වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




වෙලාවට වැඩ කරන්න මට පුරුද්දක් නැහැ

වෙලාවට වැඩ කරන්න මට පුරුද්දක් නැහැ

- ශනෙල් ප්‍රනාන්දු

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ඔහුගේ නවතම සිනමාපටය වන දේදුනු ආකාසේ සමඟින් තවත් සුරූපිණියන් දෙදෙනෙකු සිංහල සිනමාවට හඳුන්වා දෙයි. අද FB හරහා ඉන් එක් අයකු මෙසේ ඔබට සමීප කරන්නෙමු.

නම?

ශනෙල් ප්‍රනාන්දු.

වෘත්තීය?

මෝස්තර නිරූපණය සහ රංගනය.

වයස?

අවුරුදු විසි හයයි.

උපන් දිනය?

1992. 12. 20

පදිංචිය?

බත්තරමුල්ල.

ඉගෙන ගත් පාසල?

කොළඹ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය.

සුරතල් නාමය?

ටීනා.

මේ වන විට ලැබූ ජයග්‍රහණයන්?

2014 වසරේ වීට් මිස් ශ්‍රී ලංකා තෙවැනි ස්ථානය, 2016 මිස් ග්ලොබල් තරගයේ ප්‍රථම ස්ථානය.

රංගනයට පිවිසුණේ?

මියුසික් වීඩියෝ සමඟින්.

දැනට රංගනයෙන් දායක වී ඇති ජනප්‍රිය මියුසික් වීඩියෝ?

ශෙහාන් මිහිරංගගේ ඔබගේ මතකයෙන් සහ ශේන් සිංගෙ නවතම වීඩියෝව.

ටෙලි නාට්‍ය සහ සිනමාව අතරින් වඩාත් කැමැති මාධ්‍ය?

සිනමාව. ටෙලි නාට්‍ය සඳහා කිසිම රුචිකත්වයක් නැත.

එකම බලාපොරොත්තුව?

සිනමා නිළියක් ලෙස ඉදිරියට යාම.

දේදුනු ආකාසේහි චරිතය?

පවනි.

පවනි සඳහා කැමැති වුණේ?

ඒ චරිතය ගැළපීම සහ හේමාල් රණසිංහ සමඟ රංගනයේ යෙදීමට හැකිවීම.

කැමැතිම නළුවා?

හේමාල් රණසිංහ.

කැමැතිම නිළිය?

යුරේනි නොෂිකා.

ආගම?

කතෝලික.

ජීවිතයට වඩාත්ම සමීප කෙනා?

දෙවැනි අක්කා.

හොඳම යාළුවා?

ඕෂධී හේවාමද්දුම.

විවාහක අවිවාහක බව?

අවිවාහකයි.

පෙම්වතකු සිටියිද?

ඔව්.

ඔහු ගැන වැඩි විස්තර?

දැන්මම ඕනෑ නැහැ.

පවුලේ විස්තර?

මමයි, අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි.

ජීවත්වීමට කැමැතිම රට?

ලංකාව.

අන්තිමයට නරඹපු සිංහල චිත්‍රපටය?

ප්‍රවේගය.

ජීවිතයේ ආපසු හැරෙන්නට ලැබුණොත් හදා ගන්නා වැරැද්ද?

වෙලාවට වැඩ කරන්නේ නැති වැරැද්ද.

දෙවියන් වරයක් දුන්නොත් ඉල්ලන්නේ?

වැඩි වැඩියෙයන් චිත්‍රපට ලැබෙන්න කියලා.

රසික රසිකාවන්ට ශනෙල් සම්බන්ධ කරගත හැකියාව ඇත්තේ?

ටීනා ශනෙල් කියන ෆේස් බුක් ෆෑන් පේජ් එක හරහා.

ශනෙල් ප්‍රනාන්දු කියන්නේ?

හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න කෙනෙක්.