|
|
මම වගේම දුවත් නැඟී එන නිළිය සම්මානය දිනා ගත්තා
ගීතා කාන්ති ජයකොඩි
1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි
සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත්
සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී එදා සිට අද දක්වා සරසවිය සම්මානයෙන්
ඇගයුම් ලද්දෝ සොයා යන ගමනයි.
සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූවන් සොයා යන ගමනේදී තවත් නැඟී එන නිළියක් හමු වුණා. ඇය කලා ලොවේ සුවිශේෂි චරිතයක්. ගුවන්විදුලියෙන් ඇගේ හඬ පෞරුෂය ගුවන පුරා විහිදුවාලද්දි වේදිකාව මතද ඇයටම අනන්‍ය වූ හැකියාව ගෙනහැර දැක්වූවා. 1987 වසරේ සරසවිය සම්මාන උලෙළේදී නැඟී එන නිළිය ලෙසින් පිදුම් ලබන්න ඇය වාසනාවන්ත වූයේ, ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ප්‍රථම චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ඇය ගීතා කාන්ති ජයකොඩි. ගීතා කාන්ති නැඟි එන නිළිය ලෙසින් සම්මාන ලැබූයේ පූජා චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. සරසවිය සම්මාන උලෙළේ ඔබ සම්මානනීය වූ අවස්ථාව ආයෙමත් සිහිපත් කරමු? මට මගේ රංගන ජීවිතයේ පළමුවෙන්ම ප්‍රධාන චරිතයක් ලැබුණේ ‘පූජා’ චිත්‍රපටයෙන්. ඒ වෙනුවෙන් හොඳම නැගී එන නිළිය ලෙසින් සම්මනයක් ලබන්නත් ඒ සම්මානය සරසවිය සම්මානයවීමත් මගේ රංගන ජීවිතයේ මා ලද විශාල භාග්‍යයක්. ඒ විතරක් නොවෙයි හොඳම නිළිය ලෙසනුත් නාම යෝජනා වෙලා තිබුණා. අනෝජා වීරසිංහ වගේම ගීතා කුමාරසිංහත් යෝජනා වෙලා තිබුණා. හොඳම නිළිය වුණේ අනෝජා. ‘පූජා’ චිත්‍රපටයේ මම නිරූපණය කළ වත්සලාගේ චරිතයේ ලොකු ජවයක් තිබුණා. ඒ වෙනුවෙන් හැමෝගෙන්ම ලැබුණේ යහපත් ප්‍රතිචාරයක්. මුල්ම චිත්‍රපටයෙන් මේ වැනි අවස්ථාවකට නම නිර්දේශවීමත් වටිනවා. සරසවිය සම්මාන උලෙළ ගැනත් ලොකු ආසාවක් මට ඉස්සර පටන් තිබුණා. ජීවරාණි කුරුකුලසූරිය, මාලිනි ෆොන්සේකා සරසවිය සම්මාන උලෙළවල සම්මානනීය වෙනවා මම ආසාවෙන් බලාගෙන හිටියා. සිනමාවට අවතීර්ණ වීම සමඟින්ම සරසවිය සම්මාන උලෙළේ නැගීඑන නිළිය සම්මානය ලැබීම ඒ නිසා මට ගොඩක් වටිනවා.
ක්ෂේත්‍රයට පැමිණි විගස සම්මානනීය වීම සතුටක්. නමුත් මම ගුවන්විදුලියේ වගේම වේදිකා
නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වීම නිසා අලුත් බවක් නම් එතරම්ම දැනුණේ නැහැ. බණ්ඩාරනායක
අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සම්මාන උලෙළ ඉතාම උත්කර්ෂවත්
අයුරින් පැවැත් වුණා.
