|
පිට දීප දේශ ජය ගත්තා ලක්ෂ්මී බායි1932 වන විට නිහඬ චිත්‍රපට මෙන්ම පසුව විදේශීය චිත්‍රපට ආගමනයත් සමඟ නාට්‍ය ශාලා චිත්‍රපට ශාලා බවට පත්වන වකවානුවක ටවර් ශාලාව එතෙක් පුරා වසර විස්සක නාට්‍ය කේන්ද්‍රස්ථානය ලෙස පැවතියද, ටවර් චිත්‍ර නෘත්‍ය ශාලාව ලෙස චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ද යෙද විය. එල්පින්ස්ටන් ටවර් සහ පැලස් තියටර් අයත්ව තිබුණේ මදන් නෘත්‍ය සමාගමටය. මෙම චිත්‍රපට ශාලාවල සිංහල නාටක පෙන්වන්නට ලැබුණේ සිකුරාදා රාත්‍රී 9.30 දර්ශණය පමණි. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් එල්ල වුණු තර්ජනය ද නොතකා සිංහල නාට්‍යකරුවන් අතරද තරඟයක් පැවතිණී. 1932 ජනවාරි 07 දා රෑ 9.30 ට ආර්ය සිංහල නාට්‍ය සභාව ඔලිම්පියා නෘත්‍ය ශාලාවේදී ඇනී බොතේජු හා ටී. පී. අල්මේදා රඟපෑ 'සාලිය කුමරු හා අශෝකමාලා' නාටකය ප්‍රදර්ශනය කළ අතර ජනවාරි 08 දා රත්‍රී 9.30 ට ලංකාවේ එක්සත් නාට්‍යකරුවන්ගේ සමාජය විසින් ලක්ෂ්මී බායි හා රෙජිනා පෙරේරා රඟපාන 'අශෝකමාලා' නාට්‍යය පෙන්වන ලදී.
1913 අප්‍රේල් 08 වෙනි දින කළුතර නෑබොඩ ප්‍රදේශයේ දරුවන් තිදෙනකුගෙන් යුත් මුස්ලිම් පවුලක වැඩිමල් දියණිය ලෙස උපත ලබන කයිජා, රන්වන් පැහැති දේහයකින් ද කාන්තිමත් දෙනෙතකින් ද යුතු හුරුබුහුටි සුරූපී ළදැරියක වූවාය. ඇයට බාල එක් සහෝදරයකු ද පසුව ඇයගේ භද්‍ර යෞවනයේදී තවත් බාල සහෝදරියක ද ලැබුවාය. කුඩා කයිජාගේ අසල්වාසී නිවසේ රංගනයට ගායනයට හපන් ද්‍රවිඩ නාටිකාංගනාවක් විසුවාය. ඇය නමින් සන්දානා චඩ්ඩු වූවාය. ඇයගේ සැමියා ද ද්‍රවිඩ නාට්‍ය නිෂ්පාදකවරයකු විය. සන්දානා සිය මධුර මඬින් ගීිත ගායනා කරන අයුරු කුඩා කයිජා බලා සිටියේ බලවත් ආශාවකිනි. සන්දානාගේ නිවසේ නිතර සංගීත බජව් සාජ්ජ පැවැත් වූ අතර ආහාරපාන සමඟ මධුවිත ද නොඅඩුව පැවතිණි. කයිජාගේ පියා සිය ආගමට පටහැණි දේ පිළිකෙව් කළ අතර කුඩා කයිජාට අසල්වැසි සන්දානාගේ ඇසුර සපුරා තහනම් කළේය. සුරාවට මෙන්ම දුම් පානයට ද ලොල් වූ සන්දානාගේ රංගන ගායන කෙරෙහි වශීකෘතව සිටි කයිජා දැරිය ද්‍රවිඩ කතගේ නිරන්තර මුදල් අවශ්‍යතා සපුරාලමින් සිය කණ කර පවා මවුපියනට හොරෙන් ඇයට ගලවා දුන්නාය. එවැනි පරිත්‍යාගයන් පියාට සැල වූ විට පියා කයිජාගේ පාද පිලිස්සුවේය. තවත් වරෙක දඬුකදේ ගැසුවේය. කාන්තාවන් රැඟුම් ගැයුම්වල නිරතවීම කයිජාගේ පියාගේ මතයට අනුව ඉතා පහත් ක්‍රියාවක් විය. එකල බහුතර මතය වූයේ ද එයයි. එහෙත් ඒ කුමන බාධා පැමිණිය ද කයිජාගේ පූර්ණ කැමැත්ත යොමු වූයේ එම කලාවන් කෙරහිමය. 