වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මේරි කොම්ට සම්මානයක්

මේරි කොම්ට සම්මානයක්

ඉන්දියානු ජාතික ඔලිම්පික් සම්මානලාභි බොක්සිං සූරි මේරි කොම්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ Mary Kom චිත්‍රපටයට පසුගියදා හොඳම චිත්‍රපටය වෙනුවෙන් වූ සම්මානයක් හිමි වුණා. ඒ ස්වීඩනයේ පැවැති 2015 කණිෂ්ඨ ස්ටොක්හෝම් අන්තර්ජාතික සිනමා උළෙලේදීය.

ඕමන්ග් කුමාර් අධ්‍යක්ෂණය කළ Mary Kom චිත්‍රපටයට ස්ටොක්හෝම් අන්තර්ජාතික සිනමා උළෙලේ ඉහළින්ම ඇගයෙන ලෝකඩ අශ්වයා ගෞරව සම්මානය පිරිනැමුණි. කණිෂ්ඨ ස්ටොක්හෝම් අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරිය නියෝජනය කරන ලද්දේ වයස අවුරුදු නවයත් දහහතත් අතර වයසේ පසුවන දරුවන් විසිනි.

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා විසින් Mary Kom චිත්‍රපටයේ මේරි කොම්ගේ චරිතයට පණ පොවන ලදී. පසුගිය 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී එය තිරගත කෙරිණි.

මෙම ජයග්‍රහණය ඉන්දියාව සහ ස්වීඩනය අතර සබඳතාවය නංවන පාලමක් ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ ඕමන්ග් කුමාර් පෙන්වා දෙනවා. තවද ලඟදීම ස්වීඩනයේ පවත්වන්නට නියමිත ඉන්දීය චිත්‍රපට උළෙලේදී Mary Kom චිත්‍රපටය යළිත් තරගත කරන්නත් නියමිතයි.