වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි පෙති

ටෙලි පෙති

නව පරපුරේ රංගන ශිල්පිණියක් වූ මල්කි නතාෂා තම හිත මිත්‍රයන්ට කෝල් කර කර ටෙලි පෙත්තක් ගැන අහනවලු. යහළුවන්ට මේක හරිම ප්‍රහේලිකාවක්. ඇයි ඉතින් අපි උපන්තේකට ටෙලිපෙති ගැන අහලා නැහැනෙ. අන්තිමේ මිත්‍රයො මුකුත් නොකියන නිසා මල්කි තීරණය කරලා හිතවත් ෆාමසියකට ගිහින් ටෙලි පෙති ගැන අහන්න. ෆාමසියේ අයත් ඇයට හිනා වෙලා. මල්කිට දැන් හරිම ප්‍රශ්නයක්.

ඇය මේ ගැන හිත හිතා ඉද්දී ටෙලිපෙති ගැන කවුද කිව්වේ කියලා මල්කිගේ යාළුවෙක් අහලා. ඒ කියපු කෙනාට යාළුවා කතා කරලා. මල්කිට ඒ තැනැත්තා කියලා තියෙන්නේ ටෙලිපති ගැන. මල්කිට ඒ ටෙලිපති වචනය ඇහිලා තියෙන්නේ ටෙලි පෙති යනුවෙන්. කතාව එහෙම ඉවර වුණාට මල්කි ටෙලි පෙති හොයලා තියෙන්නේ ඒවා බිව්වාම ටෙලි නාට්‍යවල හොඳින් රඟපාන්න පුළුවන් වේවි කියලා හිතලා වෙන්න ඇති.