වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




පරීක්ෂණයට කැමති ජෝන්

පරීක්ෂණයට කැමති ජෝන්

කලක් ජනප්‍රිය නිරූපන ශිල්පියෙකුව සිටි ජෝන් ඒබ්‍රහම් සිය රංගන දිවිය ඇරඹුවේ 2003 වසරේ තිරගත වූ අනුරාගික චිත්‍රපටයක් වූ ‘ජිස්ම්’ සමඟයි. 2012 වසරේ ඔහු 'විකි ඩොනර්' චිත්‍රපටයෙන් නිෂ්පාදකයකු වුණා. අභියෝගාත්මක චිත්‍රපට වලට යොමු වීම තමාගේ පුරුද්දක් බවයි ජෝන් පවසන්නේ.

“මම පරෙස්සම් සහගතව වැඩ කරන විට අසමත් වෙනවා. එවිට ප්‍රේක්ෂකයින් මගෙන් ඒ ගැන අසනවා. එතකොට මම කියන්නේ සම්ප්‍රදාය නීරසයි කියලා. ‘ජිස්ම්’ අමුතුම ආකාරයේ චිත්‍රපටයක්. ‘විකි ඩොනරුත්’ එහෙමයි. මම හැම විටම මගේ චිත්‍රපට සමඟ පර්යේෂණ කරනවා. ඒවා කෙටි කාලීනව අසමත් වුවත් දිගු කාලීනව සාර්ථක ව්‍යාපෘති වනවා” ඔහු පවසනවා.

ඔහුගේ මීළඟ චිත්‍රපටය වන ‘රොකී හැන්ඩ්සම්’ හි ඔහු සහ සෲතී හසන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. එය හෙට (පෙබරවාරි 5) දින සිට තිරගතවීමට නියමිතයි.