|
|
Hollywoodනළු ජනාධිපති චරිතයට නළුවෙක්
හොලිවුඩ් නළු විල් ෆැරල් නැවතත් විශේෂිත චරිතයක් නිරූපණය කරන්න නියමිතයි. අලුත් චිත්‍රපටයක අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ රොනල්ඩ් රේගන්ගේ චරිතයට පණ පොවන්න සූදානම්. විල් දේශපාලන චරිතවලට පණ පොවන්න ප්‍රසිද්ධයි. මීට පෙරත් ඔහු හිටපු ජනපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ චරිතයට පණ පෙව්වා.
රේගන් නම් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මයික් රොසිලෝ. චිත්‍රපටයේ කතාව ලියවෙන්නේ රොනල්ඩ් රේගන් පදවි ප්‍රාප්තිය දැරූ දෙවැනි සමය පසුබිම් කරගෙනයි. අමෙරිකා එක්සත් ජනපදයේ 40 වැනි ජනාධිපතිවරයා වූ රොනල්ඩ් රේගන් නව දේශපාලන මූලාරම්භයක් සහ දාර්ශනික ප්‍රතිපත්ති සම්පාදනය කරන්න කටයුතු කළා. නමුත් මේ චිත්‍රපටයෙන් නම් කියන්නේ එතුමා ජනපතිකම් කළේ හරියට රංගනයක යෙදෙනවා වාගේ කියලයි. ඒ කොහොම වුණත් ජනපති වෙන්න පෙර රොනල්ඩ් රේගන් හොලිවුඩ් නළුවෙක්. රේගන් චිත්‍රපටය තහනමට ලක් වී ඇති බවත් ඒ නිසාම ජනතාව අතර විශාල ප්‍රසිද්ධියක් ලබා ගන්න සමත් වී ඇති බවත් ආරංචියි.
එහෙම වුණත් මෙහෙමයි
අසූව දශකයේ හොලිවුඩයේ කඩවසම් නළුවෙක් ලෙසින් නම් දිනා ගත් චාලි ෂීන් එච්අයිවී ඒඩ්ස් ආසාධිතයෙකු බව හෙළි වුණා. ඒ උණුසුම යන්නත් කලින් ඔහු පැරණි පෙම්වතියක වූ ස්කොටින් රොස් සමඟින් ගැටුමක් ඇතිකර ගත්තේ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්. ඒ වෙනුවෙන් විභාග කෙරෙැණු නඩුවේදී ඔහු ට රොස් ළඟට යා නොහැකි පරිදි තහනම් නියෝගයක් පනවා තිබුණා. නමුත් පසුගිය නඩු වාරයේදී චාලි ෂීන්ට පනවා තිබූ මේ තහනම ඉහත් කෙරුණා. ඔහු රොස්ට තර්ජනයක් නොවූ බවට අධිකරණය තීරණය කළා. තෙවරක් විවාහ වී සිටින චාලි ෂීන් දරුවන් පස් දෙනෙකුගේ පියෙක්. කොහොම වුණත් දරුවන්ගේ වගකීම් ඉටුකරන පියෙක් ලෙසත් ඔහු ප්‍රසිද්ධයි.
මැරෙනකොට එහෙමයි
පසුගිය සතියේ ලෙව පුරා බටහිර සංගීත රසික රසිකාවන් කම්පාවට පත් කරමින් ප්‍රින්ස් ජීවිතයෙන් සමු ගත්තා. මිය යනවිට ඔහු සතුව තිබී ඇත්තේ පවුම් අසූවක් බව හෙළි වී තියෙනවා. ඒ සමඟින් තවත් කටකතාවක් පැතිර යමින් තියෙනවා. ප්‍රින්ස්ගේ මරණයට හේතුව ඔහු එච්අයිවී වෛරසය සමඟින් සටන් කිරීම බව දැන් පැතිර යනවා. ඒ වෙනුවෙන් ඔහු අධික වශයෙන් වේදනා නාශක භාවිත කළත් නිසි ප්‍රතිකාර ලබා ගෙන නැහැ. ඔහු ජීවත්ව සිටියේ දෙවියන් වහන්සේ උපකාර කරනු ඇත යන විශ්වාසයෙන්. ශරීර ශක්තිය බොහෝ සෙයින් දුර්වල වුණත් ප්‍රින්ස් අවධානය යොමු කරලා තියෙන්නේ දෙවියන්ගේ උපකාරයම ගැන පමණයි.
