|
නෝනේ මගේ සුදු නෝනේ හෙට එනවා
එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම චිත්‍රපටය නෝනේ මගේ සුදු නෝනේ හෙට සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹේ. ආදරය කරන්න වයස බාධාවක් නැහැ යනුවෙන් තේමාව නම් කොට ඇති එය ප්‍රහසනාත්මක සිනමාපටයකි. එරංගගේ කතාව, දෙබස් තිර රචනයෙන් ඔපවත් වූ මෙහි විල්සන් ගුණරත්න, මිහිර සිරිතිලක, මහින්ද පතිරගේ, අනූෂා දමයන්ති, සංජු රොඩ්රිගෝ, සංජුල දිවාරත්න, දයාසිරි හෙට්ටිආරච්චි, මානෙල් චන්ද්‍රලතා ආදීහු රංගනයෙන් දායක වෙති. නිශාන් ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂවරයාය. පුෂ්පකුමාර බණ්ඩාරගමගේ අංග රචනයකි. රන්දික විජේමාන්න සංස්කරණ ශිල්පියාය, ලස්සන ජයසේකරගේ සංස්කරණයකි. මාලා භාරතී, ගාමිණී සුසිරිවර්ධන, සුරංජි ශ්‍යාමලී, අවිඳු රවිශාන් ගායනයෙන් එකතු වෙති. මහේෂ් ඉන්දික සහාය අධ්‍යක්ෂවරයාය. රෝලන්ඩ් සිල්වා කලා අධ්‍යක්ෂණයෙන් දායක වේ. නෝනේ මගේ සුදු නෝනේ එරංගාගේ හය වැනි සිනමා නිර්මාණය වේ. සුර යහන ගිනි ගනියි, ගිණිගත් මධුසමය, රෝස පැටික්කි, සිනාසුනා ආදරෙන්, ස්වීට් ඒන්ජල්, ඇතුවත් බෑ නැතුවත් බෑ (තිරගතවීමට නියමිත) එරංගගේ සිනමා අධ්යක්ෂණයන් අතර වේ.
සුනිල් ටී 60, අජාසත්ත ළඟදීගයාන් වික්‍රමතිලක අජාසත්ත කුමරු වෙයි
සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් 60 වැනි සිනමා නිෂ්පාදනය මහරජ අජාසත් ළඟදීම ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වෙයි. සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ එහි අජාසත් කුමරුගේ චරිතය ගයාන් වික්‍රමතිලක විසින් පණ පොවනු ලබයි. ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, පාලිත පෙරේරා, ගීතා කාන්ති ජයකොඩි, සුනීතා විමලවීර, නදීකා ගුණසේකර, මේනකා මධුවන්ති, රොෂාන් රණවන, රහල් බුලත්සිංහල, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, ඥානාංග ගුණවර්ධන, දයාසිරි හෙට්ටිආරච්චි, වසන්ත කුමාරවිල, නන්ද වික්‍රම ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවනු ලබයි. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂවරයාය. ලකී ආතවුද සහාය අධ්‍යක්ෂණයෙන් ද, සමීර මධු කිඳෙල්පිටිය අංග රචනයෙන් ද, හීනටිගල ප්‍රේමදාස පසුතල නිර්මාණයෙන් ද, කේෂානි ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සෑම් පෙරේරා කොණ්ඩා සැකසුමෙන් ද මේ සඳහා එක් විය. විශේෂ ත්‍රිමාණ දර්ශන තිලාන් කුරේ සහ රවීන් වෙත්තසිංහගෙනි. සුනෙත් රසාංග සහ ගයාන් බුද්ධික දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය. අජිත් රාමනායකගේ සංස්කරණයකි. වසන්ත කුමාරවිල සටන් අධ්යක්ෂවරයායා. සුනිල් ධර්මසිරි නිෂ්පාදන කෘත්‍යාධිකාරී වේ. ප්‍රගීත් ධර්මපාල සහ සංජය අමරසිංහගේ නිෂ්පාදන සම්බන්ධිකරණයකි. චන්දන වික්‍රමසිංහ නැටුම් අධ්‍යක්ෂවරයාය. මහරජ අජාසත් හි සනත් ධර්මසේන සහාය නිෂ්පාදකවරයා වේ. |