වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




කරන් හාවඩ් සරසවියට

කරන් හාවඩ් සරසවියට

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ට අමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ඇරයුමක් ලැබිලා. ඒ එහි ළඟදී පැවැත්වීමට නියමිත 'India Conference' හි ප්‍රධාන කථිකයා විදිහට. ඒ ගැන කරන් මෙහෙම කියනවා.

“හාවඩයේ උත්සවයක ප්‍රධාන කථිකයා වීමට ලැබීම ගෞරවයක්. මම පෙබරවාරි 6 වනදා එහි සිසුන් අමතනවා. ජාත්‍යන්තර තලයේ එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගැනීම බොහොම සිත් ඇදගන්නා සුළු දෙයක්. ඒ සිසුන් සහ පීඨය සමඟ සම්බන්ධ වීම මටත් බොහොම වැදගත්”.

කරන්ගේ චිත්‍රපට බොහොමයක් ලෝකයේ විවිධ කලාපයන්හි ජනප්‍රියයි. ඒ නිසාම ඔහු එක අතකින් බොලිවුඩයේ ජාත්‍යන්තර මුහුණතක් ලෙසත් සමහරුන් දකිනවා. මේ දිනවල කරන් ජොහාර් සිය 'කපූර් ඇන්ඩ් සන්ස්' සහ 'ඒ දිල් හේ මුෂ්කිල්' චිත්‍රපටවල වැඩ කටයුතුවල නියැලෙන බව ආරංචියි.