වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

ජීවිතය දිගු ගමනකි

ද හන්රඩ් ෆුට් ජර්නි

THE HUNDRED FOOT JOURNEY

තරමක් පැරැණි වුව ද උසස් රස වින්දනයට කැමැති ප්‍රේක්ෂකයාට කදිම චිත්‍රපටයකි ද හන්ඩ්‍රඩ් ෆුට් ජර්නි චිත්‍රපටය.

ඉතාමත් ජනප්‍රිය නවකතාවක් ආශ්‍රයෙන් තනා ඇති මෙම නිර්මාණය සම්මානලාභී මයි ලයිෆ් ඈස් අ ඩෝග්, ද සයිඩර්, හවුස් රූල්ස් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ස්වීඩන සිනමාකරු ලැසි හෝල්ස්ට්‍රෝම්ගේ චිත‍්‍රපටයකි. ප්‍රංශයේ ආපන ශාලාවක් පවත්වා ගෙන යන ඉන්දියානු හා ප්‍රංශ පවුල් දෙකක් වටා ගෙතුණ මෙම චිත්‍රපටයෙහි හෙලන් මීරන්, ඕම් පූර්, මනිශ් දයාල්, චාර්ලට් ලී බොස් රංගගනයෙන් දායක වී ඇත.

චණ්ඩ මාරුතයක්

සඳමාරුතම්

SANDAMARUTHAM

දෙමළ සිනමාවේ අති ජනප්‍රිය නළුවකු වන සරත් කුමාර් රඟන නවතම චිත්‍රපටය සඳමාරුතම් මේ දිනවල ද්‍රවිඩ සිනමාලෝලීන් අතර ඉමහත් සේ ජනප්‍රිය චිත්‍රපටයකි.

සරත් කුමාර් සමඟ දිව්‍යා, මීරා නන්දන්, ඕවියා රඟන මෙය ඒ වෙන්කටේජ්ගේ අධ්‍යක්ෂණයකි. නිෂ්පාදනය රාධිකා සරත් කුමාර්ගෙනි.

හොල්මන් හා අවතාර පිරි

13 ආම් පාක්කම් පරක්කා

13 AAM PAKKAM PAARKKA

ජනප්‍රිය නැති පොතක් ආශ්‍රයෙන් තැනූ ජනප්‍රිය චිත්‍රපටයක් වන 13 ආම් පාක්කම් පරක්කා හොල්මන් සහ අවතාර ගැන කියැවෙන චිත්‍රපටයකි.

රට්ටන් මෞලි, ශ්‍රී ප්‍රියංකා, ශ්‍රී රාම් කාර්තික්, ආක්ශේ කුමාර් රඟන මෙම ත්‍රාසජනක චිත්‍රපටය බ්‍රයන් පැට්රික් ඕ වුල් නිෂ්පාදනය කර ඇත.

13 ආම් පාක්කම් පරක්කා පුගලාමනිගේ අධ්‍යක්ෂණයකි.

ක්‍රියාදාමයක අවසානය ගැන සිතන්න

බ්ලැක් සී

BLACK SEA

ද ලාස්ට් තින්ග් ඔෆ් ස්කොට්ලන්ඩ් සහ ටචින්ද වොයිඩ් අධ්‍යක්ෂණය කළ කෙවින් මැක්ඩොනල්ඩ්ගේ නවතම චිත්‍රපටයයි බ්ලැක් සී.

චරිතාංග නළු ජුඩි ලො ස්කොට් මැක්තෙයාරි, බෙන් මෙන්ඩෙල්සෙන්, ඩේවිඩ් ත්‍රිල්හෝල් රඟන බ්ලැක් සී චාර්ල්ස් ස්ටෙල් සහ කෙවින් මැක්ඩොනල්ගේ නිෂ්පාදනයකි.