විකටයෙකුගේ වෙස් මුහුණ
අමෙරිකානු විකට රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් ලෙසත් ප්‍රසිද්ධ කැට් විලියම්ස් පසුගිය දවසක පොලිස් අත්අඩංගුවට පත් වුණා. කැට් කළ වරද වුණේ අවන්හලට කඩා වැද කෝලාහල ඇති කිරීමයි. ඔහු පවුලේ සාමාජිකයන් සමඟ ආහාර ගැනීමට එම අවන්හලට ගිය අවස්ථාවේදීයි මෙම ගැටුම හට ගෙන තියෙන්නේ. ගැටුමට හේතුව මේසයක්. වෙනත් පිරිසක් වෙනුවෙන් වෙන් කර තිබූ ස්ථානයක කැට්ගේ පවුලේ උදවිය අසුන් ගැනීම නිසා ඇති වූ ගැටුමෙන් පසු පොලිසිය එන විට කැට්ගේ තොල් පැලී ලේ ගලමින් තිබුණාලු. ගැටුම් ඇති කර ගැනීම සම්බන්ධයෙන් නම් කැට්හට තියෙන්නේ වාර්තා ගත අතීතයක් බව හොලිවුඩයෙන් ආරංචි වෙනවා. පසුගිය මාසයේදීත් ඔහු පොඩි ළමයෙක් සමඟින් ඇති කරගත් රණ්ඩුවක වීඩියෝවකුත් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.
පිරිමි ගොඩයි ගෑනු අඩුයි
ජීනා ඩේවිස් හොලිවුඩ් සිනමාව අපූරු සඳහනක් කළා. දිනක් තම දියණිය සමඟ රූපවාහිනිය නරඹන විටදී කාන්තා චරිතවලට වඩා පිරිමි චරිත වැඩි බව හිතුනාලු. ඒ ගැන තවත් කල්පනා කරනවිට රූපවාහිනියේ විතරක් නොවෙයි චිත්‍රපටවලටත් සිදු වෙලා තියෙන්නේ ඒ දෙයමයි. එහෙම වෙන එක නම් ඒතරම් හොඳ දෙයක් නෙවෙයි. ඉදිරියේදී චිත්‍රපටවලින් කාන්තා චරිත නැති වෙලාම යයි. මොකද ඇතැම් චිත්‍රපටවල කාන්තා චරිත යොදා ගත්තේ නැතුම බැරිවීම නිසා වගෙයි. ජීනා පවසනවා. මේ වෙනුවෙන් අපූරු වැඩක් කරන්න ඇය තීරණය කරලා. රංගනය වෙනුවෙන් කාන්තා චරිත දායක කරන්න නියෝජිත ආයතනයක් ආරම්භ කළේ මේ ගැටළුවට පිළියමක් ලෙසින්. මේ කතාවට තවත් කෙනෙක් සම්බන්ධ වුණා. ඇය එමා වොට්සන්. හැරි පෝටර් චිත්‍රපට මාලාවේ හර්මයිනිගේ චරිතයට පණ පොවමින් ලොවපුරා ප්‍රේක්ෂක අවධානය දිනා ගත් ඇය දැන් ගත කරන්නේ විසිපස් වැනි වියේ. බොහෝ දෙනෙකුට ප්‍රශ්න පෙන්වන කල් ඒවා තේරුම් ගන්නේ නැති බවයි එමා පවසන්නේ. “කවුරුන් හෝ පුරුෂ පක්ෂය වගේම කාන්තා පක්ෂයක් සමානව දායක වූ සිනමා නිර්මාණයක් විකුණනවා නම් ඒක බොරුවක්” එමා පවසනවා.
|









