වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මනෝජ් බජ්පායිගේ අලුත් පියවර

මනෝජ් බජ්පායිගේ අලුත් පියවර

බොලිවුඩ් නළු මනෝජ් බජ්පායි සිනමා ජීවිතයේ තවත් අලුත් පියවරත් තබලා. වසර ගණනාවක් රංගන ජිවිතයක් ගත කළ ඔහු චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පියවර තබා අවසන්. “මේක බොහොම ස්වාභාවික පියවරක්. වසර ගණනක් සිනමාවෙන් ලද අත්දැකීම් අනුව ඕනෑම කෙනෙක් ඒ අත්දැකීම් සමඟින් නව පියවරක් තබනවා.

මේ මගේ ජීවිතයේ එවැනි පියවරක්. විසි වසරක් මම චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා. දැන් මම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නයි සූදානම් වෙන්නේ”. මනෝජ් පවසනවා.

මනෝජ්ගේ මේ අලුත් චිත්‍රපටයේ ඔහු සමඟින් බොලිවුඩ් නිළි තාබු රංගනයෙන් දායක වෙනවා. මීට පෙර මනෝජ් සහ තාබු Dil Pe Mat Le Yaar සහ Ghaath  චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා. දිබුකාන්ත් මුකුල් විසින් අධ්‍යක්ෂණය කෙරෙන මෙම නව චිත්‍රපටය ත්‍රාසජනක චිත්‍රපටයක් බවත් ආරංචියි.