|
ඉන්දියාවේ වැඩිම වියදම් දැරූ චිත්‍රපටය දැන් ලංකාවේ
අද වන විට ලොව පුරා විවිධ සිනමා ක්ෂේත්‍ර ගණනාවක් බිහිවී තිබේ. එම සිනමාවන් සමඟ තරඟ කරමින් නැගී සිටීමට ඉන්දීය සිනමාව අද සමත්ව ඇති බව කාහටත් නොරහසකි. ඉන්දීය සිනමාව ගත් විට එහිද ක්ෂේත්‍ර ගණනාවකි. බොම්බාය කේන්ද්‍රකර ගනිමින් නිර්මාණය වූ බොලිවුඩය අද ලොවම වශී කරගෙන ඇති සේය. බොලිවුඩය සේම දමිළ සිනමාව වෙනුවෙන් වූ කොලිවුඩය සහ තෙළිඟු සිනමාව වෙනුවෙන් වූ ට්රොලිවුඩයද අද වනවිට ප්‍රභල ස්ථානයක පසුවෙයි. ට්රොලිවුඩය යනු ආන්ද්‍රා ප්‍රදේශය කේන්ද්‍ර වූ සිනමාවයි. සිනමා නිර්මාණ සම්බන්ධයෙන් ඉතා ඉහළම ස්ථානයකට පැමිණෙන්නට ඔවුන්හට අද හැකියාව ලැබී ඇත. මේ වන විට ඉන්දියානු සිනමාවේ ඉහළම වියදමක් දරා නිර්මාණය කළ චිත්‍රපටය බිහි කිරීමේ ගෞරවය දිනාගෙන තිබෙන්නේ ට්රොලිවුඩය යි. පසුගියදා තිරගත වීම ආරම්භ කළ වීර කතා තේමාවක් රැගත් Baahubali (බාහුබාලි) චිත්‍රපටය ඉන්දීය සිනමා ඉතිහාසයේ මෙතක් ඉහළම වියදමක් දරා නිම කළ චිත්‍රපටය බවට පත් වී ඇත. බාහුබාලි තෙළිඟු බසට අමතරව දෙමළ බසින්ද නිර්මාණය වී ඇත. එස්. එස් රාජාමෝලි විසින් අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්රකාෂ් තමන්නාය. රානා දග්ගුබාති, අනුෂ්කා ෂෙට්ටි, තමන්නා හාටියා ඇතුළු පිරිසක්ද මේ සඳහා රංගනයෙන් දායක වෙති. මෙහි එන පැරණි ආයුධ උපයෝගි කොට ගැනෙන සටන් මෙන්ම අසරු ධාවනයන් සඳහා විශාල කාලයක් ගෙන පුහුණුවීම් සිදුකර තිබේ. බාහුබාලි නිෂ්පාදනයට අමෙරිකානු ඩොලර් මිලියන 40ක් (ඉන්දීය රුපියල් කෝටි 250) වැය කර තිබේ. බාහුබාලි යන්නෙහි තේරුම ශක්තිමත් මිනිසා යන්නයි. බහුබාලි දෙවැනි චිත්‍රපටය 2016 වසරේ තිරගත කිරීමට නියමිතව ඇත. දෙවැනි ස්ථානය හිමිවන්නේ දෙමළ චිත්‍රපටයක් වූ Enthiran (එන්තිරන්) චිත්‍රපටයටයි. එස් ශන්කර් විසින් අධ්‍යක්ෂණය කළ එන්තිරන් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. 2010 වසරේ තිරගත වූ එය දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් සහ ඓෂ්වර්යා රායි බච්චන්ගේ රංගනයෙන් ඔපවත් වේ. සංගීය ඒ. ආර් රහ්මාන්ගේය. අති දක්ෂ විද්‍යාඥයෙක් විසින් මිනිසෙකුට සමාන ආකාරයේ අපූරු රොබෝවෙකු නිර්මාණය කළ පසු මුහුණ දෙන කතාපුවතක් මෙහි ඇතුළත්ය. එන්තිරන් නිෂ්පාදනයට අමෙරිකානු ඩොලර් මිලියන 21 (ඉන්දීය රුපියල් කෝටි 132) වැය විය. ඉහළම වියදමක් දරා නිමවෙන චිත්‍රපට අතරේ තෙවැනි ස්ථානය හිමි වන්නේ බොලිවුඩයටයි. එනම් සුපිරි වීර කතාපුවතක් ගෙන එන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වූ Ra.One (රාවන්) ය. ෂාරුක් ඛාන්, අර්ජුන් රාම්පාල් සමඟින් කරීනා කපූර් රාවන්හි ප්‍රධාන චරිත සඳහා පණ පොවති. මේ සඳහා වැයවී ඇති නිෂ්පාදන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 20 (ඉන්දීය රුපියල් කෝටි 125) කි. ෂාරුක් ඛාන්ගේ හිමිකාරිත්වයෙන් යුතු රෙඩි චිලීස් එන්ටර්ටේන්මන්ට් විසින් රාවන් ඉදිරිපත් කෙරිණි. යෂ්රාජ් ෆිල්ම්ස් ඉදිරිපත් කරන ඩූම් චිත්‍රපට මාලාවේ තෙවැන්නට ඉහළ වියදම් දැරූ ඉන්දීය නිර්මාණ අතරේ හිමි වන්නේ සිව්වැනි ස්ථානය යි. විජේක්රිෂ්ණා