|
තාරුණ්‍යයේ සිනමා අරුණැල්ල මලිත් හෑගොඩ කුලුඳුල් සිනමා නිර්මාණයජීවිතය පිළිබඳ වෙනස් පැතිකඩක් ගැන කියන අපූරු සිනමා නිර්මාණය
ලාංකේය නාගරික මධ්‍යම පාන්තික තරුණ බිරියක වන දිනිති ඇගේ සැමියා සචිත්ර හා පවතින විරසකයක් සමනය කර ගැනීමට නිරන්තර වෙර දරයි. නමුත් ඔහු දිගින් දිගටම දඬුවම් කරන විලාසයකින් ඇය මඟහරින අතර ඔවුන් අතර මත ගැටුම නිහඬ උභතෝකෝටිකයක් දක්වා වර්ධනය වෙයි. අට හැවිරිදි ඔවුන්ගේ දියණිය ද මේ සියල්ල මධ්‍යයේ සිටී. ඔවුන්ගේ දෙමාපියන් ද මේ විරසකය සමනයට උත්සාහ කරති. දිනිති තවදුරටත් රැකියාවක නොයෙදෙන අතර ගේ දොර වැඩ කටයුතු පමණක් ඉෂ්ට කරයි. ඇය නිවසින් පිටව යන්නේ සචිත්රගේ අනුදැනුම යටතේ පැමිණෙන ටැක්සි රියදුරකු සමඟය. නිවාඩුවට ඔවුන් අතරට එන ළාබාල ඥාති සොහොයුරා සංඛ හා මේ රියදුරා ද සමඟ දිනිති දක්වන්නේ ඉතා කුළුපඟ සම්බන්ධයකි. දිනක් සචිත්රගේ වාහනය නවතා තිබෙද්දී සිදුවන අනතුරකින් ඔවුන්ගේ සබඳතා යළි නව මානයක් කරා ගමන් කරයි. සචිත්ර හා දිනිතිගේ කුටම්භ ජීවිතය වටා ගෙතුණු කුතුහලය දනවන අපූරු සිදුවීම් මාලාවේ අවසන් ඉරණම කෙබඳුදැයි ඔබට දැක ගත හැකි වෙන්නේ ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටය නැරැඹූ පසුවය.
රංගන ශිල්පීන් - සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, ප්‍රසන්න මහගමගේ, දිල්ෂානි පෙරේරා, කෞෂල්‍යා ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, කුශෙන්යා සයුමි ෆොන්සේකා, අතුල පතිරණ, නදී කම්මැල්ලවීර නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න පළමු සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල දෙවන සහාය අධ්‍යක්ෂණය - චාමර චින්තක සේලාර කලා අධ්යක්ෂ - මංජුල අයගම ඇඳුම් නිර්මාණය - චිරන්ති මල්ලිකාරච්චි, ආලෝක සම්පත්, ජයම්පති ගුරුගේ වේශ නිරූපණ - ප්‍රියන්ත දිසානායක සංගීතය - රුවන් වල්්පොල
කැමරා හැසිරවීම - චින්තක සෝමකීර්ති හඬපට නිර්මාණය සහ ශබ්ද පරිපාලනය - සශික රුවන් මාරසිංහ සංස්කරණය - මලිත් හෑගාඩ කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල සම නිෂ්පාදනය - රසාංග දිසානායක, මොහොමඩ් ඇඩමලි නිෂ්පාදනය - ලාල් හෑගොඩ, මලිත් හෑගොඩ තිර රචනය - බූපති නලින් වික්‍රමගේ අධ්‍යක්ෂණය - මලිත් හෑගොඩ
සම්මාන හෙට දවසේ වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි අධ්යක්ෂ - දෙරණ සිනමා උලෙළ - 2016 අධ්යක්ෂවරයකුගේ ප්‍රථම සිනමා නිෂ්පාදනය සඳහා පිරිනැමෙන සම්මානය - 2015 ගෝල්ඩන් සිනෙත් සම්මානය සඳහා නිර්දේශිත - මොන්ට්රිියල් සිනමා උලෙළ කැනඩාව ගොල්ඩන් හැමෝමාන් නාම යෝජනා ඉන්දුනීසියාව - ජෝගාජා නෙට්පැක් සහභාගිත්වය මොන්ට්‍රියල් ලෝක උලෙළ - 2014 බීඑෆ්අයි ලන්ඩන් සිනමා උලෙළ - 2014 යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල - 2015 ටස්මීර් සෙටල් සිනමා උලෙළ - 2015 ජෝගාජා ජාත්‍යන්තර සිනමා උලෙළ
|