ඒ වෙනකොටත් ඔබ වේදිකාවේ වගේම ගුවන්විදුලියේත් ජනප්‍රිය චරිතයක්? ගුවන්විදුලියේ එදා හොඳ අවබෝධයකින් යුතු දැනුවත් පිරිසක් හිටියා. ගුවන්විදුලිය හැකියාවට මුල්තැන දුන් තැනක්. ඒ කාලේ මම ජනප්‍රිය වජිරා නමින්. ගුවන්විදුලි නාට්‍යයේ මගේ චරිතය තමයි වජිරා. ඒ එක්කම ‘කැලණි පාලමේ’ සුරංගනි විදියටත් මට ලොකු ජනප්‍රියත්වයක් ලැබිලා තිබුණා. මං සිනමාවට පැමිණියේ ඉන් පසුවයි. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේදීම විජය ධර්ම ශ්‍රීගේ රන් දොරටුව ටෙලිනාට්‍යයේ රංගනය හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබීමත් විශේෂයි. සරසවිය සම්මානය ලැබූ පසු ලද ප්‍රතිචාර? ධර්මසිරි ගමගේ මහත්මයා සුබ පැතුවා. ආචාර්ය ඩී. බී නිහාල්සිංහ මහත්තයා එදා මට සුබ පැතුවේ “ඔයා මාරයි නේ” කියලයි. මගේ සිනමා ජීවිතයේ ගුරුවරයා වුණෙත් එතුමා. සිනමාවේ ඒ වැනි දැවැන්තයෙකුගෙන් පැසසුමක් ලැබීමත් හරියට සම්මානයක් ලැබෙනවා වගෙයි. එතුමාගේ රිදී නිම්නය චිත්‍රපටයේ මට චරිත නිරූපණයට අවස්ථාව ලැබීම ගැනත් මගේ හිතේ තියෙන්නේ විශාල සතුටක්. පූජා චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබුණේ කොහොමද? කැලණි පාලම වේදිකා නාට්‍ය රූගත කරලා රූපවාහිනියේ විකාශය කරන්න කටයුතු යොදලා තිබුණා. එවිට ඒක දැකලා තමයි ධර්මසිරි ගමගේ මහත්තයා මාව පූජා චිත්‍රපටයට තෝරා ගත්තේ. ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. ගුවන්විදුලිය, වේදිකාව වගේම සිනමාව තුළත් මගේ හැකියාවන් දක්වන්න ඒ අවස්ථාව මට ලොකු උපකාරයක් වුණා. රංගන අත්දැකීම ගැනත් කියමු? ජෝ අබේවික්‍රම, අමරසිරි කලංසූරිය වැනි ප්‍රවීණයන් සමඟ මගේ රංගන අත්දැකීම බෙදා ගන්න ලැබීම සතුටක්. රංගනයේදී හමු නොවුණත් දෙබස් කැවීම වැනි අවස්ථාවලදී සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා හමු වුණා. විජය කුමාරණතුංග, නිළි රැජන මාලිනි ෆොන්සේකා වැනි ඒ යුගයේ දැවැන්ත චරිත රැසක් මට ඇසුරු කරන්න ලැබීම වාසනාවක්. පූජා චිත්‍රපටයේ ජෝ මහත්තයා සමඟ රංගනයේ නිරත වුණේ හරිම සැහැල්ලුවෙන්. ඉතාම සරළයි. රඟපෑමක් කියලා දැනුණේම නැහැ. ඉදිරි රංගන කටයුතුවලටත් ලොකු ශක්තියක් වුණේ ඔවුන් ගෙන් ලද ඒ අත්දැකීම් තමයි. නැඟි එන හොඳම නිළිය ලෙසින් ඉදිරි රංගන ජීවිතය සැළසුම්කර ගත්තේ කෙසේද? ඇත්තටම සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසු ඉහළ පෙළේ රංගන ශිල්පිනියක ලෙස ලොකු පිළිගැනීමක් ලැබුණා. නමුත් මට කල්ලියකට වෙන් වුණු චරිත ලැබුණේ නැහැ. හැම වෙලේම හොඳ චරිත ලැබුණා. ඒ චරිතවල තෝරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම ඒ රංගනයන් පවා හැමෝම පිළිගත්තා. පසු කාලීනව පුංචි තිරයේ හොඳ තැනත් ගන්න ප්‍රධාන වුණෙත් එදා සිනමාවෙන් මා ලද සම්මානය යි. සිනමාව ඔබ ඇගයුවත් ඔබ සිනමාවෙත් දුරස් වෙලා කියා හිතෙන්නේ නැතිද?
