වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සල්මන්ගේ නිදහස අහියෝගයට

සල්මන්ගේ නිදහස අහියෝගයට

සල්මන් ඛාන් බොහෝ කාලයක් මුළුල්ලේ වාහනයකට පුද්ගලයින් යට කළේ යැයි යන වරදට චෝදනා ලැබ උසාවි ගිය බව ප්‍රකට පුවතක්. එක් විනිශ්චයකදී වරදකරු වුවද, බොම්බේ මහාධිකරණයට අභිආචනයක් ඉදිරිපත් කළ පසුව ඔහුව නිදොස් කර නිදහස් කළා. කෙසේ නමුත් සල්මන් පසුපස මේ සිද්ධිය තවමත් එළවන බවයි පෙනෙන්නේ.

ඒ පසුගිය සතියේ මෙම නඩුව පළමුව පැවරූ මහාරාෂ්ට්‍ර රජය බොම්බේ මහාධිකරණයේ තීන්දුව දෝෂ සහගතය යනුවෙන් ගොනුකළ පෙත්සමක් සමඟයි. කෙසේ නමුත් සල්මනුත් ඊට එරෙහිව තවත් පියවරක් අරන්. පසුගිය 28 වනදා ඔහු කළේ මෙම සිද්ධිය ඔහුගේ පසින් සිට අසන තෙක්, මහාරාෂ්ට්‍ර රජයේ පෙත්සම විභාග කිරීම කල් දමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමයි.