වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ඇමැති කොමසාරිස් වෙලා

ඇමැති කොමසාරිස් වෙලා

අමාත්‍ය ටී. බී. ඒකනායක කොමසාරිස්වරයෙක් වෙලා කියලා ආරංචි වුණා. ඇමැති තනතුරින් ඉවත් වෙලා කොමසාරිස් තනතුරකට එන්නේ කවුද? ටී. බී. ඒකනායක ඇමැතිතුමා එහෙම කළේ ඇයි කියලා අපි හොයලා බැලුවා.

ඇත්තටම නම් ඇමැතිතුමා ඇමැති තනතුරෙන් ඉවත් වෙලා නැහැ. එතුමා කොමසාරිස්වරයකු වෙන්නේ අනුරුද්ධ ගාම්භීරආරච්චිගේ පැතුම් මල් වසන්තේ ටෙලි නාට්‍යයෙන්.

ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඇමැතිතුමා මේ දවස්ල වැඩිපුර රංගන කටයුතු භාර නොගත්තත් මේ ටෙලි නාට්‍යය හොඳ නිසා භාර ගත්තා කියලත් අපිට ආරංචි වුණා. ඒ වගේම මෙහිදී වෙනත් චරිතයක් සඳහා ඇමැතිතුමාට ආරාධනා කළත් එතුමා සිය කැමැත්තෙන්ම කොමසාරිස් චරිතය භාර ගත්තා කියලා ආරංචියි.

පැතුම් මල් වසන්තේ ටෙලි නාට්‍යයේ රූගත කිරිම් කටයුතු මේ දවස්වල මුල්ලේරියාව අවට ප්‍රදේශවලදී සිදු කෙරෙමින් තියෙනවා. ඒ වගේම ළඟදීම මේ ටෙලි නාට්‍ය පුංචි තිරයෙන් දිග හැරෙන්න නියමිතයි. පැතුම් මල් වසන්තේ ඩෝෂන් බාලගේ ගේ නිෂ්පාදනයක්.

ඒ වගේම ළඟදී විකාශය වන සුදත් රෝහණගේ ගිරිකුළ ටෙලි නාට්‍යයේත් ඒකනායක ඇමැතිතුමන් චරිත නිරූපණය කරන්න නියමිතයි.