උපාලි තවමත් අතුරුදන් පරීක්ෂණ විධිමත් කරන්න
උපාලි තවමත් අතුරුදන්
පරීක්ෂණ විධිමත් කරන්න
ඥාතීන්, කලාකරුවන් පොලිස්පතිගෙන් ඉල්ලති

දැනට තෙමසක කාලයක් සිට කිසිදු තොරතුරක් නොමැති ජනපි‍්‍රය නළු උපාලි කීර්තිසේන
පිළිබඳ පරීක්ෂණයන් ඉක්මන් කරන මෙන් ඉල්ලා ලිඛිත ප්‍රකාශනයක් උපාලිගේ ඥාතීන් විසින්
පසුගියදා පොලිස්පතිතුමා වෙත බාරදෙන ලදී. මේ සඳහා සුරේනි සෙනරත්, රත්නසිරි රණසිංහ,
ඩෙන්සිල් ලියනගේ සහ උපාලිගේ සල්ලි නාට්‍ය කණ්ඩායමේ පිරිවර එකතු වී සිටියහ.
මේ වනවිට අතුරුදන්ව සිටින උපාලි පිළිබඳ විධිමත් පරීක්ෂණයක් තවමත් නොපැවැත්වෙන බව
ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙක් සරසවියට පැවසීය.
- ප්‍රසාද්
සිරිතුංග පෙරේරා
පෝරිසාදයකු හදයි
අලුත් අයට ඉඩ

සම්මානනීය නාට්‍යවේදී බී. සිරිතුංග පෙරේරා විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත නවතම
සිනමාපටය පෝරිසාදයා සඳහා නව පරපුරේ නළු නිළියන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදීමට ඔහු
අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් සම්මුඛ පරික්ෂණයක් මෙම මස 08 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ
සුදර්ශී ශාලාවේදී පැවැත්වීමට නියමිතය. සිරිතුංග මෙයට පෙර කන්‍යාවි චිත්‍රපටය
අධ්‍යක්ෂණය කළේය.
පරාක්‍රම “පේ‍්‍රමණීය සිනහවක” ට සැරසේ

කේසේරා අධ්‍යක්ෂණයෙන් පසු පරාක්‍රම ජයසිංහ සිය මීළඟ සිනමා පටයෙහි වැඩ කටයුතු සඳහා
මේ දිනවල සූදානම් වෙයි. එය රොමැන්ටික් කොමඩි ගණයට වැටෙනා චිත්‍රපටයකි. යෝෂිනී
අබේසේකර සහ හානිස් බිලිමෝරියා චිත්‍රපටයෙහි ප්‍රධාන නළු නිළි යුවළයි. තව නොබෝ
දිනකින් කොළඹ අවට පරාක්‍රමගේ නව සිනමා පටයෙහි රූ ගත කිරීම් ඇරැඹෙනු ඇත.
|