වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තා වගේමයි

තාත්තා වගේමයි

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දෙටු පුත් අඛිල ධනුද්ධර දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් චිත්‍රපටයෙන් අතිශය ජනාදරයට පත් ඔහු දැන් නිවේදන කටයුතු සඳහාත් දායකත්වය ලබා දෙනවා.

ඒ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනෙන්. කවදාවත් නිවේදකයෙක් වෙන්න නොහිතපු තමා දවසින් දවස අලුත් වන ජීවිතයේ අලුත් දේ ඉගෙන ගනිමින් ඉදිරියට යන පියවරක් විදියට මේ නිවේදන කටයුත්ත භාර ගත්තා කියලයි අඛිල සරසවියට කිව්වේ.

අඛිල ගැන තියෙන අලුත්ම ආරංචිය තමයි ඔහු සිය දෙවැනි සිනමා නිර්මාණය සඳහා සූදානම් වෙන එක. චිත්‍රපටයේ නම ‘ඇඩ්‍රස් නෑ’. අධ්‍යක්ෂණය කරන්නේ ජැක්සන් ඇන්තනී. වෙනස්ම තාලෙක චිත්‍රපටයක් වන මෙහි අඛිල තරුණයෙකුගේ චරිතයක් තමයි නිරූපණය කරන්න නියමිත.

ලබන නොවැම්බර් මාසයේදී එහි රූගත කිරීම් ආරම්භ කෙරෙන බවත් අඛිල සඳහන් කළා. ඊට අමතරව තවත් චිත්‍රපට රාශියක් සඳහාත් ආරාධනා ලැබුණත් ඒ හැම එකක්ම භාර ගන්න නම් අඛිල තීරණය කරලා නැහැ.

කොහොම උනත් අනාගතයේ සාර්ථක ව්‍යාපාරිකයකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණැතිව අධ්‍යයන කටයුතුවලත් නිරත වන අතර තමයි මේ හැම දේම සිදු කෙරෙන්නේ කියලා අඛිල සරසවියට කිව්වේ බොහොම නිහතමානි ලෙසයි.