හැබැයි සමහර චිත්‍රපට මම අතහැරියා නෙවෙයි. නොදැනුවත්කම නිසා මට අතහැරුණා. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ මහගෙදර චිත්‍රපටය එවැනි එක් අවස්ථාවක්. අපේ ගෙදරටම ඇවිත් තමයි එතුමා මට චිත්‍රපටයට ආරාධනා කළේ. ගුවන්විදුලියේ කටයුතු කරන විට නිවාඩු ගැනීම අපහසු කටයුත්තක් වගේම ඉහළ ජනප්‍රියත්වයක් සමඟින් කැලණි පාලම වේදිකා නාට්‍යයේ වේදිකාගත කිරීම් රටපුරා යෙදිලා තිබුණු නිසාත් සිනමාව වෙනුවෙන් වෙන් කරන්න මට ලැබුණු කාලය අඩු වුණා. කොහොම වුණත් වේදිකාවට, සිනමාවට වගේම පුංචි තිරයටත් මගේ ළෙංගතුකම එක වගෙයි. අනික මම සිනමාවම ගැන හිතාගෙන හිටියෙත් නැහැනේ. මම වැඩිය උනන්දුවක් දැක්වූයේ නැතිද කියලත් එක වෙලාවකට හිතෙනවා. අද නම් ඇතැම් අය තමන්ට චරිතයක් නැති නම් තමන්ම චිත්‍රපටයක් හදලා හරි රඟපානවා. නමුත් මට එහෙම කරන්න ඕනිකමක් තිබුණේ නැහැ. හොඳින් නැත්නම් නරකින්, චණ්ඩි රජා, පරාවර්තන, සුදු කළුවර, හෝ ගානා පොකුණ ඇතුළුව චිත්‍රපට පහළොවකට විතර දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. අධ්‍යක්ෂණය ගැන උනන්දුවක් නැතිද? ඇත්තටම අදහස නම් තියෙනවා. අද කාලයේ හැටියට ඒක හරිම අමාරු දෙයක්. සේරටම කලින් නිෂ්පාදක රැක ගන්න වෙනවා. ගුවන්විදුලියේ අත්දැකීම් අනුවත් මගේ ජීවිතයට අත්දැකීම් රැසක් ලැබුණා. විශ්වාසවන්ත පිරිසක් එකතු වුණොත් නම් සාර්ථක නිර්මාණයක් කළ හැකියි.
සිනමා රංගනට පිවිසීමත් සමඟින් සම්මානය ලැබීම සතුටක්. අපේ සිනමාවේ දක්ෂයන් අගයන්න සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම අප ලද වාසනාවක්. සරසවිය සම්මානයක් ලැබීම සිනමාවේ ඉහළම තැනක් හිමි වුණා වගෙයි. ඒ වගේම ඒක කලාකරුවෙකුට ලොකු ආඩම්බරයක්. මං වෙනුවෙන්ම සරසවිය එක සම්මානයක් පිරිනැමුවත් මට තවත් වතාවක් සරසවිය සම්මානයක් ගන්න අවස්ථාව ලැබුණා. ඒ සම්මානයත් නැඟී එන නිළිය වෙනුවෙන් වෙන් වූ සම්මානයක්. මගේ දුව පබෝධාට බහු බූතයෝ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2003 වසරේදී පිරිනැමුණු නැඟී එන නිළියට හිමි සම්මානය ලබා ගත්තෙත් මම. අසනීප තත්ත්වයක් නිසා දුවට එදා සරසවිය සම්මාන උලෙළට සහභාගි වෙන්න නොහැකි වුණා. ඒ නිසා ඒ වටිනා සම්මානයත් ඇය වෙනුවෙන් මා ලබා ගත්තා. මම වගේම දුවත් සරසවිය සම්මානයට පාත්‍රවීමත් ලොකු විශේෂයක්.
|





ඇත්තටම එහෙම වෙන්න එක හේතුවක් වුණේ මම ගුවන්විදුලියේ නිෂ්පාදිකාවක් වීමයි. ඒ නිසා
මට ලැබුණු බොහෝ අවස්ථා අතහරින්න සිදු වුණා. ඒ විතරක්ම නෙවෙයි ඒ දවස්වල වෙනම කල්ලි
තිබුණා. මම ඒ එක කල්ලියකවත් හිටියේ නැහැ. ඒකත් බලපාන්න ඇති. මට ලැබුණේ මාව අව්‍යමයි
කියලා වෙන්වුණු චරිත පමණයි.
රංගන ජීවිතය දෙස ආපසු හැරි බලනවිට මොකද හිතෙන්නේ?