වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

සිනමාව තරණය කළ අමරණීය මිනිසා

පසුගියදා අප අතරින් වියෝ වූ චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලකයන් අප පාඨකයන් සිහිපත් කළේ මෙසේය.

ආදරවන්තයෝ සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාව තරණය කළ අමරනාත් චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවට කරන ලද සේවය අමිලය. බෙංගාලි බසින් නිර්මාණය වූ බෞද්ධ චිත්‍රපටය අම්බපාලි මෙරටට ගෙනන්වා සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කිරීමට මූලිකව ක්‍රියා කළ මෙතුමා 1977 වර්ෂයේදී සිරිපාල සහ රන් මැණිකා ඉන්දියාවේ අන්තර් ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර විය.
 

දයාරත්න ගනේගොඩ

කැලණිය

විසිපස් වසරක මිතුදම නිමාවිය

අමරනාත්ගේ අභාවය ගැන කනගාටු වෙමු. ඔහුත් මාත් අතර බැඳුණු වසර විසි පහක මිත්‍රත්වය අවසන් විය.
 

එච්. ඒ. ජයසේන

රනාල

අරුණට පෙර සිනමාවට පිය නැඟූ අ ම ර නා ත්

අරුණට පෙර සිනමාවට පිවිස සිරිපාල හා රන් මැණිකා මුළු ඉන්දියාව පුරාම තිරගත කොට ආදරවන්තයන් ලෙස පෙනී සිටි තිලක හා තිලකා එක් කළේ යුවතිපතීන් ලෙසිනි. අමරනාත් මහා සිනමාකරු සත්‍යජිත් රායිගේ ගෝලයෙකි. ඔහුට නිවන් සැප පතමු.
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

අයිලින් සෝවිස්

රාගම

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

ජාතික රූපවාහිනිය මඟින් මෙතෙක් විකාශය නවතා දමා තිබූ සුහානි රාත් නම් සුමියුරු ගීතාවලිය නැවතත් ගෙන ඒමට කටයුතු කළ එහි අධ්‍යක්ෂිකා විනීතා කරුණාරත්න ඇතුළු රූපවාහිනි සමස්ත බලධාරීන්ට මාගේ ප්‍රණාමය.

එය ඉදිරිපත් කළ යශෝධාටත් සුබපතමි.
 

කිංස්ලි ගුණරත්න

කහවත්ත

අද මෙන් හෙටත් ඔබෙ ගී මල් සුවඳ දැනේ

ජය ශ්‍රී දයාසිරි

නොපළන් කිරුළ ගායන ලොව රජිඳු වුණේ
බැඳුණත් දනන් හද ගැයුමෙන් මිහිර ගෙනේ
අද මෙන් හෙටත් හෙළ මියැසිය සඳුන් වනේ
දයාසිරි ඔබේ ගී මල් සුවඳ දැනේ
 

හර්ෂනාත් බණඩාර

නිකවැරටිය

ඒ රැගුම් හඬවයි අපේ නෙත් ...

හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රංගධරයා සැමරුමකි මේ.

ආසිරි පෙම් වැස්සේ
සුපෙම්වතා වී රිදී තිරයේ
සදා රැඳී මතක අසපුවේ
ඒ රැගුම් යළිත්
මතකයක් ලෙසින්
හඬවයි අපේ නෙත්
නිදා නොසිට එන්න යළිත්
 

ලාලනී රේණුකා

කුරුණෑගල

S.M.S.

නවක නළු නිළියන් පෙම්වතා හො පෙම්වතියගේ චරිත පමණක් රංගනයේ යෙදෙනු පෙනෙයි. ඇත්තටම ඉස්සර චිත්‍රපටවල සිටි විකට නළුවා කෝ. ඇයි තරුණ අය විකට චරිත නොකරන්නේ.
 

සේපාළි

වරකපොළ

අමරසිරි පීරිස් යනු කෙදිනකවත් වයසට නොයන හඬකි. ඔහු සඳුන් ගසක් වැනිය. එන්න එන්න ක්ෂේත්‍රය සුවඳ කරනවා.
 

