|
හිරුණිකා ගේ අත ගත් හිරාන් ගේ කතාව
අපේ පෞද්ගලික ජීවිතය ඕනෑවට වඩා විවරණය විය යුතු නැහැ
හිරාන් යට්තෝවිට වඩාත් ජනපි‍්‍රය වුණේ තමන්ගේ විවාහයත් සමඟින් යැයි පැවසීම මුසාවක් නොවේ. ඒ ඔහුගේ මනාලිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වීම හේතුවෙනි. හිරාන් යනු කවරෙක්ද කියා බොහෝ දෙනකු සොයා බැලීමට උනන්දු වූයේ ඒ අනුවය. මේ දෙදෙනාගේ ආදර කතාව කොහෙන් කොහොම සිදුවූවක්දැයි ද බහුතරයක් සොයන්නට පටන් ගත්තෝය. හිරාන් නළුවකු වීම එයට වඩාත් හේතුවයි. මේ රහස් සියල්ල හෙළිකර ගැනීමේ අටියෙන් අපි හිරාන් හමු වුණෙමු. හිරාන් කොහොමද ජීවිතේ? බොහොම හොඳින් සතුටින් සාර්ථකව ගෙවෙනවා. කවුද දෙන්නගෙන් ඉස්සෙල්ලාම දවසේ වැඩ පටන් ගන්නේ? එහෙම විශේෂයෙන් කියන්න අමාරුයි. දෙන්නගෙ වැඩකටයුතුවලට අනුව තමයි දෙන්නා වැඩ පටන්ගන්න එක තීරණය වන්නෙ. හිරුණිකා භාර්යාවක් විදිහට ඔබ බලාපොරොත්තු වුණු යුතුකම් ටික ඉටුකරනවාද? අනිවාර්යයෙන්ම. මා ඇයගෙන් යම් යම් දේවල් ටිකක් බලාපොරොත්තු වුණා. කොතරම් කාර්යබහුල වුණත් හිරුණිකා මං ගැන හොයලා බලනවා. හිරුණිකාව ඔබ හා හාපුරා කියලා හඳුනාගත් දවස මතකද? මං ඇයව මුලින් දැක්කෙ මාධ්‍ය හරහා. හිරුණිකා මට මුලින්ම හමුවුණේ මිස් ශ්‍රී ලංකා තරගයෙන්. ඇය ඊට සහභාගි වුණා. එදා තමයි මං ඇයව පුද්ගලිකව හඳුනා ගත්තේ. දෙන්නා යාළුවෝ වගේ කාලයක් හිටියා? ඔව්, ඒ යාළුකම ආදරයකට හැරවුණේ කොයි කාලෙද? මං ඇගේ රූපයට ගොඩක් කැමැතියි. හිරුණිකා ගොඩක් ලස්සනයි. ඒ හින්දම වෙන්න ඇති මගේ සිතේ ඇය කෙරෙහි ආදරයක් ඉපදුණේ. මං ඒ බව කෙළින්ම ඇයට කිව්වා. හිරුණිකා මොනවගේ ප්රතිචාරයක්ද දැක්වූයේ? ඇය කිව්වා අම්මාගෙන් අහන්න කියලා. ඔබ ගියාද? ඔව්, හැබැයි තනියම තමයි එහෙට ගියේ. එතකොට අපේ ගෙදර අය මේ ගැන දන්නෙ නැහැ. බොහොම චකිතයෙන් ඔබ ඒ අත්දැකීම විඳගන්න ඇති? මං සාමාන්‍ය කොල්ලෙක්. ඒ හින්දා ඒ අත්දැකීම මට සාමාන්‍යයි. හිරුණිකාගේ මවට මං සේරම දේවල් කිව්වා. ඇය හවස පණිවුඩයක් දෙන්නම් කියලා මාව පිටත් කළා. එදා හවස මොකද වුණේ? අම්මා මට කතා කරලා දුවගෙ අත ගන්න කැමැත්ත දුන්නා. මේ දේවල් සිද්ධ වෙන්නෙ කොයි කාලෙ විතරද? හරියටම අවුරුද්දකට විතර කලින්. මෙතුවක් කල් ඔබ දෙපොළගේ ආදරය වසන් කළේ කොහොමද? අපි දෙන්නා ජෝඩුදාලා කොහෙවත් ගියේ නැහැ. අඩුම ගානෙ පාටියකටවත් දෙන්නා එකට ගියේ නැහැ. එතකොට ඔබ දෙපොළට එකට ආරාධනා ලැබෙන උත්සවවලටත් එහෙමද කළේ? ඔව්, අපි දෙන්නා ඒ වගේ පාටිවලට ගිහින් මේස දෙකක වාඩි වුණා. අඩුම ගානේ හායි කියලා කිව්වෙත් නැහැ. අපිට මේ ගැන ප්‍රසිද්ධ කර ගන්න ඕනකමක් තිබුණේ නැති හින්දයි එහෙම කළේ. ඇයි ඔබ මේ ප්‍රේම කතාව මෙතරම් වසන් කළේ? මං හිතන්නෙ අපේ පෞද්ගලික ජීවිතය ඕනෑවට වඩා විවරණය වෙන්න හොඳ නැහැ. මගෙනම් කලා ජීවිතය විතරක් ලෝකය දැනගත්තාම ඇති. හිරුණිකාගේ දේශපාලන ජීවිතය විතරයි මිනිස්සු දැනගන්න ඕන. හිරුණිකා සුප්‍රසිද්ධ දේශපාලන චරිතයක්. ඇයට අභියෝග වැඩියි? අපි නම් ඔය කිසිම එකකට බය නැහැ. අනික අපිට ආපදාවක් වෙන්න තියෙනවානම් මොන ක්ෂේත්රයක හිටියත් ඒක වෙනවානේ. හිරුණිකා ඇත්ත කතාකරන කෙළින් වැඩකරන කෙනෙක්. එවන් වූ අයෙකුට කොහොමත් සතුරො වැඩියි. කොහොම වුණත් කාටවත් බයවෙලා නම් අපි වැඩ කරන්නෙ නැහැ. මා දන්නා පරිදි ඔබත් දේශපාලන පසුබිමක් ඇති කෙනෙක්. ඔබ ඇයි දේශපාලනයට නොආවේ? කලා ලොව මට නිදහස්. මං ආසා නැහැ ඕනෑවට වඩා කාර්යබහුල වෙන්න. අනික දෙන්නම එක ක්ෂේත්රයේ වුණාම විවිධත්වයකුත් නැහැනේ. නමුත් මං හිරුණිකාගේ දේශපාලන වැඩවලට නිබඳවම සහාය දෙනවා. ඔබව කවුරු විදිහට හඳුන්වනවාටද ඔබ කැමැති? නිවේදකයෙක්, නළුවෙක්, නිරූපණ ශිල්පියෙක්. මේ තුන් විදිහටම ආසයි. හිරුණිකා කියන්නෙ නැතිද ඔබ කලාවෙන් අයින්වෙලා ඇයගේ දේශපාලන වැඩවලට එකතුවන්න කියලා? බඳින්න කලින් ඉඳළම මං ඇයට මං ගැන කියලා තියෙනවා. බැන්දට පස්සෙත් කලාවේ නියැළෙනවා කියලත් කිව්වා. ඇය ඊට එකඟ වුණා. අදටත් එහෙමයි. මගෙ ක්ෂේත්රයේ ඉදිරිය දකින්න ඇය මට උදව් කරාවි. හිරුණිකා හදන තේ එකට ඔබ හරිම ආසයිලු. ඇත්තද ඒක? ඇත්තම ඇත්ත. ඇයට හොඳට රසට තේ හදන්න පුළුවන්. ඇයගේ ගෙදරට යන දවස්වල ඇයම තමයි මට තේ එක හදලා දෙන්නේ. අදටත් මං ඒ තේ එකට ආසයි. ඒ වගේම හිරුණිකාට හොඳට කෑම උයන්නත් පුළුවන්. විශේෂයෙන්ම සිංහල කෑම. මොනවද ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු තියෙන්නෙ? විසුළ අහස යට නාට්‍යයෙන් පසුව මං ටෙලි නාට්‍ය බාරගත්තේම නැති තරම්. නළුවකු විදිහට සිනමාවට වැඩිපුරම දායක වන්නටයි හිතාගෙන ඉන්නෙ. රෝයි ද සිල්වා මහත්මයාගේ සිහින ලොවක් සොයා සිනමාපටයෙ රඟපෑවා. ඒ වගේම ආදිත්‍යා කියලා චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒ කටයුතු ටික කරගෙන යනවා.
|