වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




කාටත් පාඩමක්

කාටත් පාඩමක්

අද වගේම පූජා උමා ශංකර් ගැන සටහනක් මේ පිටුුවේම පසුගිය දිනෙක පල වුණා. එහි අප සඳහන් කළේ ඇය තමන්ගේ චිත්‍රපටයක් තිරගත වෙන කොට ඒ සඳහා ඇය කරන කැපවීම ගැන. අද කාලේ බොහෝ නළු නිළියන්ගෙන් දැකිය නොහැක්කක් ඒක.

පූජා පිළිබඳ ලියවුණු කතා කියවලා අපට තකහනියක් අර්ජුන කමලනාත් කතා කළා. ඔහු ඇයගේ ඒ ගතිගුණය අගය කළා. මෙහිදී අප තව දෙයක් සඳහන් කරන්නට කැමැතියි. මොනවා වුණත් අර්ජුන කමලනාත් කියන කෙනාත් ඒ වගේ තමයි. තමන්ගේ චිත්‍රපටයක් තිරගත වෙද්දී ඒ වෙනුවෙන් පවත්වන මාධ්‍ය දර්ශනයට පවා ඔහු එනවා. ඉතින් අර්ජුනත් හොඳ ගතිගුණ ඇති කෙනකු බව කියන්න ඕනෑ. නිෂ්පාදකවරයා කතා කර කර වාත වෙවී ගෙන්වන්න ඕනෑ වෙන්නේ නැහැ අර්ජුනව. ඔහුම එනවා.