වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමය නම් බීජිං උළෙලේ හොඳම චිත්‍රපට අතරට

ප්‍රේමය නම් බීජිං උළෙලේ හොඳම චිත්‍රපට අතරට

අද නිමාව දකින චීනයේ පස්වන බීජිං අන්තර් ජාතික සිනමා උළෙලේ ඉදිරි අනාගත අංශයේ හොඳම චිත්‍රපටය, අධ්‍යක්‍ෂණය සහ තිර රචනය සඳහා ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය නිර්දේශව ඇත්තේය.

වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දා අමෙරිකා එක්සත් ජනපදයේ හොලිවුඩ් නගරයේ පැවැත්විණ. හොලිවුඩ් සිනමා කර්මාන්තයට සම්බන්ධ වෘත්තීය වේදීන් සහ ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන ශ්‍රී ලාංකික අමෙරිකානු වෘත්තීය වේදීන්ගෙන් පිරුණු ප්‍රේක්‍ෂකාගාරය දර්ශනය අවසානයේ චිත්‍රපටයට උණුසුම් ප්‍රතිචාර දැක්වීය. මේ සඳහා අධ්‍යක්‍ෂවරු දෙපළ සමඟ කැමරා අධ්‍යක්‍ෂ ජාන් ෂෙන්බර්ගර්ද මෙම අවස්ථාවට සහභාගී විය.

ප්‍රේමය නම් කතාව ගලා යනුයේ සත්‍ය කතාවක් ඇසුරිණි. ආදරය මඟින් සිත් සුවපත් කළ හැකි බව පේ‍්‍රමය නම් මඟින් අපට පසක් කරදේ.

ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, විශේෂඥ වෛද්‍ය සතිස් විජේමාන්න, ප්‍රධාන චරිතවලට පණ පොවන මෙහි කැමරා අධ්‍යක්‍ෂණය ජාන් ෂෙන්බර්ගර් ගෙනි. ශබ්ද නිමැවුම තපස් නායක් සහ ඇන්ඩෘ ස්කොට් ඩන්කන් ගෙනි. පසුබිම් සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ ගෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත රචනාකොට ඇත. ප්‍රසන්න විතානගේ විධායක නිෂ්පාදනයෙන් දායක වූ අතර සහාය අධ්‍යක්‍ෂණය දමින්ද ඩී. මඩවල ගෙනි. පේ‍්‍රමය නම් අධ්‍යක්‍ෂවරු දෙපළගේ රචනයකි.

කල්පන ආරියවංශ, පේ‍්‍රම් දිසානායක, අතුල මහවලගේ සහ සුජීව විජේසිංහ පේ‍්‍රමය නම් නිෂ්පාදනය කොට ඇත. - ප්‍රසාද්