වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




නිහඬ සේවාවට මල් මිටක්

නිහඬ සේවාවට මල් මිටක්

නාලක වීරමන් මේ දිනවල ඉන්නේ ඉතාම සතුටින්. ඒ පසුගියදා නිමාව දුටු චිත්‍රපට උළෙලක් හින්දා. ඒ තමයි පොල්කිච්ච වර්ණ සිනමා උළෙළ. සාමාන්‍යයෙන් සිංහල සිනමා ඉතිහාසයේ මොන යම් හෝ විස්තරයක් දැනග්නනට ඕනැ නම් බොහෝ දෙනෙකු කතා කරන්නේ නාලකට. ඔහු සතු දැනුම් ගබඩාවෙහි ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. නවීන තාක්ෂණයෙන් නිපැයූ කම්පියුටර් පරාදයි නාලකගේ මේ සිනමා දැනුමේ ගබඩාවට.

වැඩි දෙනෙකු දන්නේ නැහැ නාලකගෙන් සිංහල සිනමාව පිළිබඳ විස්තර ගන්න පුළුවන්ද කියලා. හරි, දැන් ඉතින් දන්නවනේ. එහෙනම් ඕනෑ වෙලාවක 0776379139 අංකයට කතා කරලා සිංහල සිනමවෙහි ඔබට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්. කතාවෙන් කතාවෙන් කතාව වෙනම පැත්තකට යොමු වුණා. මං කියාගෙන ආවේ මේකයි. පොල්කිච් වර්ණ සිනමා උලෙළෙහි තිරගත වූයේ පොල්කිච්චාගේ වර්ණය හෙවත් කළු සුදු වර්ණයේ චිත්‍රපට.

ඉන් ඇතැම් චිත්‍රපටවල තෙරතුරු ද සොයා ගන්නට අමාරුයි. නාලක තමයි නාමාවලියේ ඉඳලා චිත්‍රපටවල තොරතුරු ලබාදීලා තියෙන්නේ. ඒ හින්දා උලෙළේ සෑම චිත්‍රපටයක්ම තිරගත වන්නට පෙර නාලකට ස්තුති කරලා නම සනිටුහන් වුණාලු. ඒ විතරක් නෙවෙයි උලෙළ සමාරම්භයේදී නාලක ගැන විශේෂ සඳහනකුත් කළාලු.

කලකට පසු ඔහුගේ නිහඬ සේවාව ඇගයීම පිළිබඳ ඒ කළ කාර්යයට තමයි නාලකට ගොඩක් සතුටු හිතිලා තියෙන්නේ. මේ නාලක කියන්නේ සන්තුෂ් හා දුෂ්්‍යන්ත් වීරමන් දෙසොහොයුරන්ගේ තාත්තා. ඒවගේම නාලකගේ පියා පළමුවන චිත්‍රපට කොමිෂන් සභාවේ සාමාජික පාලිත වීරමන් මහත්තයා.