Bollywood
Bollywood
අනුෂ්කාට
අපූරු උපන්දින තෑග්ගක්

බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙසින් සිය කලා ජීවිතය ආරම්භ
කර නිළියක ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්නට සමත් වූවා. ඒ විතරක් නොවෙයි ඇය දැන්
චිත්‍රපට නිෂ්පාදිකාවක්.
Rabne Bana Di Jodi චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට පිවිසි ඇය වාණිජ අතින් අති
සාර්ථක වූ PK චිත්‍රපටයේදී සුවිශ්ෂ රංගනයක යෙදුනා.
NH10 චිත්‍රපටය සමඟින්
අනුෂ්කා නිෂ්පාදනයට පිවිසියා.
ඇයගේ උපන් දිනය පසුගිය පළමු වෙනිදාට යෙදී තිබුණා. දැන් ඇයට අවුරුදු විසි අටක්.
සුප්‍රකට සිනමාකරු කරන් ජොහාර් අනුෂ්කාට අපූරු තෑග්ගක් දුන්නා. ඒ ඇයගේම ඡායාරූපයක්.
ඉදිරියේදී තිරගත වෙන්න නියමිත Ae Dil Hai Mushkil චිත්‍රපටයේ අනුෂ්කා සිටින
දර්ශනයක ඡායාරූපයක් තමයි කරන් අනුෂ්කාගේ උපන්දියට තිළිණ කළේ.
Ae Dil Hai Mushkil චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කරන්. 2012 වසරේදී
Student of The Year චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් පසු කරන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ රන්බීර් කපූර්
සහ ෙඓෂ්වර්යා රායි බච්චන්ද රංගනයෙන් දායක වෙනවා. ලබන දෙසැම්බර් මාසයේදී ඔබට
Ae Dil Hai Mushkil චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබේවි.
ආක්ෂේ
නොදැන කළ
වරදට

පසුගිය අප්‍රේල් 29 වැනිදා මුම්බායි ගුවන් තොටුපොලේදී ආක්ෂේ කුමාර් සමඟින්
සෙල්ෆියක් ගැනීමට උත්සහ කළ රසිකයෙකුට ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රහාරක් එල්ල
කිරීම නිසා බොලිවුඩය උණුසුම් වුණා.
හැමෝගෙම අදහස වුණේ, සිනමා තරු රසිකත්වය ගැන
කියවෙන ෆෑන් චිත්‍රපටය තිරගත වන කාලයක මේ වගේ ප්‍රහාරයත් එල්ලවීම එතරම් නුසුදුසු
නැහැ කියලයි.
ආක්ෂේ නම් කියන්නේ රසිකයෙක් එවැනි ඉල්ලීමක් කරනු තමන් නොදුටු බවයි. ඒ විතරක්
නොවෙයි, මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලන්නත් ඔහු පසුබට වුණේ නැහැ. ඇත්තටම ආක්ෂේ මේ
සිදුවීම ගන ලොකු කණස්සල්ලකින් සිටින බවත් බොලිවුඩයෙන් ආරංචි වෙනවා.
කොහොම වුණත් ආයෙමත් කිසි දිනෙක මෙවැනි සිදුවීමක් නොවන්න වගබලා ගන්න ලෙස අදාළ ආරක්ෂක
භටයාට දැඩි ලෙස අවවාද කරන්නත් ආක්ෂේ අමතක කළේ නැහැ. ඒ රසිකයා සෙල්ෆියක් ලබා ගන්න කළ
උත්සාහය ආක්ෂේ දුටුවා නම් සැබැවින්ම ඔහු සමඟින් ආක්ෂේ ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඉඩ
තිබුණා.
මා තරම් හොඳට
රන්විර්ට බෑ
- අනිල් කපූර්

සුභාෂ් ගායි අධ්‍යක්ෂණය කර 1989 වසරේදී තිරගත කළ Ram Lakhan චිත්‍රපටය රෝහිත්
ෂෙට්ටි විසින් යළි නිර්මාණය කරන්න සූදානම්. එහි ජැකී ශ්රොෆ් සහ අනිල් කපූර් නිරූපණය
කළ රාම් සහ ලඛාන් චරිත දෙක සඳහා තෝරා ගන්නේ කවුද යන්න පසුගිය කාලයේ බොහෝ දෙනාගේ
කතාබහට ලක් වුණා.

