වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වැරැදි පණිවුඩයක්

වැරැදි පණිවුඩයක්

ලයනල් ගුණරත්නගෙන් ඔහුගේ මිත්‍රයකුට කෙටි පණිවුඩයක් ඇවිත් එකේ තිබුණු අදහස කියවලා මිත්‍රයට ෆුල් අවුල්. ලයනල් ඒ මිත්‍රයට හොඳටම බැනලලු ඒ කෙටි පණිවුඩය එවලා තියෙන්නේ. අර යාළුවා දැන් දහ අතේ කල්පනා කරනවලු ඇයි මෙවන් වූ විදිහට ලයනල් තමන්ට බැන්නේ කියලා. මොකද ලයනල් හා ඔහු අතර කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැති හින්දයි ඔහුට එහෙම හිතිලා තියෙන්නේ. බැරිම තැන මිත්‍රයා තිරණය කරලා ලයනල්ට කෝල් එකක් ගන්න. මෙන්න බොලේ අනෙක් අන්තයෙන් ලයනල් ඉතාම සුහදශීලීව කතා කරනවා.

ඉතින් කොහොමෙයි වාසදේසේ?

ලයනල් එහෙම අහද්දී ඒවාට පිළිතුරු දුන් මිත්‍රයා ඇහැව්වා ලයනල් අයියේ ඔයා මට දැන් එස්. එම්. එස්. එකක් එව්වේ ඇයි? ඒකේ මට හොඳටම බැනලා තිබුණෙ.

අ හ් . . . ඒක ගිහින් තියෙන්නේ ඔයාටද. මම ඔයාගේ නමම තියෙන වෙන කෙනෙනකුට ඒක යැව්වේ, සොරි හොඳේ.

ලයනල්ගේ කතාවට මිිත්‍රයාට ඉබේම සිනහ පහළ වුණාලු.

හැබැයි ලයනල් ඒ ගැන දිගින් දිගටම සමාව ඉල්ලුවා.