වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




3 Idiots - 2 ?

3 Idiots - 2 ?

අමීර් ඛාන් පසුගිය දිනවල සිය ධන්ගාල් චිත්‍රපටයේ මල්ලවපොර ශූරයකුගේ ප්‍රධාන චරිතයේ රූගත කිරීම් කොටසක් අවසන් කළා. මේ දිනවල ඔහු එම චරිතයේ තරුණ කාලය රඟපෑම සඳහා තවත් කිලෝ 25ක් අඩුකර ගැනීමේ ව්‍යායාම වල නිරතව සිටින බවයි ආරංචි වෙන්නේ. ඔහු රාජ්කුමාර් හිරානිගේ නවතම චිත්‍රපටය වන ‘සාලා ඛදූස්’හි මංගල දර්ශනයටත් පැමිණ සිටියා. කලකට ඉහත ඉතා ප්‍රසිද්ධියට පත් අමීර්ගේ 3 Idiots චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත් හිරානි විසින්.

මේ නිසා රැස්වසිටි මාධ්‍යවේදියකු ඇසූ 3 Idiots හි දෙවන කොටසක් ගැන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ "3 Idiots - 2 පිලිබඳ මගේ අදහසක් තිබෙනවා. මම ඒ ගැන අභිජීත් සමඟත් සාකච්ඡා කළා. කොහොම නමුත් එහි 2 වන කොටස සඳහා තව කලක් ගතවේවි."