් සඳහා යාමට හැකියාව අඩු වෙයි. ඒ සඳහා මේ රොබෝවන් යොදා ගැනීම විකීගේ අරමුණ වෙයි.
රොබෝවන් තිදෙනා සමාන්‍ය රොබෝ තාක්ෂණය ඉක්මවා ගිය තාක්ෂණයකින් නිපදවා ඇති තිදෙනෙකි.
රූකඩයක්, අලංකාර බෝනික්කෙක් සහ දඩයම්කරුවෙක් වන ස්වරූපයෙන් නිමවා ඇති මෙම රොබෝවන්
තිදෙනා පාලනය කරන දුරස්ථ පාලක පැනලයේ ඇති විශේෂ බොත්තම එබූ සැණින් තිදෙනා සාමාන්‍ය
මිනිසුන් තිදෙනෙකු බවට පත් වන්නේ ඔවුන් ඇඳ සිටින ඇඳු සීයාගේ අතුරුදන්වීමට චාන්දනී, පාලිත සහ සමුද්‍රා පොලීසියේ පිහිට පතද්දී රෙහාන්ගේ මූලිකත්වයෙන් ළමුන් තිදෙනා සීයාගේ පරික්ෂණාගාරයේ සඟවා ඇති රොබෝවන් තිදෙනා සොයා ගනියි. සීයාගේ පරික්ෂණාගාරයෙන් රොබෝවන් සොයා ගැනීමට එන මැර කල්ලිය එක් අවස්ථාවක තනිවමත් පසුව රොබෝවන් තිදෙනා සමඟත් ළමුන් තිදෙනා මුහුණ දෙති. දෙමාපියන්ගෙන් රොබෝවන් වසං කර ගෙන සීයාව සොයා ගැනීමට ළමුන් ගන්නා උත්සාහය අසාර්ථක වන්නේ, විකී විසින් සාමාන්‍ය දුරස්ථ පාලකයට වඩා බලවත් දුරස්ථ පාලකයන් සීයාව බිය වද්දා නිර්මාණය කරගෙන රොබෝවන් පැහැර ගන්නා බැවිනි. වාසනාවට ‘බාබි’ ලෙස ළමුන් හඳුන්වන බෝනික්කාගේ බැටරි බැස තිබීම නිසා විකීට පැහැර ගත හැකි වන්නේ රොබෝවන් දෙදෙනෙක් පමණි. ළමුන් තිදෙනා බාබි සමඟ සුපිරි වෙළෙඳසැලක සිටිද්දී ළමුන් විසින් නම් යෙදූ අනෙක් රොබෝවන් දෙදෙනා වන ‘රූ’ සහ ‘දඩා’ මෙම වෙළඳසැල මංකොල්ල කෑමට පැමිණෙයි. විකී, ටිටූ සහ බොනී වෙළඳසැල සිට පිටතින් පාලනය කරන බැවින් මෙම අවස්ථාවේ බාබි ද එම දුරස්ථ පාලකයේ ග්‍රහණයට හසුව අනෙක් රොබෝවන් දෙදෙනා සමඟ පැන යයි. ළමුන් ඔවුන් පසුපස යාමෙන් සීයා සඟවා ඇති ස්ථානය සොයා ගනියි. සීයා සඟවා සිටින ස්ථානයේ විශාල ප්‍රදේශයක යම් බැංකුවක ආකෘතියක් සාදා එම බැංකුව මංකොල්ලකෑමට රොබෝවරුන් තිදෙනාව විකී ඇතුළු මැරයින් තිදෙනා පුහුණු කරති. බැංකුව මංකොල්ලකෑමට නියමිත දිනයේ ළමුන් තිදෙනා සීයාව බේරා ගනී. ඔවුන් අත ඇති දුරස්ථ පාලකයේ බලය වැඩි කිරීමෙන් බැංකුව මකොල්ල කෑම වැළැක්වීමට සීයා සමඟ උත්සාහ කරයි. බැංකුවෙන් පිටත සිට දුරස්ථ පාලක දෙකකින් පාලනය වීම නිසා රොබෝවන්ගේ ක්‍රියකාරිත්වය විටෙක ආක්‍රමණශීලී සහ විටෙක මිත්‍රශීලී වෙයි. චිත්‍රපටයේ අවසානය කුමක් වනු ඇතිද?
|