වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk  ඔස්සේ නැරඹිය හැකිය

අත බේරාගෙන රූගත කළ දිමුතු ගේ එක වරක් මාව හමුවෙලා

 

එක වරක් මාව හමු වෙලා

එක වරක් මාව හමු වෙලා

යනවා නම් අද ඔයා

ඔබ නමින් විඳින දුක මෙමා

මුල ඉඳලා කියනවා

මට වාව ගන්න බෑ පෙර දිනේ දැවටිලා

ඔබ කීව පෙම් කතා තුරුලේ නැවතිලා

හැරදා ගියත් ඔබ මා දමා

අදටත් ඔබේ මම පෙම්වතා

මම තවම දන්නෙ නෑ වෙන් වුණේ ඇයි කියා

ඔබ මගෙ තුරුලේ රහසින් ඉගිලිලා

මොන දේ කළත් තරහින් ඔයා

අදටත් ඔබේ මම පෙම්වතා

 

ගායනය - දිමුතු තරංග

පද රචනය - සජිත් වී. චතුරංග

සංගීතය - ගයන්ත විජේරත්න

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ගයන්ත විජේරත්න

මියුසික් වීඩියෝවේ නළු නිළියන් - මාධව විජේසිංහ සහ විනු සිරිවර්ධන

 

මෙය දිමුතුගේ දෙවැනි මියුසික් වීඩියෝවයි. මාතර පදිංචි ඔහු මේ වන විට වෘත්තීමය ගායකයෙක් සහ රංගන ශිල්පියෙක්. සුන්දරයි චන්දරේ, වීනාවි, රිදී තාරකා ආදී නාට්‍ය ගණනාවක ඔහු චරි'ත රඟපා තිබේ. මෙම වීඩියෝව රූගත කරද්දී දිමුතුගේ අත වාහනයකට යට වන්නට ගියාලු. අනූ නවයෙන් තමයි ඔහු බේරිලා තියෙන්නේ. එය දිමුතුට කවදාවත් අමතක වෙන්නේ නැති බව ඔහු කිව්වා.


සිය වසක් පැරැණි යුද සයිකලයක සචිත්‍ර පිත්ත අතහැර සිංදු කියයි

කලකින් දැනුනේ සතුටක් අහම්බෙන් වගේ

වින්දා ඔබගේ මහ මෙර තරම් ආදරේ

වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ

වෙනසක් වෙන්නෙපා තිබෙන තෙක් පණ මගේ

ආවේ මතුබවේ ඉඳලා දැනෙන නෑකමේ

හුරුවක් තිබුණා මතකයි හුස්මටත් අපේ

පාඩමක් වගේ වචනෙන් නොහඟවා සෙනේ

තේරුම් කෙරුවේ ඔබමයි ජීවිතේ මගේ

වටිනා ඔබගේ...

කලබලෙන් ඔහේ හිතුවක්කාරයෙක් වගේ

දුවනා හැඟුමන් ඔබමයි හිස් තැනක් කළේ

මුතු මැණික් නැතේ වටිනාකමට සම ඔබේ

දෙනෙතෙන් වින්දා ලැබුණා දෙව් දුවක් ලොවේ

වටිනා ඔබගේ...

 

ගායනය - සචිත්‍ර සේනානායක

පද රචනය - සඳුන් පෙරේරා

සංගීතය - ෂෙනාල් මද්දුමගේ

නිෂ්පාදනය - යෂාන්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ඩිමන්ත බාලසූරිය

මියුසික් වීඩියෝවේ රඟපෑ නළු නිළියන් - සචිත්‍ර සමඟ ශානි

 

 

සචිත්‍ර සේනානායක කියන නම ඇහෙද්දී අපට මතක් වන්නේ ගායකයෙක්ව නොව ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව. ඔහු වඩාත් ප්‍රකට ඒ ක්ෂේත්‍රය තුළයි. නමුත් සචිත්‍රට ගායන හැකියාවක් තිබෙනවා. එය මනාව වටහා ගත් ඔහුගේ ළබැඳි මිත්‍ර යෂාන් තමයි ගීතයක් ගයමු කියලා සචිත්‍රට ආරාධනා කරලා තියෙන්නේ. ඒ ආරාධනාව ලැබෙද්දී ඔහු ඉඳලා තියෙන්නේ එංගලන්තයේ ප්‍රන්ත තරගාවලියකට සහභාගි වෙමිනි. එදා සචිත්‍ර වැඩේට හා කියලා තියෙන්නේ වැඩිය හිතන්නේ නැතුව. ලංකාවට පැමිණි විගස ගීතය රූගත කරලා. ඒ සඳහා අවුරුදු සියයකටත් වඩා පැරැණි යුද මෝටර් බයිසිකලයක් යොදාගෙන තිබෙනවා. එය පැදගෙන යන්නට සචිත්‍ර ඇතුළු පිරිසට පුදුමාකාර විදිහට මහන්සි වෙන්නට සිදු වුණාලු. දින දෙකක් තිස්සේ කොළඹ, මාලඹේ අවට මේ ගීතය රූගත කොට තිබෙනවා.