අනිල් නිරූපණය කළ ලඛාන් චරිතය වෙනුවෙන් වරුන් ධවාන්, අර්ජුන් කපූර් සහ රන්වීර් සිං
යෝජනා වී තිබුණු අතර ජැකී ශ්රොෆ්ගේ චරිතයට රන්බීර් කපූර්, රිතික් රෝෂන් සහ
සිද්ධාර්ත් මල්හෝත්‍රා යෝජනා වී තිබුණා.
දැන් බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ ඒ වෙනුවෙන් රන්වීර් සිං සහ ෂහිඩ් කපූර් තෝරා ගෙන ඇති
බවයි. Ram Lakhan චිත්‍රපටය 1989 වසරේ අති සාර්ථක වූ චිත්‍රපටයක්. අනිල් කියන්නේ
එය තමන්ට වාසනාව ගෙන ආ බවයි. ඒ වගේම ලඛාන්ගේ චරිතයට රන්වීර් තෝරා ගැනීම හොඳ තෝරා
ගැනීමක් බවත් අනිල් පවසනවා. “ඒ වුණත් මම තරම් හොඳට වෙන කාටවත් කාටවත් ලඛාන්ගේ චරිතය
කරන්න බැහැ” අනිල් පවසන්නේ සිනහ වෙමින්.
ෂාරුක් - සුෂ්මිතා එක් කරන
ෆාරාගේ වෑයම

ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කළ Main Hoon Na චිත්‍රපටය තිරගත වී දැන් අවුරුදු දොළහක්.
මේ නිසා ෆාරාට අලුත් අදහසක් ඇවිත්. මේ අදහස ඇය මුලින්ම කිව්වේ එහි ප්‍රධාන චරිත රඟ
පෑ ෂාරුක් ඛාන් සහ සුෂ්මිතා සෙන් සමඟින්.
ඒ අලුත් අදහස නම්, Main Hoon Na චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කිරීමයි. ෂාරුක්
මෙහි හමුදා නිලධාරියෙකුගේ චරිතය නිරූපණය කළ අතර සුෂ්මිතා චාන්ද්නී නම් රසායන
විද්‍යා කථිකාචාර්ය වරියකගේ චරිතයක් නිරූපණය කළා.
ඊට අමතරව සුනිල් ෂෙට්ටි, සයිඩ්
ඛාන්, අම්රිතා රාඕ, නසරුදීන් ෂා, බෝමන් ඉරානි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක
වුණා.
ෆාරා නම් Main Hoon Na දෙවැන්නට සූදානම්. ඇය එහි ඉදිරි කටයුතු ගැන කතා කරන්න
චිත්‍රපට කණ්ඩායමේ අනිත් අයට ආරාධනා කළා.
ප්‍රියංකා සමඟින් ඔබාමා
රාත්‍රී භෝජනයක

බොලිවුඩයට වඩා දැන් ප්‍රියංකා චොප්රා හොලිවුඩයට ළං වී ඇති බව නොරහසක්. අමෙරිකානු
රූපවාහිනි කතාමාලාවක් වන ක්වෙන්ටිකෝ හි රංගනයෙන් පසු දැන් ඇය බේ වොච් චිත්‍රපටයේ
රූගත කිරීම්වලට දායක වී සිටින්නේ. මේ නිසා ප්‍රියංකා දැන් වැඩි කාලයක් ගත කරන්නේ
අමෙරිකාවේ.
පසුගිය දවසක ප්‍රියංකාට විශේෂ ආරාධනාවක් ලැබුණා. ඒ වෙන කාගෙන්වත් නොවෙයි අමෙරිකාවේ
පුරවැසියා බැරක් ඔබාමා සහ මිචෙල් ඔබාමාගෙන්.
ජනපති ඔබාමා සහ ජනපති ආර්යා මිචෙල්
ඔබාමා සමඟින් ප්‍රියංකා රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වුණා.
මෙම අවස්ථාව තමන් ලද සුවිශේෂි අවස්ථාවක් බවත් මේ සම්බන්ධයෙන් ජනපති ඔබාමා සහ ජනපති
ආර්යා මිචෙල් ඔබාමාට ස්තූතිවන්ත වන බවත් ප්‍රියංකා පවසනවා.
යතේජා ඥානරත්න
|