අයියා මල්ලි වාගේ
අයියා මල්ලි වාගේ

පත්තිනි චිත්‍රපටය හින්දා පූජා උමා ශංකර්ගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වෙලා. ඇය එහි
රඟපාන කණ්නගී චරිතයට ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවාලු. ඉතින් පූජාට මේ හින්දා උත්සව
සඳහා ලැබෙන ආරාධනාත් වැඩි වෙලාලු. ඇයට දෙරණ සම්මාන උළෙලට ආරාධනා ලැබිලා. ඇය
සුරංගනාවියක් වගේ සැරසිලා එයට සහභාගි වෙලා. එහිදී පූජා දැක්කලු ජැක්සන් ඇන්තනිගේ
රුව ඈතින් තියෙනවා. ජැක්සන් ඇන්තනි පූජා එක්ක ගොඩක් නිර්මාණවලට දායක වුණානේ. ඇය
දුවලා ගිහින් ආ ජැක්සන් අයියා කියලා කතා කරලා. ඒත් සමඟම පූජාට කියවුණාලු ජැක්සන්
අයියේ රැවුල නෑනෙ කියලා. ඒත් සමඟම පූජා දැක්කලු ජැක්සන් වෙන පැත්තක ඉන්නවා. ඇය
එතකොට තමයි තමන් මෙච්චර වෙලා කතා කළේ කාත් එක්කද කියලා දැනගත්තේ. ඒ ජැක්සන්ගේ මල්ලි
සුදත් ඇන්තනි. පුජා ජැක්සන් කියලා රැවටිලා තිබුණේ ඔහුට. සුදත් රැවුල වවපු කෙනෙක්
නෙවෙයි. හැබැයි ජැක්සන්ගේ කපාපු පළුව. ඉතින් පුජා වුණත් රැවටෙන එක අහන්නත් දෙයක්යැ.
වෙච්ච දේට පූජාටත් හිනා. සුදත් කියන්නේ ජැක්සන් වගේම නළුවෙක්. ඔහුත් ඉන් ටු
පැරඩයිස් කියන විදෙස් චිත්‍රපටයේ රඟපෑවා.
|