වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

කලා ලොවේ පීරිස්ලා

ලෙස්ටර් ජේම්ස් පීරිස් - චිත්‍රපට අධ්‍යක්ෂ

ආරියදාස පීරිස් - ගුවන් විදුලි නිවේදක

රංජිත් පීරිස් - ගුවන් විදුලි නිවේදක (මියගිය)

ජයන්ත පීරිස් - ගුවන් විදුලි නිවේදක

නෙල්සන් පීරිස් - ගුවන් විදුලි නිවේදක

ස්ටැන්ලි පීරිස් - සංගීත අධ්‍යක්ෂ

ඩී. ආර්. පීරිස් - සංගීත අධ්‍යක්ෂ

මනෝජ් පීරිස් - සංගීත අධ්‍යක්ෂ

නෙහාරා පීරිස් - ටෙලි නිළිය

අශෝක පීරිස් - චිත්‍රපට නළු
 

සරත් රණසිංහ

කපුගොඩ, මාළිඳ

මල්ලව පොර

දුලීකා මාරපන හා නිල්මිනි කෝට්ටේගොඩ අතර කෙරෙන මල්ලව පොර තරගයක් ඇතුළත් ටෙලි නාට්‍යයක් ඉදිරි කාලයේදී හෝ නැරැඹීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ

අකුරු දෙකේ චිත්‍රපට

සාමා, ශීලා, සුසී, සාරා, සැලී, ගීතා, සදා, ස්ත්‍රී, සුබා, ආශා, අබා, දෝණි, පූජා, මායා, මාත්‍රා, විදු, රෝසි, රැරූ, ලව් - 94, ලව් - 2002, නීලා.
 

රත්න කහඳව

කැකුලාවල, අලව්ව

වෙලාවේ වෙනසක් ඕනෑ

ජාතික නාළිකාවේ භාරත ගී විකාශය කරන වෙලාව වෙනස් කරන්න. එම වෙලාවටම ධ්. ඊ. ව්. එකේ ද භාරත ගී වින්දන ඉදිරිපත් කරන නිසා.
 

ඩී. බී. කුලතුංග

පූගොඩ

මල් කළඹක්

ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායමේ ප්‍රධානි ප්‍රවීණ නාට්‍යවේදී එම්. සෆීර්ගේ අදහසක් මල්පල දරමින් සිව් වසරක් තිස්සේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළල මෙරට කලා කෙත පෝෂණයට ලබා දෙන රුකුල අති මහත්ය. දුෂ්කරතා මැද වුව ද මෙවැන්නත් පැවැත්වීම යුගයේ අවශ්‍යතාවක් බව නොකියාම බැරිය. ලොව පුරා රටවල් රැසක නාට්‍ය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට නැරැඹීමේ දුර්ලභ වටිනා අවස්ථාව උදා කර දීම වෙනුවෙන් සෆීර් ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමට ප්‍රේක්ෂක සැමගේ ප්‍රශංසාව හා ධෛර්යය නොඅඩුව ලැබිය යුතුය. ඉදිරියට සාර්ථක ගමනක් යාමට උළෙලේ සංවිධායකයන්ට හැකිවේවායි සුබ පතමි.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

සිනමාවේ කැන්දන් ආ ජෝඩු

සිරිපාල හා රන් මැණිකා, තිලක හා තිලකා, නාමල් රේණු, නුවන් රේණු, විජය ගීතා, චරිත රංගාලි, රඹා සහ මධූ, ජනක සහ මංජු, බිනරි සහ සුදු බංඩා, විජය . . . . . ., කුස පබාවතී, රොමියෝ ජුලියට්.
 

කමල් ප්‍රියන්ත ජයසිංහ

ගොඩගම ජනපදය, නක්කාවත්ත

නිරෝගී සම්පත් හිමිවේවා!

සීදූව බ්‍රාවෝ සංගීත කණ්ඩායම් නායක අජිත් විතානගේ පසුගිය දිනවල රෝගාතුව රෝහල්ගතව සිටියා. නිහතමානී සුන්දර පුද්ගලයෙක් වූ අජිත් විතානගේට ඔබගේ කලා කටයුතු සාර්ථකව කරගෙන යෑමට දිවිය පුරාවටම නිරෝගී සම්පත් හිමිවේවා.
 

සුසිලා පතිරාජ

පුබුදුගම, උස්වැටකෙයියාව

S.M.S.

1970 දශකයේ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු ඔන්න මාමේ කෙල්ල පැනපි සහ ඔන්න බබෝ බිල්ලෝ එනවා වගේ ලස්සන චිත්‍රපට හිරු නාළිකාවෙන් පෙන්වන්න කියා අපි ඉල්ලා සිටිනවා.
 

වීරසිංහ

අනුරාධපුර

සුරේන්ද්‍ර අයියේ ඔයා මොකද මේ දවස්වල කරන්නේ? ඔයා අලුත් සිංදුවක් එහෙම කළේ නැද්ද. අපි ආසාවෙන් ඉන්නේ ඔයාගේ අලුත් සිංදුවක් අහන්න.
 

