වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




රන්වීර් සිං සහ වානි කපූර් එක් වේ

රන්වීර් සිං සහ වානි කපූර් එක් වේ

ආධිත්‍ය චොප්රා අධ්‍යක්ෂණය කල 'බෙෆික්රේ' චිත්‍රපටය මේ වසරේ අවසාන භාගයේ නිකුත් වන බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රන්වීර් සිං සහ වානි කපූර්.

වානි සිනමාවට තරමක් ආධුනික නමුත් දක්ෂ නිළියක්. ඇගේ පළමු චිත්‍රපටය 2013 වසරේ තිරගත වූ ‘ශුධ් දේශි රෝමෑන්ස්’ චිත්‍රපටය සඳහා ඇය ෆිල්ම්ෆෙයාර් ඇතුළුව සම්මාන උලෙළ 3කදී නැගී එන නිළියට හිමි සම්මානය දිනා ගත්තා.

ආදිත්‍ය චොප්රා මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සත් වසරකින් පසුවයි. ‘දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ’, ‘මොහබතීන්’, ‘රබ්නේ බනා දී ජෝදී’ වැනි චිත්‍රපට ඔහුගේ අධ්‍යක්ෂණයන්. මේ චිත්‍රපටය ගැන රන්වීර් මෙසේ පවසනවා. “ආධිත්‍ය සර් සමඟ වැඩ කිරීමට ලැබීම මට සතුටක්. ඔහු හැම විටම නැවුම් කතාවක් රැගෙන එනවා. සාමාන්‍යයෙන් ආධිත්‍ය චොප්රාගේ නිර්මාණ එකින් එකට හාත්පසින්ම වෙනස් ඒවා වීම විශේෂයි.”