අප්සරා

නැදිමාල

නවක නිළියනි, පින් සිදුවෙයි චරිතයක් නාට්‍යය ඉවර වන තෙක් රඟපාන්න බැරි නම් භාර ගන්න එපා. ඔයාලා ඉල්ලීම් ඉල්ලලා නොලැබුණු තැන චරිත දාල යනවා. ප්‍රේක්ෂක අපියි අතරමං වෙන්නේ.
 

හංසි

දංකොටුව

වෙනත් රටවල මෙන් ලංකාවේද සිනමා උළෙලක් පැවැත්වෙනවා නම් ගොඩක් හොඳයි.
 

පානුක

කෑගල්ල

අනිසි වැඩකර අහුවන නිළියන් නම් පිටින් පුවත්පත්වල සඳහන් කිරීම හොදයි. එමඟින් සමස්ත නිළි පරපුරම බැනුම් ඇසීමෙන් බේරෙනවා.
 

පෙරේරා

මීගමුව

නාමල් උඩුගම බිහි කළ විරහ ගීත රැල්ලට ගහන්න රැල්ලක් ආවේ නැහැ. එදා ඔහු අපව ගීතයෙන් ඇඬෙව්වා.
 

ගයාන්

මූනමලේ

දුටුවාම හිනා වෙන්නෙ නැති ඉල්ලුවාම දුරකථන අංකය දෙන්නේ නැති කලාකරුවන් මොකටද.
 

දහනායක

පස්සර

චායා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාගේ නෙතට හසුවන රූප රාමු ඉතා සුන්දරයි. චායා ටෙලි නාට්‍යය තමයි ඔබේ හොඳම අධ්‍යක්ෂණය.
 

කේෂානි

වේරහේන

ධර්මදාස - ලතා, පී. එල්. ඒ. - චිත්‍රා, දයාරත්න - අමරා, සනත් - මල්කාන්ති, අතුල - සමිතා, රූකාන්ත – චන්ද්‍ර ලේඛා වැනි ගායක යුගලවල් අද බිහි නොවීම කනගාටුදායකය.
 

සුරේෂ්

ගම්පොළ

චතුරිකා අක්කේ, දැන්වත් ගයාන්ව බඳින්නකෝ.
 

සුලෝ

මීගමුව

තිසුරි යුවනිකා මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය වේවා.
 

ජයන්තා

කඩවත

විශ්ව කොඩිකාර අයියේ, ඔයාගේ හැකියාවන් පුංචි තිරයෙන් අපි ඇති තරම් දැකලා තියෙනවා. එත් ඊටම සීමා නොවී රිදී තිරයටත් එන්නකෝ.
 

පී. එන්. ඒ. නිලුකා

අවිස්සාවේල්ල

කුමාරි

පානදුර

දැන් දැන් කලාත්මක චිත්‍රපටවලට පමණක් ජීවන් කුමාරතුංගව කොටු කිරීම අසාධාරණයකි.
 

අනුලාවතී

කුඩගම

සවී වෙළගෙදර නම් නව පරපුරේ ගායකයාගේ මන බඳිනා මා හැඩකාරී සිංදුව ඇතුළු ඔහුගේ අනිත් සිංදුවල සැබෑ වෙනසක් තියෙනවා.
 

ලක්මාලි

වරකපොළ

සූරය අරණ සිනමාපටයේ පොඩි හාමුදුරුවන් ලෙස රඟපෑ දසුන් මධුසංකව දැන් දැක්කොත් අඳුනන්නවත් බැරි තරම්. පුතේ ඔයා කලාවෙන් ඈත් වෙලාද? පුතා රඟපානවා දකින්න ආසයි.
 

ශ්‍රියානි, උපමාලි, ඉනෝකා

රත්මලාන

සාරංග දිසාසේකරගේ ‘මා දෙනෙත පියවීලා’ මියුසික් වීඩියෝ එකේ ඩිනක්ෂි ප්‍රියසාද් ගොඩක් ලස්සනට රඟපානවා. අක්කේ ඔයාට තියන්නේ හරිම සුන්දර දුටුවන් වශි කරන හිනාවක්. හැමදාම හිනහ වෙලා ඉන්න.
 

නයෝමි වත්සලා

ගලේවෙල

සෙන්ටි ග්‍රේඩ්ස් හි තුසිත් නිරෝෂනගේ මියුසික් නම් මාරයි.
 

