|
|
පුබුදු චතුරංගට ප්‍රශ්න මාලාවක්
ඔය වර්ගීකරණය හරි විකාරයක්
‘සක්කාරං’ - පොඩි හාමු - ‘ජූලි හතයි’ - කළු මල්ලි ගැන පුබුදු චතුරංග කතා කරයි
මගේ ජීවිතයේ මං ලබපු භාග්‍යවන්ත අත්දකීම් දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි ජෝ අබේවික්‍රම මහත්තයත් එක්ක ඕ.සී.අයි.සී සම්මාන උලෙළේදී හොඳම නළුවාට නිර්දේශ වීම. පතිරාජ මහත්මයාගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීමයි අනෙක් අවස්ථාව. ඇත්තෙන්ම ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ප්‍රබල අත්දැකිමක්. කුඩා කල පටන් මා පතිරාජයන්ගේ නිර්මාණ දැක්කේ ඉතා දියුණු තත්ත්වයේ නිර්මාණ හැටියටයි. මා ඔහුව වරෙක අධ්‍යයනයක නියැලුණා. එතකොට මං පතිරාජයන්ව දැකලා තිබුණෙත් නැහැ. ඔහු නළුවන් මෙහෙයවන අන්දම ඉතාම විශිෂ්ටයි. ඔබ ජූලි හතයි ගැන කතා කළේ නැහැ? මං සක්කාරං ගැන කියාගෙන එතනට තමයි එන්න හිටියේ. ජූලි හතයි ගැන කතා කළොත් මෙහෙමයි. මං එහි කළු මල්ලි. 'ජූලි හතයි' ලෝ ප්‍රකට වේදිකා නාට්‍යයක පරිවර්ථනයක්. අපි කට්ටිය එකතු වෙලා කරපු පර්යේෂණාත්මක සිනමා කෘතියක් ලෙස ජූලි හතයි හඳුන්වා දෙන්න පුළුවන්. සක්කාරං පොඩි හාමු චිත්‍රපටයට ඉතාම සුවිශේෂී චරිතයක්? සක්කාරං ඓතිහාසික සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුවක්. පොඩි හාමු කියන්නේ කොළඹ ගිහින් ඉගෙන ගෙන ගමට එන තැනැත්තා. ඔහු තුළින් තමයි මෙරට සිදුවන සංස්කෘතික විපර්යාසය නිරූපණය වන්නේ. කළු මල්ලි ඊට හාත්පසින් වෙනස්. පොඩි හාමුයි කළු මල්ලියි අහසයි පොළවයි වගේ? හරියට හරි. කළු මල්ලි කියන්නේ ගෝත්‍රිකවාදී පිරිමියෙක්. එක අතකින් හරිම සරලයි. ඒත් ඒ තුළ රඟපාන්න දෙයක් තියෙනවා. පුබුදු චතුරංගට හැම වර්ගයේම චරිත ලැබෙනවා. බලාගෙන ගියාම නව පරපුරේ අතලොස්සක් වූ චරිතාංග නළුවන් අතරින් ඔබ පෙරමුණේ ඉන්නවා? මට සෑම වර්ගයකම චරිත ලැබෙනවා. මං රඟපාන්නෙ ඒ ඒ චරිතවල අමු ද්‍රව්‍ය හොයාගෙන. මේ හේතුවෙන් නිර්මාණකරුවෝ දන්නවා මට චරිතයක් දුන්නොත් එය තුළට බැහැලම කරනවයි කියලා. ගැඹුරු චරිතයක් නම් එහෙමයි. සරල, කොමඩි චරිතයක් නම් ඒත් එහෙමයි. අප රට තුළ ජනප්‍රිය සිනමාවේ නළුවන් සහ කලාත්මක සිනමා නළුවන් යනුවෙන් බෙදීමක් තියෙනවා. ඔබ කියන්නේ ඔබ ඒ දෙතැනම නියෝජනය කරනවා කියන කාරණයද? ඔව්. මට ඔය දෙතැනම ඔට්ටුයි. හැබැයි මං කැමැති නැහැ ඔය වගේ වර්ගීකරණයක් කරනවට. බටහිර සිනමාවේ එසේ නැහැ. උදාහරණයක් විදිහට මාලන් බ්‍රැන්ඩෝව ගත්තොත් ඔහු ගෝඩ් ෆාදර් වගේ චිත්‍රපටවලත් රඟපෑවා, සුපර් මෑන්ගේ චරිතයත් කළා. ජොනී ඩෙප් කියන නළුවත් එහෙමයි. අපේ රට තුළ තිබෙන ඔය වර්ගීකරණය හරි විකාරයක්. චරිතාංග නළුවකු ලෙස සිටීමේ රහස කුමක්ද? හැදෑරීම තමයි. එතැනින් එහාට කිසිම රහසක් නැහැ.
ඇතැම් විට ඔය කාරණයට හේතුව ඔවුන්ට අවස්ථාව නොලැබීම. ජනප්‍රිය නළුවට නිතරම ලැබෙන්නේ එකම ආකෘතියක චිත්‍රපට. ඔවුනට ඒවා රඟපානවා හැරුණු කොට වෙන කරන්නට දෙයක් නැහැ. ඒක එහෙම වෙලා තියෙනවා. නමුත් මං ඒ ආකෘතියෙහි සිටියේ නැහැ. ඒ කියන්නේ ලැබුණු සෑම චරිතයක්ම ඔබ බාර ගත්තේ නැහැ? කිව්වට විශ්වාස කරන්න, මං මගේ පළමු චිත්‍රපටය රඟපාලා දෙවැන්නට ආරාධනා ලැබෙන කාලය අතරතුරදී මට ලැබුණු ටෙලි නාට්‍ය හතළිස් දෙකක් ප්‍රතික්ෂේප කළා. මං ඒවා සියල්ල බාර ගත්තා නම් මමත් එකම ආකෘතියකට කොටු වෙච්ච නළුවෙක් වෙනවා. මට ඕනෑ වුණේ සෑම අන්තයක්ම ස්පර්ෂ වන නිර්මාණයන්ට දායක වෙන්න. එහෙම අරමුණක ඉන්න කොට බොහෝ නිර්මාණ අතහරින්න සිදු වෙනවා. එතකොට ආර්ථිකයට බලපෑමක් නැතිද? කලාව කියන්නේ සල්ලිම නොවෙයි. මං මට ලැබුණු නිර්මාණ ඔක්කොම බාර ගත්තා නම් අද මං තට්ටු ගෙවල් කිහිපයක්ම ගහලා. ඔබ තුළ සිටින නිවේදකයාට වැඩි දෙනෙකු කැමැති නැහැ කියලා ඔබ දන්නවාද? ඔබ කොහොමද එහෙම කියන්නේ? බොහෝ පිරිසක් මගෙත් එක්ක කියලා තියෙනවා ඔබේ නිවේදන කටයුතු ගුණාත්මක මට්ටමක නැහැ කියලා?
ඔබ ක්ෂේත්‍රය අධ්‍යනය කරමින් ගමනක යෙදෙන ආකාරයක් පෙනෙනවා. ඉතින් කෙදිනද ඔබ ඔබගේම නිර්මාණයක් කරන දවස උදා වෙන්නේ? ඒ ගැනත් අධ්‍යනය කරමින් ඉන්නේ. මවිසින්ම පිටපත් දෙකක් ලියාගෙන ඉන්නවා සිනමාවට නඟන්න හිතාගෙන. නමුත් තවමත් නිෂ්පාදකවරයකු හමු වුණේ නැහැ. ඔබ වඩාත්ම කැමැති මාධ්‍ය මොකක්ද? කතා දෙකක් නැහැ සිනමාව සහ වේදිකාව. තව නොබෝ දිනකින්ම ඔබ සිටින අපූරු චිත්‍රපටයක් තිරගත වනවා නේද? ඒකෙ නම මායා. මායා නිර්මාණය වුණේ ත්‍රීඩී තාක්ෂණයෙන්. ප්‍රවේගය කරපු පිරිසමයි මායාත් හැදුවේ. මං ඒ ගැන තව ඉදිරියට කතා කරන්නම්. දැන්මම සියලු දේ කිව්වොත් රසය නැති වේවි. ප්‍රවේගය සහ මායා දමිල චිත්‍රපටයන්හි කොපි. ඇයි එහෙම වෙන්නේ? අලුත් කතාවක් අලුත් තේමාවක් යටතේ චිත්‍රපට නිර්මාණය කරන්න බැරිද? මට ඔය පැනයට දීර්ඝව පිළිතුරක් දෙන්න පුළුවන්. හැබැයි එතකොට වදින තැන්වලට වදීවි. නමුත් මට කරන්නට දෙයක් නැහැ. මේකයි කතාව. ප්‍රවේගය අනුකරණයක් වුණාට කොච්චර ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඒක නැරැඹුවාද. සිනමා ශාලා පිරී ගියා. එතකෙට ඒක හොඳ නැද්ද. කොපි කරනවා කියලා අපිට චෝදනා එනවා. එහෙම නම් වෙනත් රටක පොත් පරිවර්ථනය කිරීමත් කරන්නට බැහැ. නමුත් වසරේ හොඳම පරිවර්ථන කෘතියට සම්මානත් දෙනවා. චිත්‍රපටයක් පරිවර්ථනය කළාම බනිනවා. මොකක්ද මෙතන තියෙන වැරැද්ද. අපි කොපමණ අලුත් නිර්මාණයක් කළත් ඒක ලෝකේ කොහේ හෝ එම සංකල්පය යටතේ නිර්මාණයක් හැදිලා තියෙනවා. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල හොයා ගත්තනෙ. ආයේ ඉතින් කාටවත් විදුලි බුබුල හොයා ගන්න බැහැ. එම ආකෘතිය යටතේ විවිධාකාර වූ විදුලි බුබුලු හැදෙනවා. චිත්‍රපටත් ඒ වගේ තමයි.
|



මේ දිනවල ඔබ සිටින චිත්‍රපට දෙකක්ම තිරගත වෙනවා. ආචාර්ය ධර්මසේන පතිරාජගේ
'සක්කාරං' සහ සංජය නිර්මාල්ගේ ජූලි හතයි?
ඔබ කෙසේ කිව්වත් අප රට තුළ ජනප්‍රිය නළුවට දක්ෂතම කියන සම්මානය ලැබෙන්නේ නැහැ.
දක්ෂතම නළුවට ජනප්‍රියතම කියන සම්මානය නැහැ?
නිවේදනය කියන්නෙ මගේ පාට් ටයිම් ජොබ් එක. නිවේදනය නිවේදකයා කියලා කියන්නේ නැතුව මං
කැමැතියි ඒ තැනැත්තාට පූරකයා කියා හඳුන්වනවාට. ලෝ ප්‍රකට නළුවන් වන සල්මන් ඛාන්,
අමිතාබ් බච්චන් වැන්නවුන් ද පූරකයන්. ඉතිං මං පූරකයකු වීම වැරැද්දක් නෙවෙයිනෙ.