විසින් අධ්‍යක්ෂණය කළ Dhoom 3 (ඩූම් 3) චිත්‍රපටයේ පළමු වැන්න 2004 වසරේදී තිරගත වූ අතර 2006 වසරේදී දෙවැන්න තිරගත කෙරිණි. ඩූම් 3 තිරගත වූයේ 2013 වසරේදීය. එය අමෙරිකානු ඩොලර් මිලියන 20ක වියදමකින් නිර්මාණය කළේය. ආදායම අමෙරිකානු ඩොලර් 86ක් විය. පසුගිය වසරේ තිරගත වූ දෙමළ චිත්‍රපටයක් වන Kochadiiyaan (කොචාඩියාන්) චිත්‍රපටය පස්වැනි ස්ථානයේ පසු වේ. කොචාඩියාන් රජිනිකාන්ත්ගේ දියණිය සෞන්දර්යා ආර්. අශ්වින්ගේ අධ්‍යක්ෂණයකි. ඇය ඉන්දීය සිනමා ක්ෂේත්රයේ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණකරණයේ ඉහළින්ම සිටින නිර්මාණකාරියකි. කොචාඩියාන් නිර්මාණය වෙනුවෙන් ඇය ඉන්දීය සම්මාන උළෙලේදී හොඳම සිනමා තාක්ෂණික නව්‍යකරණය වෙනුවෙන් වූ සම්මායෙන්ද පිදුම් ලැබුවාය. දකුණු ඉන්දියාවේ අටවැනි සියවසේ කොට්ටායිමට්නම් සහ කාලිංගපූර් නම් වූ අධිරාජ්‍ය දෙකෙහි සිදුවීම් පෙළක් පාදක කරගනිමින් කොචාඩියාන් නිර්මාණය වී තිබේ. රජිනිකාන්ත්, ජැකී ශ්රොෆ් සමඟින් දීපිකා පදුකෝන් මෙහි ප්‍රධාන භූමිකා නිරූපණය කරති. මේ සඳහා වූ පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 24ක් වේ. අමෙරිකානු ඩොලර් මිලියන 19ක වියමකින් නිමැවුණු දෙමළ චිත්‍රපටයක් වන Puli (පුලී) ඉහළ වියදම් දරා නිමැවූ චිත්‍රපට අතරේ හයවැනි ස්ථානයේ සිටියි. ක්‍රියාදාම චිත්‍රපටයක් වන ඒ සඳහා විජේ සමඟින් ශ්‍රීදේවි, සෘති හසන් රංගනයෙන් දායක වෙති. හත් වැනි ස්ථාන Krrish චිත්‍රපට මාලාවේ තෙවැන්නට හිමිවේ. කොයි මිල්ගයා, ක්‍රිෂ් චිත්‍රපට වලින් පසු නිර්මාණය වූ ක්‍රිෂ් 3 වෙනුවෙන් වැය යූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 18ක්. රාකේෂ් රෝෂන් විසින් අධ්‍යක්ෂණය කළ එය සුපිරිවීර කතාවක් රැගත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග, සටන් සහ අලංකාර නර්තන නිසාවෙන් විචාරකයන් එය හැඳින්වූයේ හොලිවුඩයට නොදෙවෙනි වූ නිර්මාණයක් ලෙසිනි. දෙමළ ත්‍රාසජනක චිත්‍රපටයක් වූ I (අයි) චිත්‍රපටයට ඉහළ වියදම් දරා නිෂ්පාදනය කළ ඉන්දීය චිත්‍රපට අතරේ අට වැනි ස්ථානය හිමි වේ. ශන්කර්ගේ අධ්‍යක්ෂණයක් වූ එහි ජනප්‍රිය නළු වික්‍රම් සමඟින් ඇමී ජැක්සන් ප්‍රධාන චරිත නිරූපණය කරති. නමවන ස්ථානය දකුණු ඉන්දියාවේ සුපිරි තරුව වන කමල් හසන් අධ්‍යක්ෂණය කළ Vishwaroopam (විශ්වරූපම්) චිත්‍රපටයට හිමි විය. විශ්වරූපම්හි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේද කමල් හසන් විසිනි. නිෂ්පාදනය වෙනුවෙන්ද ඔහුගේ දායකත්වය හිමි වී ඇති විශ්වරූපම් නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 15කි. ජාතිවාදි ගැටළු ඇති කරමින් විශ්වරූපම් චිත්‍රපටයට හින්දු – මුස්ලිම් සහජීවනය බිඳ දමන බවට චෝදනා එල්ල කෙරිණි. දෙමළ, හින්දි සහ තෙළිඟු භාෂාවන්ගෙන් නිර්මාණය වූ විශ්වරූපම් බොහෝ රටවල තහනමට ලක් විය. ලංකාවේදී ද එය වාරණයට ලක් විය. ඒ ආර් මුරුගදාස් අධ්‍යක්ෂණය කළ Kaththi (කත්තී) චිත්‍රපටයට ඉන්දියාවේ ඉහළ වියදමක් දරා නිෂ්පාදනය කිරීමේ දසවන ස්ථානය හිමිවන්නේ එය අමෙරිකානු ඩොලර් මිලියන 14ක පිරිවැයක් දරා නිම කිරීම හේතුවෙනි.
|