මල්ශාන්

නුවර

මිනි කැට පැරැදූ නෙතු සඟළකි සබීතා.
සලඹක හැඬූ විට රඟන සමනලිය ගීතා.
නළඟනන් පැරැදූ සුරූපී නාග කන්‍යාවිය දිල්හානි.
සිනමා අඹරම සුවඳ කළ ආකාස කුසුමිය මාලිනී.
 

සංක

පානදුර

දයාබර මංජුලා කුමාරිට,
ඔබව අගනා ලෙස ඕලු සහ සපුමලී ටෙලි සිතුවම්වලින් අප දුටවෙමු. නැවතත් එවන් වූ චරිතයකින් ඔබව දකින්නට ඕනෑ.
 

දිලිනි, චන්ද්‍රමාලි

මාතර

අයි නෝද මෙලෝ දෙයක් පුතා?

සමහරු රියැලිටි ෂෝවලට ජජ් කරන්නට එන අය එන්නේ ජජ් කරන්නට නෙවෙයි, එයාලට ඉංගිලිෂ් කතා කරන්න පුළුවන් බව පෙන්වන්න. සමහර ජජස්ලා කියන දේවල් තරඟකරුවන්ට තේරෙන්නෙත් නැහැ.
 

සංජීව

හෙට්ටිපොළ

‘තඹ පාට’ හොඳ පාඩමක්

හිරු නාලිකාවේ විකාශය වන තඹ පාට හැන්දෑව ටෙලි සිතුවම කාලෝචිත මාතෘකාවක් යටතේ නිර්මාණය වූවකි. මෙය අපේ කාලයේ මවුපියන්ට හොඳ පාඩමක් කියා දෙන්නකි.
 

අනූෂා

රත්මලාන

මාධව විජේසිංහට,
දෙරණ ලිට්ල් ස්ටාර්ස් හි මාධව නිවේදන කටයුතු කරන අයුරු හරිම ලස්සනයි. එමෙන්ම ටෙලි නාට්‍යවල ඔහු රඟපාන අයුරු ද අපූරුයි. මාධව තමා පුංචි තිරයේ අපේ වීරයා.
 

අශෝකා, වත්සලා, චන්දන

අම්බලන්තොට

රස ලොව සිහල සිනමා රන් පියුම් විලේ
ඇස රසඳන් මවා විකසිත නිසංසලේ
කුස පබා පියුම නිබඳව හරසරින් දිලේ
හසරැලි මවයි මුව ආසිරි පවන් සැලේ
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

තරු නිසා තමන්ගේ ගීතත් බෑ . . .

වර්තමානයේ බිහිවන සුපිරි තරු පංතියේ ගායක ගායිකාවන් නිසා පැරැණි ගීතයක මුල් හිමි කරුවන්ටවත් තමන්ගේ ගීත ගැයීමට නුපුළුවන.

ක්ෂේත්‍රයට පැමිණීමට අනුන්ගේ ගීත ගැයුවාට කම් නැත. එහෙත් ඉන් පසුව තමන්ගේ ගීත නිර්මාණය කර ගත යුතුය. ඒ වගකීම සුපිරි තරු බිහි කරන මාධ්‍ය ආයතනය දැරිය යුතුය.
 

දමයන්ති කුමාරි

හොරණ

ආශා,
පුංචි තිරය නරැඹීමේ ආශාව වැඩි කළා.
 

දිල්හානි

මාතලේ

ප්‍රතිචාර එවන විට හුදෙක්ම සුබපැතුම්වලට වඩා යමක් දැනෙන අදහසක් එවීම අගනේය. එමෙන්ම එකම කලාකරුවන්ට හෝ කලා නිර්මාණයන්ට සතිපතා ප්‍රතිචාර එවීමට වඩා විවිධත්වයෙන් යුතු සිතැඟි මෙම ඉඩට එවීමෙන් ප්‍රතිචාර තීරය තවත් ලස්සන වනු ඇත.

0752805047 මේ අංකය ඔබේ කෙටි පණිවුඩ වෙනුවෙනි.

තැපැල් හෝ සටහන් පත් නම්
ප්‍රතිචාර, ‘සරසවිය’, ලේක්හවුස්,
කොළඹ 10.