වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ජනපති අතින් ජගත් චමිලට නව නිවසක්

ජනපති අතින් ජගත් චමිලට නව නිවසක්

නිව්යෝර්ක් සිිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ රංගන ශිල්පි ජගත් චමිලට මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නව නිවසක හිමිකම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිරිනමන ලදී.

ජනපති ප්‍රධානත්වයෙන් පසුගිය 07 වැනිදා පැවැති ලෝක ජනාවාස දින සැමරුම් උළෙලේදි ජන සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ නිවසක හිමිකම මෙලෙස ජගත් චමිලට ප්‍රදානය කෙරුණු අතර මෙම අවස්ථාවට ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ද සහභාගි විය. ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සහ අමාත්‍ය සිනමා නළු ජීවන් කුමාරණතුංග ද මේ අවස්ථාවට එක්වූහ.