වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




Fun Music

Fun Music

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

බුද්ධිකගේ රජා

රජා එනවා අන්න රජා එනවා
ෆේස් බුක් රජා තමයි මං
ෆේස් බුක් රජා තමයි මං

ගායනය - බුද්ධික රඹුක්වැල්ල

පද රචනය - නදීකා ප්‍රියදර්ශනී

සංගීතය - ඩිලන්ත සිරි පතිරණ

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - රනුෂ්ක ප්‍රනාන්දු

ගීතයෙහි ශබ්ද පරිපාලනය හා මිශ්‍රණය - පසන් ලියනගේ

මියුසික් වීඩියෝවේ රඟපෑ නළු නිළියන් - රොෂාන් රණවන, සඳුන් විජේසිරි, හිමාලි සිරිවර්ධව, මිෂෙල් දිල්හාරා, බිංදු බෝතලේගම

මෙය හාස්‍යොත්පාදක ගීතයකි. රංගන ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන බුද්ධික ඉඳහිට ගැයූ ගී අතර මෙය විශේෂ වන්නේ වියෝව සඳහා විශේෂ ප්‍රයෝග වැඩි වශයෙන් භාවිතකොට ඇති හෙයිනි.

හිරි පොදේ දැවටිලා

හිරිපොදේ දැවටිලා
අපි එදා පෑ සෙනෙහේ
දිලි දිලි මවනවා
දෝරෙ ගලනා සෙනෙහේ

ගායනය - දුලක්ෂාන් අචින්ත

පද රචනය - අකිල විමාන්ග

සංගීතය - අමිත් ගුරු

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - විකුම් පියුමාල්

ඉදිරිපත් කිරීම - වී. සිනමා

 

ශලින්දගේ පළමුවැන්න

ඔබ කි'යන්නෙ ඔබ ගියාම
හඬන්නෙපා කියලද
කඳුළු එද්දී ඇහැ දිගේම
පිසින්නෙපා කියලද

ගායනය - ශලින්ද ප්‍රනාන්දු

පද රචනය - දිවාක් පෙරේරා

සංගීතය - නුවන්

මියුසික් විඩියෝවේ අධ්‍යක්ෂක - අජන්ත ඒකනායක

නිෂ්පාදනය - ස්කයි පික්ස් මීිඩියා

මෙය ගයන ශලින්ද ඕල්රයිට් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා වේ. මේ ඔහුගේ පළමු මියුසික් වීඩියෝව වේ.

 

තුන්කොන් ආදරයක්

ඔබ යන්න දුර යන්න
දුර යන්න හිතෙනවා නම්
ඔබ එන්න යළි එන්න
යළි එන්න හිතෙනවා නම්

ගායනය - ශාරා ගලප්පත්ති

සංගීතය - ත්‍රීෂාන් බදුගේ

මියුසික් විඩියෝවේ අධ්‍යක්ෂක - නවින් පෙරේරා

ඉදිරිපත් කිිරීම - වොයිස් ලංකා

මෙය ගායනය කරන ශාරා සුපර් ස්ටාර් තරගාවලිය ඔස්සේ ගායනයට පිවිසි අයෙකි. මෙහි වීඩියෝව

නිර්මාණය වී ඇත්තේ තුන්කොන් ආදර කතාවක් ඇසුරෙනි.