නිලූකා

නාත්තන්ඩිය

සන්ධ්‍යා කුමාරි මහත්මියගේ චිත්‍රපට ගැන සරසවිය පුවත්පතේ යනවා නම් ගොඩක් හොඳයි.
 

අමන්තා

කඳාන

සාරංග අයියේ ඔයාට අධ්‍යක්ෂවරයෙක් වෙන්න සුදුසුකම් තියෙනවා. ඇයි ඔයා තාමත් ප්‍රමාද?
 

හරෂ විරාජ්

මාකඳුර

මෙරට සංගීත ක්ෂේත්‍රයට ජනප්‍රිය වූ ගීත රැසක්ම නිර්මාණය කළ සංගිතවේදී කෘතහස්ථ පැක්ට්‍රික් දෙණිපිටිය අමරණීයයි.
 

අතුල

පාණදුර

මේ දවස්වල සිරස ටී. වී. ඔස්සේ විකාශය වන මේ ආදරයයි ටෙලි ඩ්‍රාමා එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. එම ඩ්‍රාමා එක බැලුවේ නැත්නම් අපිට හරියට නින්ද යන්නෙත් නැහැ.
 

ලක්මාල්

නාත්තණ්ඩිය

තරුණ පරපුරේ ගායකයෝ 'පෙම් ගීත' රැල්ලටම කොටු වෙලා. බොදු බැති ගීත, මව්පිය ගුණ ගීත ඇසෙන්නෙම නැති තරම්.
 

අනුලාවතී

අවිස්සාවේල්ල

සිරස ටී. වී. ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 8.30 ට විකාශය වන සුජාතා ටෙලි නාට්‍යයේ චරිත ගැළපෙන ලෙස යොදා ගෙන තිබුණත් පොඩි සුජාතා වෙනුවට ලොකු සුජාතා නම් ගැළපෙන්නේ නැහැ. ලොකු සුජාතාගේ චරිතය සඳහා තිසුරි යුවනිකාව තෝරා ගත්තා නම් මරු.
 

වැලිගම

ෆාතිමා

අයි. ටී. එන්. එකේ දැන් සතියේ දිනවල පෙන්වන්නේ හින්දි චිත්‍රපට. සිංහල චිත්‍රපට පෙන්වන්නේම නැහැනේ.
 

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

රිදී තිරයේ බෝනික්කිය තමයි පූජා උමා ශංකර්.
 

නිලූකා

අවිස්සාවේල්ල

ස්පන්දන චිත්‍රපටයේ මියගිය නැන්දනියගේ චරිතය මවන දිල්හානි අක්කාගේ රංගනය විශිෂ්ටයි. එම කැපවීම කිසිම කෙනෙකුට දෙවැනි නැහැ.
 

පී. ඩී. හර්ෂ විරාජ්

මාකඳුර

'ප්ලෑෂ් බෑක්' රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ඔයාලා තමයි ශ්‍රී ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල

ඉරිදා රාත්‍රී 10.10 ට ජාතික රූපවාහිනියේ යන 'සිහිනයකි රෑ' සංගීතමය වැඩසටහන මෙහෙය වන මහේෂ් නිශ්ශංක අයියා හරි අපූරුවට එය මෙහෙයවනවා. ඔහු කවදත් අපිට සුරම්‍ය රාත්‍රී, සඳ දිය දෝතක් වැනි උසස් රස වින්දනය ගෙන එන සංගීතමය වැඩ සටහන් තමා ජාතික නාළිකාවෙන් ඉදිරිපත් කළේ්. ඔහුටත්, කවදත් ගුණාත්මක වැඩසටහන් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන ජාතික නාළිකාවට අපගේ ප්‍රණාමය.
 

ඉෂිනි

උඩුකුඹුර, මහරගම

අලුත් අධ්‍යක්ෂවරයකු වෙතින් තැනෙන 'උලත් එකයි පිලත් එකයි' අපේ වාණීජ සිනමාවට ඔබින චිත්‍රපටයකි. චිත්‍රපට කර්මාන්තයේ පැවැත්මට මෙවැනි චිත්‍රපට අවශ්‍යයි.
 

සුමිත් සුදර්ශන

වතුරගම

සිරස ටී. වී. එකේ යන උතුම් පැතුම් ටෙලි ඩ්‍රාමා එක ගොඩක් ලස්සනයි. විශ්ව කාවිංග, ඉෂාරා ඇතුලු සියළු දෙනාම ගොඩක් හොඳට රඟපානවා. අපි ආසාවෙන් බලන ටෙලි ඩ්‍රාමා එකක්.
 

හිරු

කඩවත

ශිහාන් අයියේ ඔයාගේ සිංදු වගේම ඔයත් මාරම මාර ලස්සනයි. ඔයාට තව තවත් ලස්සනට සිංදු කියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
 

තාරුකා සෙව්වන්දි

මාවතගම

ප්‍රතිචාර සඳහා
අලුත් දුරකතන අංකයක් 0773042834 ඔබේ ප්‍රතිචාර SMS මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්

ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතය.