වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ජනමාධ්‍ය ඇමතිට තුති

කලා ක්ෂේත්‍රය වෙත සේවය ඉටු කළ අසරණ කලාකරුවන් උදෙසා මුදල් පරිත්‍යාග කර ඔවුන්ට පිහිට වෙමින් ජනමාධ්‍ය ඇමතිතුමන් ඉටු කරන කර්තව්‍ය අගයමි.
 

සරත් ලියනගේ

රන්මුතුගල

චන්න ඔබට තුති මල්

කලකට ඉහතදී චන්න පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'පුංචි වීරයෝ' ටෙලි සිතුවම රීදී තිරයට ගෙන ඒම සඳහා සූදානම් වීමට අපේ තුති මල්.
 

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

කෑගල්ල

ශෙහානිට පැසසුම්

සුජාතා ටෙලි නාට්‍යයේ සුජාතා ලෙසින් රංගනයේ යෙදෙන ශෙහානි කහඳවලගේ රංගනය අගයමි. ඔබේ රංගන දිවියට සුබ පැතුම්.
 

බී. පී ගම්මුදලි

මාලිගාතැන්න

කඩුගන්නාව

ගයා ගීතයන්...

'ගයා ගීතයන් ගමේ වෙල් එළියේ' ඇසූ සැණින් සිහියට නැඟෙන්නේ අප අතරින් වියෝ වූ සිසිර සේනාරත්නය. එදා මෙදා තුර රැව් පිළිරැව් දෙන එම ගීතය අමරණීයයි.
 

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ස්

වෙන්නප්පුව

ඔබ වැනි අය තවත් නැතේ

ජෝති, විජය දශක ගණනාවක් කලා ක්ෂේත්‍රය බබළවන ලද මානුෂික හදවත්වලින් පිරි ජනප්‍රිය කලාකරුවන් බව අවිවාදයෙන් පිළිගැනේ. ඔවුන්ට ආවේණික වූ දක්ෂතාවලට සමීපවීමට තවමත් කිසිවෙකුත් සමත් වී නැත.
 

සරත් ලියනගේ

රන්මුතුගල

රුක්මණිය වෙනුවෙන් සැමරුම් උලෙළට ප්‍රණාමය

මෙරට ප්‍රථම නිළි රැජන සහ ගීත කෝකිලාවිය වූ රුක්මණී දේවියගේ 93 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැත් වූ රුක්මණී දේවී සැමරුම් ගී ප්‍රසංගය සහ ස්වර්ණ ගී ප්‍රසංගය පවත්වන්න කටයුතු යෙදූ සංවිධායකයන්ටත් ටවර් හෝල් අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු ඇතුළු ගායක ගායිකාවන්ටත් මගේ හද පිරි ප්‍රණාමය.
 

ලියනගේ සෝමරත්න ද සිල්වා

'පියසේන විලා'

මරදාන
අහුන්ගල්ල

සෙනුල්යා ඔබ විශිෂ්ටයි

ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වන මේඝා ටෙලි නාට්‍යයේ ළමා නිළි සෙනුල්යා දන්තනාරායන දියණියගේ රංගනය විශිෂ්ටයි. ඔබේ රංගනය මේඝා ටෙලි නිර්මාණය වර්ණවත් කරන්නට සමත් විය. සෙනුල්යා දියණිය, දිගු ගමනක් යාමට ඔබට ශක්තිය ධෛර්යය පතමි.
 

මනහර මහින්ද

බෙලිගල
 

ධර්මාශෝක ටෙලි සිත්තම මනරම්

දෙරණ නාළිකාවේ විකාශය වන ධර්මාශෝක ටෙලි සිතුවම මනරම් ටෙලි නාට්‍යය මාලාවක්.
 

නිලූකා

අවිස්සාවේල්ල

උපවංශගේ සරල බව

ලබැඳියේ ටෙලි නාට්‍යයේ උපවංශගේ සරළ ගති ලක්ෂණ පේ‍්‍රක්ෂක අනුකම්පාව ලබා ගනී. ඒ වෙනුවෙන් පණ පොවන කුමාර තිරිමාදුර මෙන්ම උසස් පොලිස් නිලධාරියාගේ චරිතයට පණ පොවන තිලක් කුමාරගේ රංගනයන් විශිෂ්ටය. ඉෂාන් ප්‍රමුඛ සෙන්ටිග්‍රේඩ් සංගීතය ද තේමා ගීතය ද ප්‍රේමාන්විතයි. මිහිරියි.
 

