වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ඒ සංවේදී ගීතය ගැයූ සුරලි හඳුනාගනිමු

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ඒ සංවේදී ගීතය ගැයූ සුරලි හඳුනාගනිමු

‘කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ

නෑර කැටුව ආවා මම සරණ ගෙනේ

භාවනාව තොර නොකරමි සිතින් අනේ

මාලිගාව අද අඳුරුයි ස්වාමිණි . . .’

මේ යසෝදරා වත ඔබ පසුගිය කාලයේ අසන්නට ලැබුණේ සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයෙන්. ඉතාමත් මිහිරි හඬින් එය ගායනා කළත් ඒ හඬ නම් අපට තරමක් නුහුරුයි. ඇය සුරලි ඇන්ජලා ප්‍රනාන්දු.

* සුරලි දැන් අපට ආගන්තුක නොවුණත් ඔබේ වැඩි විස්තර දැනගගන්න රසික රසිකාවන් ආසාවෙන් ඇති?

ශ්‍රීී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය තමයි මගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනය. මම දැනට පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. වයස අවුරුදු දහසය වෙනකල් ලංකාවේ පදිංචි වෙලා හිටියේ. බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලේ සංගීත තරගවලට ඉදිරිපත් වුණා වගේම පාසලේදී නාට්‍ය ගීත පවා ගායනා කළා.

* ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ පසුබිම් ගායනයට අවස්ථාව ලැබුණේ?

මම මීට පෙර මගේම ගීත තුනක් නිර්මාණය කරලා තිබුණා. ලොස් ඇන්ජලිස්හි පැවැති සංගීත සංදර්ශනයකට සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙකු වූ ජෙෆ් ගුණවර්ධන ඇවිත් තිබුණා. ඔහු ඇමරිකාවේ කොන්සල් ජෙනරල්වරයෙක්. ඔහු මං ගීත ගායනා කරනවා දැකලා තමයි මේ සඳහා ආරධනා කළේ.

* ලැබුණු ප්‍රතිචාර ගැනත් කියමු?

යසෝදරාවත දැනගෙන හිටියත් මේ විදියට අහල නැති නිසා ඒ ගැන ගොඩක් දෙනා ස්තුති කළා. හිත් ගොඩක් සංවේදී වුණා කියලා බොහෝ දෙනෙක් මගේ ෆේස් බුක් පිටුවේ සඳහන් කරලත් තිබුණා. විෂුවල් එකත් එක්ක ගීතයක් ලෙස අසන්නට ලැබීම ගැන සතුටුයි කියල ගොඩක් අය සුබපැතුවා.

* සුරලි සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ද බලාපොරොත්තුව?

ඔව්. මගේ බලාපොරොත්තුව සංගීත ක්ෂේත්‍රයෙන් සාර්ථකව ඉදිරියට යන්න තමයි. මම ඇමරිකාවේ යූ. සි. බර්කලි විශ්ව විද්‍යාලයෙන් දර්ශන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තා. පසුව ව්‍යපාර සංවර්ධන නිලධාරිනියක ලෙස අවුරුදු පහක් සේවය කළා. සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට ආරාධනා ලැබුණාම මම රැකියාවෙන් පවා ඉවත් වුණේ සංගීත ක්ෂේත්‍රයට තියෙන ඇල්ම නිසාමයි. මේ වන විට තවත් චිත්‍රපටයක පසුබිම් ගායනයට ආරාධනා ලැබිලා තියෙනවා.

* පවුලේ විස්තරත් කියමු?

තාත්තා සුනිල් ප්‍රනාන්දු. අම්මා රොහිණී ප්‍රනාන්දු. පවුලේ එකම ළමයා මම. සංගීත ක්ෂේත්‍රයට යොමුවිම ගැන ගෙදරින් කිසිම බලපෑමක් කළේ නැහැ. මගේ දක්ෂතා ඔස්සේ ඉදිරියට යන නිදහස මට හැමදාම තිබුණා. ඒ නිදහස වගකීමක් කරගෙන මම මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන ගියා. නෙට්බෝල්, බාස්කට්බෝල්, මලල ක්‍රීඩාවලටත් සහභාගි වුණා. නමුත් කුඩා කාලයේ පටන්ම සංගීතයට ලොකු ලැදියාවක් තිබුණා. ඒ නිසාම වෙන්න ඇති මේ ගමනට ගෙදරින් මට පූර්ණ සහයෝගය ලැබුණේ.

* ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් සටහනක් තියමු නේද?

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ‘ඈත සසර’ ගීතය රචනා කළේ රඹුකන සිද්ධාර්ථ හමුදුරුවෝ. උන්වහන්සේගේ රචනා ශෛලිය මම ප්‍රිය කරනවා. ඒ නිසා උන්වහන්සේ රචනා කළ ගීතයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුª වෙනවා. ඒ සඳහා කටයුතු දැන් සම්පාදනය වෙමිනුයි තිියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනෑ බොළඳ ආදර ගී වලට නම් මම කැමැති නැහැ. වසර ගණනාවක් පුරා රසික හිත් තුළ රැෙඳන ගීතයක් කරන්න තමයි මට ඕනෑ.

මීට අමතරව මේ වන විටත් මගේ ඉංග්‍රීසි ගීත දෙකක් නිර්මාණය කරලා අවසන්. බොලිවුඩයේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක් වන ක්‍රිෂ්ණා තමයි එහි සංගීත අධ්‍යක්ෂණය කළේ. පසුගිය දිනවල ලංකාවේදී ඒ සඳහා විෂුවල් කළා. පළමු ගීතය ‘ආයුබෝවන් නමස්තේ’ ලබන දෙසැම්බර් මාසයේදීත් දෙවැනි ගීතය ධ්බ’ඵ දධබ ඹ්ධමඥ ගීතය ලබන වසර ආරම්භයේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.