වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳම යෙහෙළියන් දෙන්නෙක්

හොඳම යෙහෙළියන් දෙන්නෙක්

කෙතරම් සුරූපි වුණත් ඇතැම් රංගන ශිල්පිනියන් එකිනෙකා අතර තිබෙන සුහදත්වය නම් ඔවුන් තරමට සුන්දර නැති බව බොහෝ තැන්වලදී අසන්නට ලැබෙන දෙයක්. එහෙත් අනුෂ්කා ෂර්මා සහ කත්‍රිනා කයිෆ්ගේ මිතුරුකම නම් බොහොම සුන්දරව ගලා යන මිතුරු දමක් කියලා ආරංචියි.

මේ දෙදෙනාගේ මිතුරුකම ආරම්භ වෙලා තියෙන්නේ යෂ් චොප්රා අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය වූ Jab Tak Hai Jaan චිත්‍රපටය සමඟිනුයි. මේ දෙදෙනාගේ තියෙන බොහෝ සමානකම් මේ මිතුරුදම ශක්තිමත් වෙන්න හේතු වෙලා තියෙනවා කියලත් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධයි.

මේ නිසාම කත්‍රිනා සහ අනුෂ්කා තවත් අලුත් චිත්‍රපටයකින් ඔබ හමුවෙන්න එන්න නියමිත බවත් ආරංචියි. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කරන් ජොහාර් විසින්. අනුෂ්කායි කත්‍රිනායි දෙන්නාම මේ දවස්වල මේ අලුත් චිත්‍රපටයේ පිටපත බලමින්ලු සිටින්නේ.