'මට අකුරු උගන්නන්න මගේ දෙමව්පියෝ නොගත්ත උත්සාහයක් නැහැ. නමුත් මගේ හිත නිතර ඇදී ගියේ සංගීතයටයි. එදා ඉගෙනීමට විරුද්ධ වූ මට අදටත් අකුරක් කියවන්නවක් ලියන්නවත් පමණක් නොවෙයි, අත්සන් කරන්නවත් බැහැ(1984 ජනවාරි 16 සරසවිය) එහෙත් ඇය ටවර්හෝල් යුගයේ බැබළුණු තාරකාවන් අතර අග්‍ර රාජිනියක ලෙස වසර 40 ක් අඛණ්ඩව බැබළුණාය. සිය ගණනක් වූ නාට්‍යවල ප්‍රධාන භූමිකා රඟපෑ අතර දහස් ගණනක් නාට්‍ය ගීත සජීවීව සහ ග්‍රැමෆෝන් තැටි සඳහා ගායනා කළාය. ඇය මේ සියල්ල කළේ අසා ගබඩා කරගත් මතකයෙනි. 'මම මුස්ලිම් ආගම ඉගෙන ගත්තෙත් නැහැ. මගේ හිත ගියේ බුද්ධාගමට. මගේ හිත පිරුණේ සිංහල ජාතික හැඟීම්වලින්. ඇය පසුකාලීනව රැඟු දේශානුරාගී භූමිකා සහ ගැයූ දේශාභිමානි ගායනා මතින් රසික ප්‍රේක්ෂක දනන්ගේ ආගමික ජාතික හැඟීම් පුබුදුවාලීය. ඇය කුඩා අවදියේ බොහෝ දඟකාරකම් කළේ සියුමැළි දැරියක ලෙස නොව දඩබ්බර කොලුවක ලෙසය. ඇයගේ එම දඟකාරකම් මුස්ලිම් දැරියකගෙන් කෙලෙසකවත් අපේක්ෂා කළ නොහැකිය. සන්දානාගේ සැමියා නිෂ්පාදනය කළ නාට්‍යයක රඟපෑම සඳහා කයිජා දහතුන් වෙනි වියේදී එම නාට්‍ය කණ්ඩායම සමඟ මන්නාරම බලා පිටත්ව ගියාය. එම නාට්‍යය 'සදරම්' නම ටීටර් එකක් වූ අතර එහි නිත්‍ය කල්‍යාණිගේ චරිතය නිරූපණය කරමින් කයිජා වේදිකාවේ රංගන චාරිකාව ඇරඹීය. මන්නාරමේ මෙම නාට්‍ය ප්‍රදර්ශනයේ යෙදී සිටියදී සිරුර පුරා වැලදුණු චර්ම රෝගයක් හේතුවෙන් ඇයව වහාම නැවත නිවසට ගෙන්වා ගන්නා ලදී. නිවසේ සිට කළ ප්‍රතිකාරවලින් සුව වූ සැණින් නාට්‍ය රංගනයේ යෙදීමේ බලවත් උවමනාවකින් පසුවෙන සමයේ කයිජාගේ හැකියාවන් ගැන පැහැදුණු ගවුස් බායි නමින් ප්‍රකාට නාට්‍ය නිෂ්පාදකවරයකු ඇයගේ දෙමව්පිය අවසරය මත කුරුණෑගල රඟදැක් වූ ඔහුගේ දෙමළ නාට්‍ය නිෂ්පාදනවල රඟපෑම සඳහා කැඳවාගෙන ගියේය. එම සියලුම නාට්‍යවල ප්‍රධාන චරිත සඳහා ඇයට රඟන්නට ලැබුණි. ටික කලකදී එවැනි නාට්‍ය කණ්ඩායමක් තමා විසින්ම පිහිටුවා ගත් අතර ඇය නිර්මාණය කරගත් නාට්‍යය මුලින්ම රඟ දැක් වූයේ අම්බලන්ගොඩ ලක්ෂ්මී ශාලාවේදීය. එවක බොහෝ නාට්‍ය මෙන්ම අනෙකුත් සංදර්ශන රඟ දක්වන ජනප්‍රිය ශාලාවක් වූ මෙහි පසෙක තවත් ව්‍යාපාරයක යෙදුණු ඇඩ්මන් නමැත්තෙකු නාට්‍ය රඟ දක්වන අතරතුර විරාම කාලයේදී සිංහල නාට්‍ය කොටසක් රඟ දක්වන ලෙස ඉල්ලා සිටියේය. එම අදහස කාලෝචිත බව වටහා ගත් කයිජා ඒ අදහස පිළිගෙන සිරි බුද්ධගයා, සාදු දන්ත ධා වැනි ගීත රචනා කළ වින්සන්ට් වීරසේකර හා සුද්දා නැමති' ගැටවරයකු හා එක්ව 'රොමියෝ ජුලියට්' නාට්‍යයේ ජවනිකාවක් රඟ දක්වන ලදී. සුද්දා, ජුලියට් වූ අතර රොමියෝ වූයේ කයිජාය. එලෙස තවත් දිනක ද්‍රවිඩ නාට්‍යය අතරතුර 'සිවම්මා ධනපාල' නාට්‍යයේ ජවනිකාවක් රොමානිස් පෙරේරා හා ටී. පී. අල්මේදා සමඟ රඟපෑවාය. ටී. පී. අල්මේදා හා රොමානිස් ඒ වන විට ටවර්හෝල් කරළිය ජයගත් ප්‍රසිද්ධ නළුවන් වූ අතර ඔවුන් රඟපෑ ටවර්හෝල් නූර්ති නාට්‍ය ගම් දනව්වල ශීඝ්‍රයෙන් ප්‍රදර්ශනය විය. ටී. පී. අල්මේදාගේ යෝජනාවකට අනුව එම සිංහල නාට්‍ය රඟ දක්වන අතරතුර එම විරාමයේදී කයිජා ගීත කිහිපයක් ගායනා කිරීම ඇරඹුවාය. ඇඳුම් පැළඳුම්වලට දැඩි ඇල්මක් දැක් වූ කයිජාගේ එම ගීත ගායනා වෙනුවෙන් අල්මේදා විසිතුරු වස්ත්‍රාභරණ සහ ඇඳුම් ලබා දුන්නේය. පසුව ටී. පී. අල්මේදාගේ මඟ පෙන්වීම අනුව කයිජා අගනුවරට පැමිණ ටවර්හෝල් හි ආර්ය සිංහල නාට්‍ය සභාවට එක් වූයේ එවක ටවර්හෝල් හි හිමිකරු මෙන්ම කළමනාකරු ලෙස කටයුතු කළ එඩ්මන් සෙනෙවිරත්න ඇතුලු සෙසු නාට්‍යකරුවන්ගේ ඉහළ පිළිගැනීමකට ලක් වෙමිනි. එහෙත් කයිජා වූ ඇය එතැන් පටන් ලක්ෂ්මී බායි වූවාය. එවක පටන් සිරිසේන විමලවීර, ඕගන් රුදිගූ ආදී නාට්‍යකරුවන්ගේ නාට්‍ය සිය ගණනක ස්ත්‍රී සහ පුරුෂ භූමිකාවලට ජීවය දෙමින් යුගයක ප්‍රධාන නිළි රාජිණිය බවට පත් වූවාය. ලක්ෂ්මී බායි ටවර්හෝල් නාට්‍ය රංගනයට පිවිසෙන්නේ වර්ෂ 1928 දීය. ඇයගේ දින 40 ක් වයසැති කුඩා නැගණිය වූ උම්මු සල්මාව ද වඩාගෙනය. ප්‍රථම වරට ටවර් ශාලාවට පිවිසුණු ලක්ෂ්මී බායි එම නැගණිය ද පසුව ක්‍රම ක්‍රමයෙන් නූර්ති නාට්‍ය කලාවට යොමු කළාය. දේවි සකුන්තලා (මෙම ලිපි මාලාව ආරම්භ වූයේ ඇයගෙනි) ලෙස ටවර්හෝල් නාට්‍ය ඉතිහාසයට පසුව එක්වන්නේ එම නැඟණියයි. 1932 වන විට නිහඬ චිත්‍රපට මෙන්ම පසුව විදේශීය චිත්‍රපට ආගමනයත් සමඟ නාට්‍ය ශාලා චිත්‍රපට ශාලා බවට පත්වන වකවානුවක ටවර් ශාලාව එතෙක් පුරා වසර විස්සක නාට්‍ය කේන්ද්‍රස්ථානය ලෙස පැවතියද, ටවර් චිත්‍ර නෘත්‍ය ශාලාව ලෙස චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ද යෙද විය. එල්පින්ස්ටන් ටවර් සහ පැලස් තියටර් අයත්ව තිබුණේ මදන් නෘත්‍ය සමාගමටය. මෙම චිත්‍රපට ශාලාවල සිංහල නාටක පෙන්වන්නට ලැබුණේ සිකුරාදා රාත්‍රී 9.30 දර්ශණය පමණි. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් එල්ල වුණු තර්ජනය ද නොතකා සිංහල නාට්‍යකරුවන් අතරද තරඟයක් පැවතිණී. 1932 ජනවාරි 07 දා රෑ 9.30 ට ආර්ය සිංහල නාට්‍ය සභාව ඔලිම්පියා නෘත්‍ය ශාලාවේදී ඇනී බොතේජු හා ටී. පී. අල්මේදා රඟපෑ 'සාලිය කුමරු හා අශෝකමාලා' නාටකය ප්‍රදර්ශනය කළ අතර ජනවාරි 08 දා රත්‍රී 9.30 ට ලංකාවේ එක්සත් නාට්‍යකරුවන්ගේ සමාජය විසින් ලක්ෂ්මී බායි හා රෙජිනා පෙරේරා රඟපාන 'අශෝකමාලා' නාට්‍යය පෙන්වන ලදී. එකම කතා පුවත විවිධ රචකයින් විසින් වෙන වෙනම නාටකයට නංවා තිබීම ද මෙහි කැපී පෙනෙන ලක්ෂණයකි. 