වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සෙල්ෆි වැස්සක්

සෙල්ෆි වැස්සක්

හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ආදරණීය කතාවක් සිනමාපටය තිරගතවීමට නියමිතයි. ළඟදී දවසක එම සිනමා සිතුවමේ විශේෂ දර්ශනයක් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වුණා. අනෙක් නළු නිළියෝ කෙසේ වෙතත් හේමාල් නම් මෙයට ඇවිත් හිටියා. චිත්‍රපටය නරඹන්න ආරාධනා කරලා තිබුණේ ක්ෂේත්‍රයේ ඉන්න සහෘදයන්ට. ඒ අය චිත්‍රපටය නැරැඹුවේ ඉතාම උද්යෝගයෙන්. හේමාල්ගේ රංගනය ගොඩක් දෙනෙක් එදා පැසසුමට ලක් කළා. වැඩේ කියන්නේ මෙතෙක් හේමාල් එක්ක ෆොටෝ නොගත් බොහෝ දෙනා ඔහුත් එක්ක එදා සෙල්ෆි ගත්ත එක. හේමාල්ට බේරෙන්න නම් ලැබුණේ නැහැ. එකක් යන්න එකක් සෙල්ෆි වදිනවා. සෑහෙන වෙලාවකට පසුව එතැනින් ගැලවුණ හේමාල් එදා අපිට කිව්වේ ජීවිතයේ ප්‍රථම වතාවට සෙල්ෆි වැස්සකට හසු වුණා කියලා.