වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ආලෝකෝ උදපාදි යූ ටියුබ් හරහා ජනප්‍රිය වෙයි

ආලෝකෝ උදපාදි යූ ටියුබ් හරහා ජනප්‍රිය වෙයි

චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය අන්තර් ජාලයට එක් කොට මේ වන විට මාසයක් ඉක්මවා තිබේ. එම කාලය ඇතුළත නරඹා ඇති සංඛ්‍යාව හැත්තෑදහසකි.

මෙරට චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් අන්තර් ජාලය හරහා වැඩිපුරම නැරැඹූ චිත්‍රපටය වශයෙන් ආලෝකෝ උදපාදි වාර්තා පොතට එක් වන බව විචාරකයෝ පෙන්වා දෙයි.

සමන් වීරමන් තිර රචනයෙන් සහ උපදේශන අධ්‍යක්ෂණයෙන් දායක වන මෙහි බුද්ධදාස විතානාරච්චි, දර්ශන් ධර්මරාජ්, දිල්හානි අශෝකමාලා ඇතුළු නළු නිළියන් එකසිය පනහකට අධික ප්‍රමාණයක් රංගන දායකත්වය සපයා ඇත. කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන ආලෝකෝ උදපාදි හි නිෂ්පාදකවරයා වේ.