|
|
වරකා චට්නි සිදුවීම නිසා මට පාරේ බැහැලා යන්නත් බරි වුණා
- රණසිංහ සිල්වා
රණසිංහ සිල්වා ටෙලි සහ සිනමා රංගන ශිල්පියෙකි. එමෙන්ම ඔහු කලකට ඉහතදී වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළේය. ජීවිතයේ හුදකලාව මකා ගැනීමේ අරමුණින් කලාවට එක් වූ ඔහු මේ දිනවල විකාශය වන ආදරය ගින්දරක් සහ සබ්බසකල මනා යන ටෙලි සිතුවම් සමඟින් ඔබ හමුවට පැමිණේ.
මම රංගන ශිල්පියකු වන්නට හිතාගෙන සිටි අයෙක් නෙවෙයි. මං ව්‍යාපාර ක්ෂෙත්‍රයේ
හිටියේ. මට ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් තිබුණේ. නමුත් ඒක කරගෙන යද්දී නොයෙකුත් බාධා
ආවා. ඉතින් මට හිතුණා ඒ ගොඩනැගිල්ල වෙන කාට හරි දෙන්න ඕනෑ කියලා. එහෙම කළාට පසුව මම
ගෙදර විවේක සුවයෙන් හිටියේ. එහෙම ඉන්න කොට එපා වෙනවානේ. මම හිතුවා මං ඔව් කිව්වාම එතුමා කිව්වා පෝලිමේ ඉන්නේ නැතිව ගෙදර ගිහින් මෙන්න මෙදින මෙතනට එන්න කියලා. තැනයි වෙලාවයි දුන්නා. ඔහු තමයි ශාන් රත්නායනක කියන නිෂ්පාදක. ඔහුගේ වාසනා වේවා ටෙලි සිතුවමට ගන්නයි මට එන්න කියලා තිබුණේ. එය නාලන් මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක්. මට නාලන් මහත්තයව ශාන් හඳුන්වා දුන්නා. ඔහු මට ඩයලොග් කියන්න දීලා මට චරිතයක් ලබා දුන්නා. එය තමයි මගේ මුල්ම රංගනය. මගේ චරිතය සමරදිවාකර මුදලාලි. මිනිහා පොලීකාරයෙක්. මමත් ඉතින් ඇට්ටි හැලෙන්නම වැඩේ දුන්නා. එදා ඉඳලා මට ගොඩක් ටෙලි නාට්‍ය ලැබුණා. පබලු, අමුතු මිනිස්සු, කුණු දැමීම තහනම්, සිහින අරන් එන්න, සුන්දර චන්දරේ, උතුම් පැතුම්, මලී, සවීණා, සිහින පුරය ඉන් විශේෂයි. දෝනි, මායා. ස්වර, ඇඩ්ඩ්‍රස් නෑ, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, කොස්තාපල් පුඤ්ඤසෝම මං රඟපෑ චිත්‍රපට කිහිපයක්. මේ ක්ෂේත්‍රය බොහොම සුන්දරයි. ඉතින් දිගින් දිගටම මං මෙහි රැඳිලා ඉන්නයි කල්පනාව. මං වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. නමුත් එය වැඩිපුර ප්‍රදර්ශනය කරන්න ඉඩ ලැබුණේ නැහැ. මෑතකාලීනව මං රඟපෑ උතුම් පැතුම් හි චරිතය ගැන ගොඩක් දෙනෙක් කතා කළා. ඒකෙ වරකා චට්නි ලසන්ත උඩුකුඹුරගේ ඇගට හලපු සිදු වීම නිසා මට පාරේ බැහැලා යන්නත් බැරි වුණා. මට හිතෙනවා මීට කලින් රංගනයට ආවා නම් හොඳයි කියලා. ඒත් දෛවයට ඕනෑ විදිහටනෙ සියලු දේ සිදු වන්නේ. ඒ ගැන හිතලා ඉදිරි වැඩ කටයුතු මං කරගෙන යනවා. 0773146481 මේ රණසිංහගේ දුරකතන අංකයයි.
|



බැඳීම් අඩු
රාජකාරියක් කරන්න. රංගනය තමයි මට දැනුණු එවන් වූ බැඳීම් අඩු කාර්යය. මගේ බිරියත් එය
අනුමත කළා. කෙසේ වෙතත් මං දන්න හඳුනන අය ක්ෂේත්‍රයේ හිටියේ නැහැ. ඔය අතරේ මම දැක්කා
ටෙලි නාට්‍යයකට අලුතින් කට්ටිය ගන්නවයි කියන සම්මුඛ පරීක්ෂණයක් ගැන දැන්වීමක්. ඒක
තිබුනේ බොරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියෙටර් එකේ. මං එදා ගිහිල්ලා පෝලිමේ ඉන්න කොට
එක්තරා පුද්ගලයෙන් මගේ ළඟ නැවතුණා. රඟපාන්න ආසද කියලා ඇහැව්වා.