වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිවදාසන් පාටක් නැති ආදරයක් මවයි

සිවදාසන් පාටක් නැති ආදරයක් මවයි

සතිශ්-මමෝ-දිල්හානි ප්‍රධාන චරිතයන්ට

වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටයෙහි මුහුරත් උලෙළ පසුගියදා පැවැත්විණ. පාටක් නැති ආදරයක් ලෙසට නම තබා ඇති එය බ්ලූ ඕෂන් එන්ටර්ටෙන්මන්ට් වෙනුවෙන් එස්. තුමිලන්ගේ නිෂ්පාදනයකි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ජයලත් මමෝරත්න, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, බුද්ධික කළිදු, පෝෂිනී නදී කුමාරි, වසන්ති රන්වල, චානක මධුශාන් සමඟ යොහාන් පෙරේරා චරිත මවති. කීර්ති රුවන් ලාල්සන් සම අධ්‍යක්ෂවරයාය. සුජිත් නිශාන්තගේ කැමරා අධ්‍යක්ෂණයකි. සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, බුද්ධික රණසිංහ සංස්කරණයෙන් ද, සරත් විජේසේකර නිෂ්පාදන කළමනාකරණයෙන් ද, සුමිත් හිරාන් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණයෙන් ද පාටක් නැති ආදරයක් සඳහා එක්ව සිටියි. මනෝජ් ලක්සිරිගේ අංග රචනයකි. සුනිල් ධර්මසිරි ගීත රචනා කරයි. සංජීවනී වීරසිංහ, පූර්ණ සචින්ත, මනීෂා චංචලා සහ සතිශ් ලක්ෂාන් පතිරණ ගීත ගායනා කරනු ලබයි.

පාටක් නැති ආදරයක් සිවදාසන්ගේ දස වැනි සිනමා අධ්‍යක්ෂණයයි.

නටන් නැතුව පනහ පනී

කල්‍යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ "නටන් නැතුව දින්නා" චිත්‍රපටය පසුගිය දා සාර්ථක දින පනහ පසු කරන ලදී.

ක්ලීටස් මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, රොඩ්නි වර්ණකුල, රොනී ලීච්, බින්දු බෝතලේගම, මාධි පණ්ඩිතරත්න, දේවින්ද මාකස්, දයාසිරි හෙට්ටිආරච්චි, ආරියසේන ගමගේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. ඒ පාරිස් විසින් නටන් නැතුව දින්නා නිෂ්පාදනයකර තිබේ.