රෝෂිණි ඩිල්රුක්ෂි

මොරටුව

‘හඳයා’ගෙන් පසුව හොඳම ළමා චිත්‍රපටය

අසූව දශකයේ රිදී තිරයට පැමිණි 'හඳයා' ළමා චිත්‍රපටයෙන් පසුව තිරයට ආ හොඳම ළමා චිත්‍රපටය 'හෝ ගානා පොකුණ' බව අවිවාදයෙන් පිළිගැනීම වටී. කෙසේ වුවත් 'හෝ ගානා පොකුණ' අධ්‍යාපන බලධාරින්ට නොපෙනීම හා පාසල් ළමයින්ට නැරඹීමට නිර්දේශ නොවීම කනගාටුදායකය.
 

උපනන්ද

අඟුලාන දුම්රිය ස්ථානය

‘සුසර දැහැන’ නැවැත්වීම අසාධාරණයක්

ජාතික රූපවාහිනියේ ‘සුසර දැහැන’ ඈත් වී සිටි සහෘදයන් යළිත් ළං කළ අපූරු වැඩසටහකනි. පුරා හෝරා දෙකක් පුරාවට ගීතමය පිළිසඳරකින් අප සැනසූ ‘සුසර දැහැන’ නවතා දැමීම ජාතික රූපවාහිනියට ළබැඳි අපට කළ බලවත් අසාධාරණයක්.
 

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල

දුනුගහ

සම්මානනීය නොවීම කනගාටුවට

අමිල අබේසේකර රංගන ක්ෂේත්‍රයට පිවිස වසර ගණනක් ගත වුව ද සම්මානයට පාත්‍ර නොවීම පිළිබඳ අපගේ කනගාටුව.
 

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

පැරණි දින සටහන් පොතක සටහන්ව තිබුණා මෙසේ...

අද අවසන් ගමන් යන
එච්. ඒ සොයුරාණෙනි,
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි.
එනමුදු ඔබ,
අමතක නොවන මතකයකි.
මිනිසුන් අතරේ සැහැල්ලුවෙන්
පියමං කළ ඔබ,
අවසන් සයනයේ
මුණිවත රැකගෙන අද
අප සැම ඇවිදින්
කලාභවනට රැගෙන යන්නට
සොයුරාණෙනි,
ඔබේ දේහය
අපේ උර මතින්.
2010.02.07
 

ඊ. ඩී ශ්‍රියාපාල
 

විජය විහිළු වැඩියි

ප්‍රවීණ චරිතාංග නළුවෙක් වූ විජය නන්දසිරිගේ විහිළු දැන් ගොඩක් වැඩියි වගේ. විහිළුවලට විතරක් සීමා වෙන්න එපා.
 

ක්‍රිෂා

දළුවකොටුව

ගුවන්විදුලි මහගෙදර

ගුවන්විදුලි මහ ගෙදර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එදත් මුල් තැන. අදත් මුල් තැන. හෙටත් මුල්් තැන. නන්ද මුරුත්තෙට්ටුව, අධ්‍යක්ෂ ජනරාල් ලීලානන්ද හෙට්ටිආරච්චි, වෙළෙඳ සේවා අධ්‍යක්ෂිකා චිත්‍රා කුමාරි කළුබෝවිල ඔබ සැමට සුබ පතමි.
 

ආරියදාස පිංදෙණිය

බටවල

රසික ඇඳ බැඳගත් ලකීගේ රංගනය

මේඝා ටෙලි නිර්මාණයේ ඉතාම කල්පනාකාරි ලෙසින් හැඟුම්බර පුතණුවන්ට සහ සහ දඟකාර මිණිපිරියට අපිරිමිතව ආදරය කරමින් රසික සිත් ඇඳබැඳ ගනිමින් කළ ලකී ඩයසගේ රංගනය ප්‍රබලයි.
 

ක්ලෝඩ් ලිවේරා

නාලිනි ලිවේරා

මීගමුව

සම්මානයේ අසිරිය

සරසවියේ අඩ සියවස නිමවෙනවා
සම්මානයේ තිස්තුනටත් එළඹෙනවා
නළු නිළි රසික පාඨක සැම එක්වෙනවා
ඔබත් මමත් සිත් සතුටින් හමුවෙනවා

තරු පිරිවර සමඟින් සැම එකතුවෙනා
සම්මාන රණ තිසර කුසලතාවයන් පුදනා
උලෙළ පැවැත්වෙනවා දැනගන්නට ලැබුණා
මහද හැඟුම් දලු ලා විකසිතව පිබිදුනා
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව

ජෝති සමරු මුද්දරයට රසික ප්‍රණාමය

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම පිළිබඳ වගකිවයුතු සැමට තුති පුදමි.
 

දයාරත්න ගනේගොඩ

කැලණිය
 

උපදින හැම වාරේ හමු වේවා සංසාරේ

උපදින හැම වාරේ
හමු වේවා සංසාරේ
අන් කවරෙක් නොව
අසහාය ගායක
ජෝති මිස
වෙන කවුරුත් නොවේ

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

0719538072
ප්‍රතිචාර සඳහා නවතම අංකයක්