වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රමාණය බලා කෑම

ප්‍රමාණය බලා කෑම

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන දේදුනු ආකාසේ සිනමාපටයෙහි මුහුරත් උලෙළ දා ආරාධිත කතාව පැවැත්තුවේ උපුල් ශාන්ත සන්නස්ගල විසින්. ඔහු එම කතාව අතරතුරදී කලාවට සම්බන්ධ නැතත් විශේෂ කාරණාවක් පිළිබඳ සඳහන් කළා. මොනවා වුණත් සන්නස්ගල පැවසූ දේ නම් ඇත්තම ඇත්ත.

එක එක ජාතින් ආහාර සම්බන්ධයෙන් හිතන හැටි ගැනයි ඔහු කිව්වේ. ඒ වෙනුවෙන් රටවල් හතරක් සන්නස්ගල උදාහරණයකට ගත්තා. පළමු රට ජපානය. ඔවුන් ආහාර ගන්නේ මනසින්. ඒ හින්දා ජපනුන් තමන්ට ලැබෙන ආහාරයේදී තත්ත්වය බලන්නේ සිතින් සිතලා.

දෙවැනි රට චිනය. ඔවුන් ආහාර ගන්නේ සුවඳින්. ඒ හින්දා චීනුන් තමන්ට ලැබෙන ආහාරයෙහි තත්ත්වය බලන්නේ සුවඳ විඳලා.

තෙවැනියට ඉන්දියාව. ඔවුන් ආහාර ගන්නේ රස බලබල . ඒ හින්දා ඉන්දියානුවන් ආහාරයෙහි තත්ත්වය බලන්නේ රසයෙන්.

හතර වැනි රට ලංකාව. ඔවුන් ආහාරය ගන්නෙ එහි ප්‍රමාණය බලලා. ඒ හින්දා ලාංකිකයන් ආහාරයෙහි තත්ත්වය බලන්නේ ප්‍රමාණයෙන් පමණයි. ලොකුවට තිබුණා නම් කෑම රස නැති වුණත් කමක් නැහැ. බලාගෙන ගියාම ඒ කතාව ඇත්ත නේද.