සුදත් රෝහණගෙන් ගුරු පූජාවක්
සුදත් රෝහණගෙන් ගුරු පූජාවක්
තිස්ස ලකුණ හත්වැනිදා හතට
ජාතික රූපවාහිනියේ

මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමා සහ රූපවාහිනී තිර රචකයෙක්, අධ්‍යක්ෂ-කවරයෙක්,
රංගධරයෙක්, සාහිත්‍යවරයෙක්, ගුරුවරයෙක්, පරිපාලකයෙක් සහ සමාජ ක්‍රියාධරයෙක් ලෙස හෙළ
කලාකෙත පෝෂණය කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකළ දිවංගත ආචාර්ය තිස්ස අබේසේකයන්ගේ
76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ ජීවන සහ නිර්මාණකරු අළලා එතුමාණන්ගේ ප්‍රමුඛ
පෙළේ ගෝලයකු වූ සුදත් රෝහණ විසින් අධ්‍යක්ෂණය කළ තිස්ස ලකුණ රූපවාහිනි වාර්තා
වැඩසටහන මෙම මස 07 වැනිදා සවස 07 ට ජාතික නාලිකාවේ විකාශය වේ.
සෝමවීර සේනානයක රූපවාහිනි රචනයෙන් දායක වී ඇති තිස්ස ලකුණ සඳහා කැමරාකරණයෙන්
ලක්ෂ්මන් වික්‍රමතිලක, සංස්කරණයෙන් ඉසුරු තිනුදියස්, සහාය අධ්‍යක්ෂණයෙන් දීප්ති
විජේතුංග, පසුබිම් කතනයෙන් සමන් ආතාවුදහෙට්ටි, පද්‍ය රචනයෙන් මහින්ද ප්‍රසාද්
මස්ඉඹුල, ගායනයෙන් විශාරද නන්දා මාලිනී, අංග රචනයෙන් ගයනි ඉමල්කා සතරසිංහ නිෂ්පාදන
කළමනාකරණයෙන් ප්‍රදීප් රාජපක්ෂ ඇතුළු පිරිස දායක වී ඇත.
තිස්ස ලකුණ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ නිෂ්පාදනයකි.
රොඩ්නි විදානපතිරණගේ
“හතේ වසම” සියතට එයි

මීට ටික කලකට පෙර රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ ඉමහත් ජනපි‍්‍රයත්වයකට පත් හතේ
වසම“ ටෙලිනාට්‍ය නැවතත් සෑම සෙනසුරාදා දිනකම රාතී‍්‍ර 9ට සියත නාලිකාව ඔස්සේ විකාශය
වේ. අභාවප්‍රාප්ත සුප්‍රකට ලේඛක සහ චිත්‍රකතා ශිල්පි දයා රාජපක්ෂ අතින් ලියැවුණු
හතේ වසම,අප අතරින් වියෝ වූ ටෝනි රණසිංහයන්ගේ විශිෂ්ටතම රංගනයක් රැගත් නිර්මාණයකි.
ටෝනි මෙම චරිතය සඳහා හොඳම නළුවා ලෙස සුමති ටෙලි සම්මාන උලෙළේදී නිර්දේශ වූ අතර රාජා
සුමනපාල රඟපෑ චරිතය වෙනුවෙන් හොඳම සහාය නළු කුසලතා සම්මානය දිනා ගත්තේය.ජගත් චමිල
නැගී එන නළුවා ලෙසද නිර්දේශ විය.එමෙන්ම ප්‍රවීන චිත්‍රපට තිර කතා රචක සහ ප්‍රවීණ
චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස අබේසේකරද මෙහි චරිතයක් නිරූපණය කිරීමද කැපී පෙනේ. මෙහි
කැමරා අධ්‍යක්ෂණය ප්‍රවීණ කැමරා ශිල්පි එම්.එම්.ගෆූර්ගෙනි. හතේ වසමට එදා දායක වූ
දයා, ටෝනි, තිස්ස, රාජා සහ ගෆූර් යන ප්‍රවීණ කලාකරුවන් අද අප අතර නැත.මෙහි සංගීත
අධ්‍යක්ෂණය නිමල් ගුණසේකරගෙනි. ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ දෙවැනි ටෙලිනාට්‍යය හතේ
වසමයි.ගායනය ගිහාන් ගොඩකන්දගෙනි.මෙම ටෙලිනාට්‍යය එදා නිෂ්පාදනය කළේ සරත්
සූරියබණ්ඩාරය.
පණහ දශකයේ කඳුකර ගම්මානයක සිදුවූ සිදුවීම් අලළා සාරධර්ම යටපත් වෙමින් මුදල ඉස්මතු
වන සමාජ කතිකාවක් මින් නිරූපණය කෙරේ. මෙහි ප්‍රධාන චරිතය වන්නේ සාජන් බණ්ඩාය. ඔහු
උඩරට කුලවත් පවුලකින් පැවැත එන්නෙකි.එහෙත් ඔහු පෞද්ගලික ජීවිතයේ සහ රාජකාරි ජීවිතයේ
විවිධ හැළ හැප්පීම්වලට ලක්වේ. පාරම්පරික ආකල්ප යටපත් කරගෙන මුදල ඉස්මතු වෙමින්
සිදුවන සමාජ පරිවර්තනයත් ඊට ලක්වන සාජන් බණ්ඩා, නගෝරිස් ඇතුළු චරිතත් දයා මුලින්ම
නිර්මාණය කළේ චිත්‍රකතාවක් ලෙසය.
මෙහි සෙසු චරිත අමරසිරි කලංසූරිය, නිශ්ශංක
දිද්දෙණිය,ජයන්ත බෝපේආරච්චි, සුනීතා විමලවීර, ආරියසේන ගමගේ නිරූපණය කළහ.කලා
අධ්‍යක්ෂණය රංජිත් රණසිංහගෙනි.
- ප්‍රසාද්
|