වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




කෝටි ගණනක චිත්‍රපට හොර පාරෙන් ඇවිත් හොර ඩීවීඩීවලට නීතිය පණ මදි

කෝටි ගණනක චිත්‍රපට හොර පාරෙන් ඇවිත් හොර ඩීවීඩීවලට නීතිය පණ මදි

- රුක්මන් සමන්ප්‍රිය

'නිම්සර' ලේබලය යටතේ වෙළෙඳපොලට නිකුත් වූ අතිශය ජනප්‍රිය චිත්‍රපට කිහිපයක ව්‍යාජ D.V.D රැසක් පසුගියදා අත් අඩංගුවට ගැනිණ. එම ව්‍යාජ ච්.ඍ.ච්. තොගය සහ ඒවා අනවසරයෙන් පිටපත් කළ පුද්ගලයා එසේ නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූයේ මිරිහාන පොලීසිය මඟින් සිදු කළ වැටළීමකදීය. එම සැකකරු උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රු: 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණ.

ව්‍යාජ D.V.D වෙළෙඳපොලට නිකුත්වීම නිසා තමන්ට විශාල අලාභයක් සිදු වූ බව පවසමින් 'නිම්සර' එන්ට(ර්)ටේන්මන්ට් හිමිකරු රුක්මන් සමන්ප්‍රිය අප හා මෙසේ කතාබහකට එක් වීය.

කොපමණ චිත්‍රපට සංඛ්‍යාවක් එසේ වෙළෙඳපොලට ව්‍යාජ ලෙස මුදා හැර තිබෙනවාද?

චිත්‍රපට දහසයක් සහ එක් ටෙලි නාට්‍යයක්. ඒ සියල්ලම මම අදාළ නිෂ්පාදකවරුන්ගෙන් මිලට ගත් ඒවා.

මොනවද ඒ චිත්‍රපට?

සරෝජා, පුංචි සුරංගනාවි, සමනල තටු, සූරිය අරණ, සිරි රජ සිරි, සිරි පැරකුම්, අබා, ඇහැලේපොළ කුමාරිහාමි, මහින්දාගමනය, මාතා, කෝ මාර්ක් නෝ මාර්ක්, කල්පාන්තයේ සිහිනයක්, මහ රජ ගැමුණු, මගේ යාළු මාළු, ගින්දරී, ප්‍රවේගය සහ ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යය. මේවායින් විශාල පිටපත් සංඛ්‍යාවක් අත් අඩංගුවට ගන්න පුළුවන් වුණා.

කොහොමද ඔබට මුලින්ම දැනගන්න ලැබුණේ මේ වගේ කූට ව්‍යාපාරයක් කරගෙන යන බව?

D.V.D බෙදා හරින්න ගිය මගේ නියෝජිතයෙක් අරගෙන ආපු ච්.ඍ.ච්. පටයකින් තමයි මුලින්ම අපිට මේ ගැන සැකයක් ඇති වුණේ. ඒ 'මගේ යාළු මාළු' චිත්‍රපටයේ ච්.ඍ.ච්. එකක්. මුලින්ම ඒක ව්‍යාජ පිටපතක් කියලා අපි හඳුනා ගත්තේ ඒකේ කවරයෙන්. මම මුද්‍රණය කරපු ර්‍ණපඪඨඪදඥත කවරය ස්කෑන් කරලයි ඔහු එය මුද්‍රණය කර තිබුණේ.

D.V.Dඅවුරුදු දෙකක විතර කාලයක ඉඳන් මම හිතන විදිහට. අපිට ලැබුණ සාක්ෂිවලින් එහෙම තමයි හිතන්න වෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඔබ මුලින්ම ගත්ත පියවර?

මුලින්ම මිරිහාන පොලීසියට ගිහින් පැමිණිලි කළා. ඊට පස්සේ උසාවි නියෝගයක් අරගෙන පොලීසිය ඒ පුද්ගලයා අත් අඩංගුවට ගත්තා. නිවස පරීක්ෂා කරද්දී තමයි අපට දැනගන්න ලැබුණේ 'මගේ යාළු මාළු' විතරක් නෙවෙයි අනෙක් චිත්‍රපටත් හොරට ගහලා කියලා. ඒවා පිටපත් කරන මැෂින් දහතුනක් තිබ්බා. ඒවයේ හාඩ් ච්ඪඵඬ වල මගේ ඉඩධඹ ටික තිබිලා හොයා ගත්තා. ඊට පස්සේ අපි ස්ටෝරු කාමරේට ගියා. එතන තිබිලා මුද්‍රණය කරපු ච්.ඍ.ච් කවර විශාල සංඛ්‍යාවක් සොයා ගත්තා. මගේ ගෙදරවත් තිබුණේ නෑ එච්චර ප්‍රමාණයක්.

කොයි, කොයි ප්‍රදේශවලද ඔහු මේ D.V.D බෙදාහැර තිබෙන්නේ?

ලංකාව පුරාම. ඉතාම සූක්ෂම විදිහට 'නිම්සර' ලේබලය යටතේමයි ඔහු මේවා බෙදා හැර තිබෙන්නේ. උසාවියේ දී ඔහු වරද පිළිගත්තා. අපත් සමඟ සාමදානයට කැමැති බවත් ඔහු ප්‍රකාශ කළා.

මම හිතන්නේ මේ පුද්ගලයා කලක් ඔබේ මිතුරෙක්?

ඇත්තටම කාලයක් මා එක්ක මේ ව්‍යාපාරයේම නිරත වුණ මිත්‍රයෙක් තමා. ඒත් දැන් නම් හතුරෙක් වගේ තමයි දැනෙන්නේ. මගේ ළඟින්ම ඉඳලා තමයි එයා මේ ජරා වැඩේ මට කළේ.

මේ හොර මගඩිය නිසා ඔබට විශාල අලාභයක් සිදු වුණ බව කිව්වා. කොපමණ වන්දි මුදලක් ඔබ ඉල්ලා තිබෙනවාද?

මගේ නීතිඥ මහත්වරුන් එක්ක සාකච්ඡා කරලා ඒ මුදල තීරණය කරනවා. ඊළග නඩු වාරය තිබෙන්නේ මාර්තු 04 වැනිදා. එදින එය උසාවියට දැනුම් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

බුද්ධිමය දේපළ පනත යටතේ මේ නිර්මාණ මංකොල්ලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණත් එවැනි නීති විරෝධී දේවල් තවම සිදු වෙනවා. සමහරු කියන්නේ නීතිය ප්‍රාණවත් මදි කියලයි?

ඇත්තෙන්ම නීතිය ප්‍රාණවත් මදි කියලා මටත් හිතෙනවා. මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕනෑ. කොහොම වුණත් නීතියෙන් මට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා හිතනවා.

සිදුවුණ අලාභය ගැන නිශ්චිතවම කියන්න අපහසුයි මම හිතන්නේ?

කෝටි දෙකක, දෙක හමාරක විතර අලාභයක් සිදු වෙලා තියෙනවා මට. ඒත් ඒක නිශ්චිතවම කියන්න අපහසුයි තවම. කොහොම වුණත් මේ නිර්මාණ සඳහා මම නිෂ්පාදකවරුන්ට රුපියල් කෝටි පහකට වඩා වැඩි මුදලක් ගෙවලා තිබෙනවා.

දැන් ඔබ මෙවැනි දේවල් වැලැක්වීමට ඉදිරියේදී යම් වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවාද?

මින් ඉදිරියට 'නිම්සර' ආයතනයේ අලෙවි නියෝජිතයන් මඟින් තමයි අපි D.V.D බෙදා හරින්නේ. ඔවුන්ගෙන් හැර 'නිම්සර' ලේබලය සහිත ච්.ඍ.ච්. මිලදී ගැනීමෙන් වළකින ලෙස මම ච්.ඍ.ච්. වෙළෙඳසල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කොහොමද නිසැකවම 'නිම්සර' අලෙවි නියෝජිතයන් හඳුනා ගන්නේ?