1932 චිත්‍රපට ප්‍රදර්ශන අභියෝගය හමුවේ ටවර්හෝල් නාට්‍ය රඟ දැක්වෙන සමයේදී ඉන්දියාවෙන් නාට්‍යකරුවන් ගෙන්වා ඔවුන් ලවා රැඟුම් ගැයුම් දැක්වීම වාදන පැවැත්වීම සිදු කළ අතර එලෙස පැමිණි බොහෝ ඉන්දියානු නළු නිළියෝ එවකට ඉන්දියනු චිත්‍රපට ලෝකයේ බැබලුණු තරු වූ සුලෝචනා, මානි, සලු, ගොහාර් කලිල්, රාම්පියාරි, රාජ් කුමාරි, සරලා, බැසීර්, නවීන්චන්ද්‍රා, බජාර්භට්ට,සීබ්‍රානිස්සා, මිසහිරා, ලලිතා බායි, ප්‍රමාතා බෝස්, නුර්ජහාන්, මෝනා, ආනන්ද බායි, අරතී දේවි, ශ්‍රී නිවාසන්, ජමුනා, නීලම්, බොපත්කාර් ආදීහු වූහ. මොවුන් ගිත ගායන සහ නැටුම් ඉදිරිපත් කළහ. සංගීතය සඳහා මයිසූර් ශාස්ත්‍රාලයෙන් පුහුණුව ලැබූ බැංගලෝර් සංගීත සභාවේ වාසුදේව ද පැමිණ සිටියහ. ලංකාවෙන් සහභාගි වුවන් අතර ජේ. එච්. සාදිරිස් සිල්වා (ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා), බී. එඩී ද සිල්වා (එඩී ජූනියර්ගේ පියා), එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් ආදී සංගීතඥයන් ද ලක්ෂ්මී බායි, විමලා ජයසිංහ ආදී ගායිකාවෝ ද පර්සි පෙරේරා ආදී නර්තන ශිල්පීහුද, ටී. පී. අල්මේදා හා පොඩි අප්පුහාමි වැනි රංගන ශිල්පීහු ද වූහ. 1932 ජනවාරි 22 දා රත්‍රී 9.30 ට ටවර් නෘත්‍ය ශාලාවේදී ලංකාවේ එක්සත් නාට්‍ය මණ්ඩලය 'කවට අන්දරේ' නාටකය රඟ දැක් වූයේය. එහි කවට අන්දරේ ලෙස එම්. රොමානිස් පෙරේරා ද, පද්මිණී ලෙස ලක්ෂ්මී බායි ද රඟපෑහ. 1932 ජනවාරි 29 දා ටවර් හි ප්‍රදර්ශනය කළ 'සිවම්මා ධනපාල' හී ධනපාල ලෙස රොමානිස් පෙරේරා ද සිවම්මා ලෙස ලක්ෂ්මී බායි රඟපෑහ. එම වසරේ පෙබරවාරි 14 දින රඟ දැක්වුණු 'සුභයා' නම් නව සිංහල නාටකයේ රඟපෑවේ ලක්ෂ්මී බායි හා ලිලී ගුණවර්ධනය. 1932 ඔක්තෝබර් 21 දින රාත්‍රී 9.30 ට ටවර් හී සුප්‍රසිද්ධ 'ඉන්දර් සභා' නම් පාර්සි නාටකය ඉන්දියානු සහ සිංහල නළු නිළියන් එක්ව රඟපෑ අතර සුල්තානා නම් සුප්‍රසිද්ධ නිළිය ගුල්පාම් ලෙසත් ලක්ෂ්මී බායි සබ්සාපාරි ලෙසත් රඟපෑහ. මෙය සුවිශේෂ අවස්ථාවකි. සී. දොන් බස්තියන් මහතාට පළමුවරට 'රොලිනා' නාට්‍යය නිර්මාණය කරන්නට නිමිත්ත වන්නේ භාරතයේ සිට මෙරටට පැමිණි බලිවාලා ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම 1877 මැයි 26 දා ප්‍රථම වතාවට රැකට් කෝට් හී පොල් අතු මඩුවේදී ප්‍රදර්ශනය කළ අතිශය ජනප්‍රිය භාවාතිශය ගීත නාටකයක් වූ 'ඉන්දර් සභා' නටාකයයි.
|