වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




වසීර්ට වශී වෙලා

වසීර්ට වශී වෙලා

ලකී ඩයස් අලුතින් තිරගත වන දමිල හින්දි චිත්‍රපට බලන්නට රුසියා. ලංකාවට පැමිණෙන අලුත්ම චිත්‍රපට මොනවද කියලා ඔහුගෙන් දැගන්නට පුළුවන්.

මොකද ඔහු ඒතරම්ම ඒ පිළිබඳ දැනුමෙන් පෝෂිතයි. ලකී ඒ අලුත් චිත‍්‍රපට නරඹනවා විතරක් නෙවෙයි චිත්‍රපටය හොඳ නම් එය නරඹන්න කියලා තමන්ගේ හිත මිත්‍රයින්ට කියනවා. ඔන්න ඒ වගේ ලකී අලුත් චිත්‍රපටයක් හොඳයි කියලා මේ දිනවල සගයන්ට කෝල් කර කර කියනවාලු.

ඒ චිත්‍රපටයේ නම වසීර්. අමිතාබ් බච්චන් තමයි එහි ප්‍රධාන චරිතය මවන්නේ. වසීර් ලකීගේ හිත සසල කරලා. ඒතරම්ම එම සිනමාපටය විශිෂ්ටයිලු. චිත්‍රපට ශාලාවෙන් එළියට එන්නත් පෙර ලකී වසීර් ගැන හොඳ ප්‍රචාරයක් දීලා කියලයි අපට හිතුණේ.