අප ආයතනයේ ලාංඡනය සහිත විශේෂ හැඳුනුම්පතක් නිකුත් කරනවා ළඟදීම. එහි කටයුතු දැනටමත් සිදු වෙමින් පවතිනවා.

ඔබ මිලදී ගත් චිත්‍රපට අතරින් වැඩියෙන් අලෙවි වුණේ?

'ප්‍රවේගය' චිත්‍රපටය. එය මම මිල දී ගත්තෙත් මෙතෙක් ගෙවූ වැඩිම මුදලට. 'ප්‍රවේගය'ට කලින් අලෙවි වාර්තා තබා තිබුණේ 'සූරිය අරණ' චිත්‍රපටය.

ඇතැම් චිත්‍රපට නිෂ්පාදකවරුන් විසින්ම දැන් තමන්ගේ චිත්‍රපට ච්.ඍ.ච්. මඟින් වෙළෙඳ පොලට නිකුත් කරනවා. දැන් ඔබ කරන්නේ නිෂ්පාදකවරුන්ට මුදලක් ගෙවා එහි අයිතිය පවරාගෙන ඉන් පසු වෙළෙඳපොලට නිකුත් කිරීමනේ?

ඔව්. මගේ ක්‍රමය ඒකයි.

මේ වෙනකොට D.V.D ව්‍යාපාරය තරගකාරී මට්ටමක නේද තියෙන්නේ?

ඔව්. ඒකට හේතුව මුලදී හිටියට වඩා වැඩි පිරිසක් දැන් මේ ක්ෂේත්‍රයට යොමු වී සිටීමයි.

මේක අභියෝගයක් නෙවෙයිද ඔබේ ව්‍යාපාරයට?

සාමාන්‍යයෙන් මම මිලදී ගන්නේ දැවැන්ත ගණයේ චිත්‍රපට. ඒ කියන්නේ ඕතධජඬ ඕභඵබඥප චිත්‍රපට. පොඩි, පොඩි නිර්මාණවලට මම අත ගහන්නේ නෑ.

තරඟකාරී මිලට ඕනෑම දැවැන්ත චිත්‍රපට මිලදී ගන්න ඔබ සූදානම්?

ඔව්, සූදානම්. මගේ ගානට ආවොත් මම O.K.  දැනට චිත්‍රපටයක් වෙනුවෙන් ඉහළම මිලක් ගෙවලා තියෙන්නෙත් මමම තමයි. ඉදිරියේදීත් චිත්‍රපට මිලදී ගැනීම සඳහා නිෂ්පාදකවරුන් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා.

වෙළෙඳපොලට නිකුත් වෙන ඇතැම් D.V.D. පිළිබඳ පාරිභෝගිකයන් විවිධ චෝදනා නගනවා. පැහැදිලි දර්ශන නෑ, එතකොට Full Screen පෙනෙන්නේ නෑ, මේ වගේ දේවල්. දැන් ඔබේ ච්.ඍ.ච්. සම්බන්ධයෙන් එවැනි පැමිණිලි ලැබිලා තියෙනවාද?

එහෙම පැමිණිලි නම් ලැබිලා නෑ. මුල් චිත්‍රපටයේ වගේම තත්ත්වයෙන් උසස් කොපියක් තමයි අපි වෙළෙඳ පොලට නිකුත් කරන්නේ. මොකද මේවා කැමරා කොපි නෙවෙයිනේ. ඒ නිසා උසස් ප්‍රමිතියකින් යුත් D.V.D.  තමයි අපි වෙළෙඳපොලට නිකුත් කරන්නේ.

තරුණ ව්‍යාපාරිකයෙක් හැටියට මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

සාධාරණ විදිහට මේ ව්‍යාපාරය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතනදි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න මම සූදානම්. මොකද මේ ක්ෂේත්‍රයේ ඉන්නවා විවිධාකාර පුද්ගලයන්.

චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඔබේ අදහසක් නෑ?

මොකද නැත්තේ. මේ වසරේ මැද වෙනකොට මම ඒ කාර්යයට අත ගහනවා. ඒක දැවැන්ත චිත්‍රපටයක්. වැඩේ ළංවුණාම ඒ ගැන වැඩි විස්තර කතා කරමු.