වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ක්‍රිකට් එපා කියන ප්‍රීතිගේ කෙනා?

ක්‍රිකට් එපා කියන ප්‍රීතිගේ කෙනා?

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්) සමඟින් ප්‍රීති සින්ටාහටත් ඉහළ ජනප්‍රියත්වයක් ලැබුණා. වසර ගණනාවක්ම සිනමාවෙන් පවා ඈත් වෙමින් අය සිය කාලය කැප කළේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. ඒ වගේම තමා ළඟින් අසුරු කළ නේස් වාඩියා සමඟින් වූ සබඳතාවයත් පසුගිය කාලයේ අයි.පී.එල් ක්‍රිකට් උණුසුම සමඟින්ම නැති වී ගියා.

“මම සමඟින් දැන් ආදරණීය කෙනෙක් ඉන්නවා”. මුම්බායි මිරර් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කළා. “මට දැන් මම සඳහාම කාලයක් තියෙනවා. පසුගිය කාලයම මම වැය කළේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. මම හිතනවා අයි.පී.එල් සඳහා තවදුරටත් මා අවශ්‍ය නැති බව. පසුගිය අවුරුදු අටම මට රංගනයෙන් පවා ඈත් වෙන්න සිදු වුණා. රංගනය කියන්නේ සුවිශේෂ කටයුත්තක්.

එහිදී තමන්ව සුරක්ෂිතව පෙටිටියක දමා අලුත් කෙනෙක් විදියට රංගනයේ නිරත විය යුතු වෙනවා. ක්‍රිකට් නිසා මට ඒ වගේ කැප කිරීමක් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. දැන් නම් මට ක්‍රිකට් වෙනුවෙන් ඒ තරම් කැප වෙන්න ඕනිකමක් නැහැ”. ප්‍රීති පවසනවා. ඒ වුණාත් ප්‍රීතිට හමුවුණේ කවුරුන්ද යැයි නොකියන්න ඇය වගබලා ගෙන තියෙනවා.

පසුගිය 2013 වසරේදී ඇය Ishkq in Paris චිත්‍රපටයට දායක වුණා. එය නිෂ්පාදනය කළෙත් ප්‍රීති විසින්මයි. ඒ වුණත් එය සාර්ථක චිත්‍රපටයක් බවට පත් වුණේ නැහැ. මේ දිනවල ඇය Bhayyaji Superhitt චිත්‍රපටයට දායක වෙමින් සිටිනවා. එහි ප්‍රීති සමඟින් සනී ඩියෝල් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.