වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ හිතයි දින පොතයි

හොඳ හිතයි දින පොතයි

ඔන්න දවසක්දා හැන්දෑවක කොළඹ හෝටලයක තිබුණු පාර්ටි එකකදී අර්ජුන කමලනාත්ට තම මාධ්‍ය හිතවතුන් කිහිප දෙනෙකු මුණ ගැසුණා.

'අපි යමුද පොඩ්ඩක් එළියට?'

එහෙම පවසා අර්ජුන ඔවුන්ව උත්සවය තිබුනු ශාලාවෙන් එළියට රැගෙන ගියා. අර්ජුන කෙළින්ම නතර වුණේ තමන්ගේ වාහනය ගාව. එහි දොර විවෘත කළ ඔහු මාධ්‍ය සගයන්ට ඩයරි හා කැලැන්ඩර් රාශියක් ලබා දුන්නා.

'මේක තමයි මගේ මේ දවස්වල ප්‍රධාන රාජකාරිය'

අර්ජුන එහෙම කිව්වේ හිනාවෙන ගමන්. ඔහු පෞද්ගලිකව කතා කොට තමන්ට පසුගිය වසර පුරා උදව් උපකාර කළ අයට ඩයරි සහ කැලැන්ඩර් ලබා දුන්නා. එහෙම දෙන්න බැරිවුණ අයට ඔය වගේ පාර්ටිවලදී ඒවා බෙදු දුන්නා. මොනවා වුණත් අර්ජුන ඒ කරපු දේ අගය කරන ඕනෑ.

උදව් ගන්න පමණක් මාධ්‍ය හොයාගෙන එන අය මාධ්‍යයෙන් උදව් ලැබුණු පසු ආයේ උදව්වක් ඕනෑ වෙනකම් මාධ්‍යවේදීන් උන්නද මළා ද කියලා හොයන්නේ බලන්නේ නැති කාලේ අර්ජුනට විතරක් හරි මාධ්‍යවේදීන් වෙනුවෙන් ඔවැනි දෙයක් කරන්නට මතක් වෙච්ච එක ගැන සතුටුයි.