|
||||||||||
මෙවර කාන් උලෙළේ සම්මාන ලද්දෝ
69 වැනි කාන් සිනමා උලෙළ පසුගිය 22 වැනිදා අති උත්කර්ශවත් අයුරින් නිමාවට පත් වූයේ පැල්මා ඩී’ඕර් සම්මානය කෙන් ලෝච් අධ්‍යක්ෂණය කළ I, Daniel Blake චිත්‍රපටයට හිමිකර දෙමින්. මෙවර සම්මාන උලෙළ කාන් සිනමා ඉතිහාසයේ දීර්ඝතම සාකච්ඡාවලින් යුතු වූ සම්මාන උලෙළ බව ජුරියේ අදහස විය. එසේම එහි කාන්තා අධ්‍යක්ෂවරියන්ගේ සහභාගීත්වය ඉහළ අගයක් ගැනීම ද විශේෂිතය.
ගෝන් ෆ්‍රී සම්මානය - It's Only the End of the World -ෂේවියර් ඩෝලන්
ඇඩිලේට සම්මාන පිට සම්මාන
බටහිර සංගීත ලෝකයේ තරු බබළන බිල්බෝඩ් සම්මාන රාත්‍රිය උදා වුණෙත් පසුගිය 22 වැනිදාටය. ලාස්වේගාස්හිදී පැවැත් වුණු එම සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම කලාකරුවා වුණේ බ්‍රිතාන්‍ය ජාතික ගායිකා ඇඩ්ලේ. ඒ විතරක් නොවෙයි හොඳම ගායිකාව මෙන්ම හොඳම ගීත එකතු අතරේ පළමු ස්ථානය හිමි වුණේ ඇයගේ ‘25’ ගීත එකතුවට. හොඳම ගායකයා වුණේ ජස්ටින් බීබර්. හොඳම රැප් කලාකරුවා වුණේ ඩ්‍රෙක්. නවක කලාකරුවා ලෙසින් පිදුම් ලැබුවේ ෆෙටී වැප්. හොඳම කණ්ඩායම ‘වන් ඩිරෙක්ෂන්’. ලොව වටා යන හොඳම කලාකරුවාට හිමි සම්මානය පිරිනැමුණේ ටේලර් ස්විෆ්ට් වෙතය. වර්තමානයේ ජාත්‍යන්තර මට්ටමෙන් සංගීත ක්ෂේත්‍රෙය් ජනප්‍රිය තරු රැසකගේ සහභාගිත්වයෙන් ඉතාම උත්කර්ශවත් අයුරින් පැවති මෙවර උලෙළේදී පසුගියදා වියෝ වූ පොප් තරුව ප්‍රින්ස් වෙනුවෙන් යාඥා කළේ මැඩෝනා සමඟින් ස්ටීව් වොන්ඩර්.
|
||||||||||