|
|
ගම්පහින් රන්ජන් - ගාල්ලෙන් ගීතා
දේශපාලන පොරපිටියට මෙවරත් කලාකරුවන්
ලබන අගෝස්තු මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයට මෙවර ද සිංහල සිනමාවේ ජනප්‍රිය තරු රැසක් තරග වදිති. ගම්පහ දිස්ත්‍රිකයෙන් තරග වදින රන්ජන් රාමනායක, ගාලු දිස්ත්‍රික්කයෙන් තරග වදින ගීතා කුමාරසිංහ ද මේ අතර කැපී පෙනෙති. මේ එම කලාකරුවන් කිහිපදෙනකි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පෙරමුණෙන් චිත්‍රපට නිෂ්පාදක, ලේඛක, විචාරක
උපුල් ශාන්ත සන්නස්ගල, නිළි රෝසි සේනානායක, උදාර රත්නායක, සුජීව සේනසිංහ,
මාධ්‍යවේදී එස්. එම්. මරික්කාර්, එක්සත් ජනතා නිදහ ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණෙන් රන්ජන් රාමනායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නිෂ්පාදක ෆීලික්ස් පෙරේරා, නිළි උපේක්ෂා ස්වර්ණමාලි ද එක්ව සිටියි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණෙන් මාධ්‍යවේදී කුමාරදාස ගිරිබාව ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නළු ටී. බී. ඒකනායක, ගායක දයාසිරි ජයසේකර ද ඉදිරිපත් වෙයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගීතා කුමාරසිංහ, මාධ්‍යවේදී මනූෂ නානායක්කාර ද, මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණෙන් බුද්ධික පතිරණ ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නිෂ්පාදක කෙහෙළිය රඹුක්වැල්ල ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පෙරමුණෙන් නිෂ්පාදක චම්පික ප්‍රේමදාස ද තරග වදියි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලේඛක කරුණාරත්න පරණවිතාන එක්සත් ජාතික පෙරමුණෙන් තරග වදී. ජාතික ලැයිස්තු සඳහා ඇතුළත් කලාකරුවන් මෙසේය. එක්සත් ජාතික පෙරමුණ අර්වින් වීරක්කොඩි, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආචාර්ය සරත් අමුණුගම, ජීවන් කුමාරතුංග ජනතා විමුක්ති පෙරමුණ චාල්ස් දායනන්ද, එස්. ඇන්තනී ජීවා, විනී හෙට්ටිගොඩ, සරණපාල ජයසූරිය, අනුරුද්ධ ජයසිංහ, අනුර ශ්‍රීනාත් * * * * * * * * * * * * * * * * * * * * * * *
සඳ විනිවිද ජාතික නාළිකාවේ
ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සඳ විනිවිද ටෙලි සිතුවම මෙම මස 20 වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 9 ට ජාතික නාළිකාවෙන් විකාශය වේ. සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් නමක් දිනා සිටි ප්‍රියන්තගේ පළමු ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය වන්නේ මෙයයි. කාවිංග පෙරේරා, ඉෂාරා සඳමිණි, පියුමි බොතේජු, ටෙක්ලා කුමුදු කුමාරි, චමිලා පීරිස්, මල්කාන්ති ජයසිංහ, හයිසින්ත් විජේරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, කුමාරි මුණසිංහ, ලක්ෂිකා ෆොන්සේකා, ඩිලානි නිකහැටිය, රුවී ලක්මාලි, ග්‍රේස් තෙන්න්කෝන්, දසුන් පතිරණ, රෝහණ ජයසිංහ, කුමාරි සේනාරත්න, නිශ්ශංක ගුණසුමණ, තමාලි නදීෂා, චන්දන වීරසිංහ, කුමුදුනී අධිකාරි, සෝමරත්න මාලිම්බඩ, සෙතින් එවත්මා, හසිරි හංසිකා ඇතුළු පිරිස සඳ විනිවිද රංගනයෙන් හඬ ගන්වයි. මෙය ඇලෙක්සැන්ඩර් කුරේගේ නිෂ්පාදකයකි. සුනිල් විතානාආරච්චි නිෂ්පාදක විධායකවරයාය. වජිර කස්තුරිගේ කතා සංකල්පයකි. ලාල් වසන්ත කරුණාරත්න තිර රචනය කොට ඇත. විදුර ශානක අංග රචනා ශිල්පියාය. සම්පත් වැලිගෙපොළ කලා අධ්‍යක්ෂවරයා වේ. රවීන්ද්‍ර ආරිය සමරනායක කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ගයාන් ගණකධාර සංගීත අධ්‍යක්ෂණයෙන් ද, බුද්ධික රණසිංහ සංස්කරණයෙන් ද සඳ විනිවිද හා එක් වී ඇත.
|




ස් සන්ධානයෙන් චිත්‍රපට නිෂ්පාදක,
ලේඛක බන්දුල ගුණවර්ධන, නිළි මල්ෂා කුමාරතුංග ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නළු
නලීන් ප්‍රදීප් උඩවෙල, නිෂ්පාදක නිහාල් සිරිවංශද, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයෙන්
විචාරක දීප්ති කුමාර ගුණරත්න ද, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් මාධ්‍යවේදී
සුසිල් කිඳෙල්පිටිය ද තරග වදයි.